34. කූට විනිශ්චයික ප්‍රේතයාගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

34. කූට විනිශ්චයික ප්‍රේතයාගේ කථාව :-

1. ´´ දිවමල් දරන්නාවු හස් වෙඑම් ඇති බාහු වලලු ඇත්තෙහිය. තාගේ ශරීරය සඳුන් රස ගල්වන ලද්දාහ. මුහුණේ පාට පැහැදැලැය තරුණ සූය්‍ර්‍යයා වැනි පැහැය ඇතිව බබළයි.

2. ´´ යුෂ්මතාගේ අත් පා මෙහෙ කරන්නාවු දෙවිවු යම් මේ පිරිසෙහි වුවෝ වෙත්ද, නුඹගේ යම්යම් පරිවාරිකාවු දස දහසක් දෙවඟනෝ වෙත්ද ඔවුහු,

3. ´´ සක් වළලු හා අඟු පළචනා දරන්නාහ. රුවන් මුදුන් මල් කඩින් සැරසුනාහ. නුඹ ලොමු දැහැගැනුම් ස්වභාව ඇති මහත් අනුභාව ඇත්තෙහිය. තමාගේ පිට මස් තෙමේම කන්නෙහිය.

4. ´´ කයින් වචසින් මනසින් කිනම් දුශ්චරිතයක් කරණ ලදද, කිනම් අකුශල කර්මයක් හුගේ විපාක හෙත්‍රවකින් තමාගේ පිට මස් තෙමේම කඩාගෙන කන්නෙහිද?

5. ´´ මම මිනිස් ලොවදී කේලාම් බොරු කීමෙන්ද කෛරාටික කමින් හා වංචාවෙන්ද තමහට අවැඩ පිණිස හැසුරුනෙමි.

6. ´´ එහිදී මම පිරිස් මැදට ගොස් හැබෑ කියන්නට යුතු කාලය පැමිණ සිටි කල්හි වැඩ ඇති කාරනය හැර දමා අධර්මය අනුව පැවතුනෙමි.

7. ´´ යම් සේ මම අද තමාගේ පිට මස් කම්ද යමෙක්තෙම අනුන් පිට මස් කන්නේ (නැති තැන නින්‍දා කරන්නේවේද) එතෙම මෙසේම කයි.´´

32. මිගලුද්දක ප්‍රේතයාගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
32. මිගලුද්දක ප්‍රේතයාගේ කථාව :-

1. ´´ තරුණ දෙවතාවන් හා දිව්‍යප්සරාවන් විසින් පිරිවරණ ලද්දාවු සිත්කඑවු කාමකොඨසයන්ගෙන් යුක්තව රාත්‍රි කාලයෙහි හොබනෙහිය. දවල් කාලයෙහි දුක් අනුභව කරන්නෙහිය. පූර්‍වජාතියෙහි කිනම් කර්‍මයක් කෙළෙහිද?

2. ´´ මම රම්‍යවු සිත්කඑවු ගිරිබ්බජ නම්වු රජගහ නුවර පූර්‍වජන්මයෙහි ලේ වැකුණු අත් ඇති දරුණුවු මුව වැද්දෙක් වීමි.

3. ´´ එකල්හී ඉතා දරුණුවු පරපීඩාවෙහි ඇලුනු නොහික්මුනාවු කිසිවෙකු සමග විරුද්Ȁdධයක් නොකරන්නාවු බොහෝ සත්‍වයන් කෙරෙහි දූෂිතවු සිත් ඇතිව හැසුරුනෙමි.

4. ´´ ඒ මට යහපත් සිත් ඇති ශ්‍රද්Ȁdධාවත්වු උපාසක මිත්‍රයෙක් විය. හෙතෙමේද අනුකම්පා කරමින් නැවත නැවත මා වැලැක්වීය.

5. ´ සහෝදරය, ලාමක අකුශල කර්‍මය නොකරව දුගතියට නොයව පරලොවදී සැපය ඉදින් කැමති නම් අසංවරවු ප්‍රාණාත අකුශලයෙන් වෙන්වෙව.

6. ´´ සැප කැමතිවු හිත අනුකම්පා ඇති ඔහුගේ වචනය අසා බොහෝ කල් පවෙහි ඇලුනාවු නුවණ නැත්තාවු මම සියලු අනුශාසනාව නොකෙළෙමි.´´

7. යහපත්වු බොහෝ නුවණැති ඒ උපාසකතෙම නැවත දයාවෙන් මා සුචරිතයෙහි පිහිටවිය. ඉදින් දවල් කාලයෙහි සත්‍වයන් නසන්නෙහි නම් යලිත් රාත්‍රියෙහි තාගේ සංවරය ඇතිවේවා.

8. ´ ඒ මම දවල් කාලයෙහි සත්‍වයන් නසා රෑ කාලයෙහි වෙන්වුයේ සංවර ඇත්තෙක් වීමි මම රාත්‍රියෙහි ඉඳුරන් හසුරුවමි නොහොත් දෙව් සැප විඳිමි. දවල් කාලයෙහි දුකට පත්වුයේ දුක් විඳිමි.

9. ´´ ඒ කුශල කර්‍මයාගේ විපාකයෙන් රාත්‍රියෙහි දිව සැප වළඳමි. දවල් කාලයෙහි බද්ධ වෛර ඇත්තවුන් සේ සුනඛයෝ හාත්පසින් කෑමට දිව එත්.

10. යම් ඒ පුරුෂයෝ වනාහි තථාගත ශාසනයෙහි ස්ථිර වශයෙන් දැඩිසේ යෙදුනාහු නිතර අනුයොගවත්වුවෝ වෙත්ද, ඒ පින්වත්හු හුදෙක් රැස්කිරීමෙන් තොර නිර්‍වණයටම පැමිණෙත්යයි සිතමි.´´

30. කුමාර ප්‍රෙතයාගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

30. ´´කුමාර ප්‍රෙතයාගේ කථාව :-

1. ශස්තෘන් වහන්සේ යම්සේ පුද්ගලයා ප්‍රකාශ කල සේක්ද, සර්‍වඥයන් වහන්සේගේ සර්‍වඥතා ඥනය ආශ්චය්‍ර්‍ය ස්වභාව ඇත්තේය. අධික කුශල ධර්‍ම ඇත්තාවුද සමහර පුද්ගලයෝ වෙත්මය. ඉතා සුලු පින් ඇත්තාවුද සමහරු වෙත්මය.

2. ´´ සොහොනෙහි බහාලන ලද මේ කුමාර තෙම ඇඟිල්ලෙන් වැගුරුනු කිරෙන් රාත්‍රියේ යැපෙයි. කරන ලද පින් ඇති කුමරා යක්‍ෂ භූතයොද නොපෙලුවාහුය. සර්‍පජාතිහුද පීඩා නොකළාහුය.

3. සුනඛයෝද මේ කුමරුගේ පාදයන් පිරිමැද්දාහුය. කවුඩෝද සිවල්ලුද ඔබි මොබ පෙරලත්, පක්‍ෂි සමුහයා ගැබ් මල පහ කරත්, කවුඩෝ වනාහි ඇස් මල පහ කරත්.

4. ´´ කිසි මනුෂ්‍ය කෙනෙක් මේ කුමරුගේ රැකීම නොකළාහුය. ඖෂධ හෝ අබදුම්දීම හෝ නොකලාහුය. නැකත් යොාගද නොගත්තාහුය. ඇල් ආදී සර්‍වධාන්‍යයන්ද නොවිසුරුවාහුය.

5. – 6. ´´ රාත්‍රියෙහි ගෙනෙන ලදුව සොහොනෙහි දමන ලද්දාවු ඉතාම දුප්පත්වු වෙඬරුපිඩක් බඳුවු වෙවුලන්නාවු ජීවත් වේදෝ නොවේදෝයි සැක සහිතවු ජීවිත මාත්‍රයම ඉතිරිවු මෙබඳුවු ඒ කුමරු දෙව් මිනිසුන් විසින් පුදන ලද්දාවු මහා ප්‍රාඥවු තථාගතයෝ දුටුසේක. ඔහු දැකුම මේ කුමරතෙම මේ නුවර භොගසම්පත්තියෙන්ද කුලයෙන්ද උසස් කෙනෙක් වන්නේයයි´´ ප්‍රකාශ කළසේක.

7. ´´ මේ කුමරුගේ ව්‍රතසමාදානය කුමක්ද, ශ්‍රෙෂ්ඨ හැසිරීම කුමක්ද, මොනවට පුරුදු කරන ලද්දාවු කෙබඳුවුවක් හුගේ මේ විපාකය වේද, මෙබඳුවු විපතට පැමිණ එබඳුවු කී පරිදි සම්පත්ද දිව්‍ය සම්පත්ද නැවත වළඳන්නේද?

8. ´´ ජන සමුහයා බුද්ධප්‍රමුඛවු භික්‍ෂුසංයාහට මහත් පූජාවක් කෙළේය. එහිදී මොහුගේ සිතට අගෟරවයක් ඇතිවිය. යහපත් සභාවෙහි නොකිවයුතුවු රඑ වචනයක් කීයේය.

9. ´´ හෙතෙම නැවත ඒ ලාමක විතර්‍කය පහකොට ප්‍රීතියද ප්‍රසාදයද ලැබ ජේතවනයෙහි වැඩවසන්නාවු තථාගතයන් වහන්සේට සත් දිනක් කැඳ දානයෙන් උපස්ථාන කෙළේය.

10. ´´ මොහුගේ ඒ ව්‍රතසමාදානයද ඒ ශ්‍රෙෂ්ඨ චය්‍ර්‍යාවදවේ. මනාසේ පුරුදු කරන ලද්දාවු ඒ කර්මයාගේ මේ විපාකය වේ. මෙබඳු විපතට පැමිණ එබඳුවු ඒ උක්තප්‍රකාර සම්පත්ද දිව්‍ය සෘද්Ȁdධියද නැවත වළඳන්නේය.

11. ´´´ ඒ කුමාර තෙම මේ මිනිස් ලොවම අවුරුදු සියයක් මුඑල්ලෙහි සියලු කාම සැපතින් යුක්තව සාට ශරීරයාගේ බිඳීමෙන් ශක්‍රයාගේ සහභාවයට යන්නේය.´´

29. භුස (බොල්) ප්‍රෙතයාගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
29. ´´ භුස (බොල්) ප්‍රෙතයාගේ කථාව :-

1. ´´ එකෙකේ ගැලී වී බොල් හිස විසුරුවා ගනී. නැවත තවත් එකෙක් හිස සිඳීමට පැමිණෙයි. මේ ස්ත්‍රියද තම පිට මස් හා ලේ අනුභවකරයි. තී ද අපවිත්‍රවු පිළිකුල් කටයුතුවු අශුචි අනුභව කෙරෙහිය. කවර අකුශල කර්මයක්හුගේ මේ විපාකය වේද?´´

2. ´´ මේ තෙම පෙර මවට හිංසා පීඩා කෙළේය. මෙතෙම කූට වෙළෙන්දෙකි. මො තොමෝ මස් කා බොරු කීමෙන් වංචා කළේය.

3. ´´ මම මිනිස් ලොව මනුෂ්‍යයෙක්ව සියලු කුශලයට ඊශ්වරවු ගෘහපතියෙක් වීමි. ධනය ඇති කල්හිම නැතැයි අඟවා මෙයින් කිසිවක් නුදුනිමි.

4. ´´ මෙය මාගේ ගෙයි නැතැයි බොරු කියමින් වසාලීම් ඉදින් මාගේ ගෙයි ඇතිව සඟවන්නෙම් නම් මාගේ ආහාරය අශුචි වේවා.

5. ´´ ඒ අකුශල කර්මයාගේද මුසාවාද අකුශලයාගේද, කර්මදෙදෙනාගේ විපාක හේතුවෙන් සුවඳැල් සහල් පිළිබඳවු බත මා හට අශුචි බවට පෙරළෙයි.

6. ´´ කුශලා කුශල කර්මයෝ හිස් නොවෙත්. එය කර්‍මය නොවැනසේමය. දුඟඳවු හටගත් පණුවන් ඇති අශුචි අනුභව කරමි. පානයද කරමි.´´

28. රථකාර ප්‍රේතයාගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
28. රථකාර ප්‍රේතයාගේ කථාව :-

1. මහත් දිව්‍ය අනුභාව ඇති දෙවඟන, වෛධුය්‍ර්‍යමය කණු ඇති මනොඥවු පැහැ විහිදෙන්නාවු, නොයෙක් සිතියමින් සැරසුනු විමන්ට නැගී අහස්තලයෙහි පසලොසවක දින චන්ද්‍රයා මෙන් ඒ විමනෙහි හිඳිනෙහිය.

2. ´´ තිගේ ශරීර වර්ණයද ඔප් නැගූ ස්වභාව ඇත්තේ රන් හා සමානවුයේ අතිශයින් දර්ශනය වෙයි. බොහෝ වටිනා ශ්‍රෙෂ්ඨ ආසනයෙහි තී හුදෙකලාව හිඳින්නී වෙයි. තිට හිමියෙක්ද නැත්තේය.

3. තිගේ මේ පොකුණු හාත් පස බොහෝ මල් ඇත්තාහ. බොහෝ සුදු පියුම් ඇත්තාහ. රුවන් වැල්ලෙන් හාත්පස ගැවසි ගත්තාය. එහි මැද දිය සෙවෙල්ද නැත්තේය.

4. ´´ දර්ශනීය වූ මනෝරම්‍යවු මේ හංසයෝද, ජලයෙහි සෑම කල්හි ඔබ මොබ සැරි සරත්. සියල්ලෝම එක්ව පිඩු කල නාද ඇතිවිට ගෙරින්ගේ ාෙෂණය මෙන් මිහිරි කොට නාද කරත්.

5. ´´ එම්බා ඉසුරුමතිය, තී දිව්‍යමය සෘද්ධියෙන් ඉතාමත් දිලිසෙමින් රුවන් නැවෙහි එල්බී හිඳිනෙහි වෙඑන නිල් දික් ඇස් ඇත්තී ලොව ඇති සිනහ මුව ඇති ප්‍රිය වචන කියන්නාවු ශොභන අංගප්‍රත්‍යංග ඇත්තිය. අතිශයින් බැබලෙයි.

6. ´´ මේ විමන රජස් රහිතවු, සම භූමියෙහි පිහිටියාවු නන්දන වනයෙන් යුක්තවු සැප ප්‍රීති වර්ධනය කරන්නකි. අලාමක දැකුම් ඇති ස්ත්‍රිය මම තී හා සමග නන්දන නම්වු, මේ නන්දන වනයෙහි ඇලෙන්නට කැමැත්තෙමි.´´

7. ´´ මෙහි විපාකද වින්ද යුතුවු, කුශල කර්මයක් කරව. නුඹගේ සිතද මෙහි පිහිටවා මෙසේ මතැන විපාක වින්ද යුතුවු කුශල කර්‍මය කොට කැමතිවිය යුතු කාමයෙන් යුක්තවු මා ලබන්නෙහිය.

8. හෙතෙම මැනවැයි ඇගේ වචන පිළිගෙන එහි විපාක විඳීමට සුදුසු වු කුශල කර්‍මය කෙළේය. මානවකතෙම එතැන්හි වින්ද යුතුවු කුශල කර්මය කොට ඇගේ ස්වභාවයට පැමිණියේය.

27. සාණවාසී ප්‍රේතයාගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
27. සාණවාසී ප්‍රේතයාගේ කථාව:-

1. ´´ කුණ්ඩි නම් නුවර උපන් සම්බන්‍ධ කම් ඇති සාණු පර්‍වතයෙහි වසන්නාවු නමින් පොඨපාද නම්වු සමිත පාපීවු වඩනාලද ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන් ඇති ස්ථවිරනමක් විය.

2. ´´ ඒ තෙරුනගේ මවුද පියාද සහෝදරයා දුක්ඛිතවුද ප්‍රේත ලොකයෙහි උපන්නාහුය. පව්කම් කොට මෙයින් ප්‍රේතලොකයට ගියාහුය.

3. දුකට පත්වු ඉඳිකටු බඳු රූක්‍ෂ වස්ත්‍රදියෙන් පීඩිතවු ක්ලාන්තවු කාය චිත්ත ඇති නග්නවු කෘශවු බියෙන් තැති ගන්නාවු හටගත් මහත් බිය ඇති දරුණු කර්‍ම කළාවු ඒ ප්‍රේතයෝ තමන් නොදක්වත්.

4. ඒ තෙරුන්ගේ සොහොයුරුතෙම බියෙන් දුරුව නිර්‍වස්ත්‍රව තනිව මාර්‍ගයෙහි යන්නේ සතරට වකුටුවී තෙරනුවන්ට තමා දැක්විය.

5. ස්ථවිර තෙමේද මෙනෙහි නොකොට නිශ්ශබ්දවුයේ වැඩි සේක. ඒ ප්‍රේත තෙමේද ´´ මම සහෝදරයෙමි ප්‍රේතාත්මයට පැමිණියෙමියි´´ තෙරුන්ට දැන්වීය.

6. ´´ ස්වාමිනි, නුඹගේ මවුද පියාද ප්‍රෙත ලොකයෙහි උපන්නෝ දුකට පත් වූවොය. පවිටු කර්‍මයක් කොට මෙයින් ප්‍රේත ලොකයට ගියෝය.

7. (මේ ඡෙදය මේ කථාවේ 3 වෙනි ඡෙදය මෙනි )

8. කරුනාවන්තවු ඔබවහන්සේ අපට අනුකම්පාකරනු මැනව. දන්දී පින් පමුනුවනු මැනව. නුඹ වහන්සේ විසින් දෙන ලද දාන හේතුවෙන් ක්‍රූර කම් ඇත්තෝ යැපෙන්නාහ.´´

9. ස්ථවිරතෙම තවත් භික්‍ෂුන් දොළොස් නමක්ද පිඬු පිණිස හැසිර බත් වැළදීම නිමිත්ත කොට එකට රැස්වුවාහුය.

10. ස්ථවිරතෙමේ ´´ ලද යම් යම් දානය මට දෙව. නෑයන්ට අනුකම්පා පිණිස සඟ බත් කරන්නෙමියි.´´ ඒ සියල්ලන්ටම කීයේය.

11. ´´ තෙරුන්ට භාර කළාහුය. ස්ථවිරතෙම සංයා ආරාධනා කෙළේය. ස්ථවිරතෙම දන්දී මවටද පියාටද සහෝදරයාටද,

12 – 13. ´´ මාගේ නැයන්ට මේ පින වේවා. නෑයෝ සුවපත් වෙත්වායි´´ පින් පැමිණවිය. පින් පැමිණවීමට අනතුරුවම පවිත්‍රවු ප්‍රණීතවු මිහිරිවු නොයෙක් රසමසවුලෙන් යුක්තවු දිව බොජුන් පහළ විය. ඉන් පසු සහෝදරයා වර්‍ණවත්වූයේ ශක්තිමත්වූයේ සුවපත්වූයේ තමා දැක්වීය.

14. ´´ ස්වාමීනි බලනු මැනවි. බොහෝවූ දිව්‍ය භොජන ලබන ලදී. අපි නග්නයෝ වෙමු. ස්වාමීනි යම් සේ වස්ත්‍ර ලබමුද. එසේ වෑයම් කරනු මැනව.´´

15. ස්ථවීර තෙමේ දමනලද රෙදි කැබලි කසල ගොඩින් අහුලාගෙන රෙදි කැබලි වත්‍රයක් කොට සිව්දිගින් වැඩි සංයාට දුනි.

16. ´´ ස්ථවිර තෙම දන් දුන්නේය. ´´ මවටද පියාටද සහෝදරයාටද මාගේ නෑයන්ට මේ පින වේවා නෑයෝ සුවපත්වෙත්වායි´´ පින් පැමිණ විය.

17. පින් පැමිණවිමට අනතුරුව පවිත්‍රවු ප්‍රණීතවු මිහිරිවු නොයෙක් රසමසවුලෙන් යුක්තවු දිව්‍ය වස්ත්‍ර පහළ විය. ඉක්බිති යහපත් වස්ත්‍ර හැන්දේ තමා තෙරුනට පෙනී සිටියේය.

18 – 19 – 20 ( මේ ඡෙද 13 කථාවේ 16 – 17 – 18 මෙනි) ´´ ස්වාමීනි මම යම්සේ ගෙයක් ලබම්ද එසේ වෑයම් කරණු මැනව.

21. ´´ තෙරුන් වහන්සේ කොළ ගෙයක් කොට සතර දිගින් වැඩි සංයාට දුන්නේය.

22. (මෙහි මේ කථාවේ 16 ඡෙදය යොදාගත යුතුයි ) පින් පැමිණවීමට අනතුරුව ගෙවල් පහළවූවාහුය.

23. බෙදන ලද්දාවු කොටස් වශයෙන් පිරිසිදින ලද්දාවු කුඑගෙවල් හා නිවෙස්වු ගෘහයෝ පහළවූහ. මේ ප්‍රේත ලොකයෙහි අපගේ ගෘහයෝ යම්බඳු වෙත්ද එබදු ගෘහයෝ මිනිසුන් අතර නොවෙත්.

24. ´´ දෙව්ලොව යම් බඳු පහයෝවෙත්ද මෙහි එබඳුවු අපගේ ගෘහයෝ ඉතාමත් දිලිසෙමින් හාත්පස සිවුදිගින් බබුලුවත්.

25. ´´ ස්වාමීනි, දැන් අපට පැන් ලැබෙන පරිද්දෙන් වෑයම් කරණු මැනව´´ එවිට ස්ථවීර තෙමේ පැන් පිරවු ඩබරාව පුරවා සතර දිගින් වැඩි සංයාට දුන්නේය.

26. එසේ දී තෙරුන් වහන්සේ ´´ මවුපියන්ට හා සහෝදරයාටද මාගේ නෑයන්ට මේ පින වේවා නෑයෝ සුවපත්වෙත්වායි´´ කියා පින් දුන්නේය.

27. එකෙනෙහිම දිව පැන් පහළ විය. ගැඹුරු සතරැස් පොකුණු මැවුනාහ.

28. ඒ පොකුණු සුදු වැලිතලාවෙන් හා ජලයෙන් යුක්තවුහ. යහපත් තොටුපල් ඇත්තාහ. සිහිල් ජලය ඇත්තාහ. මනා සුවඳින් යුක්තවුහ. ඒ ඒ තැන ජල මත්තෙහි රතු පියුම් සුදු පියුම් ආදී මල් රේණු බරින් වැසී පිරුණාහ.

29. එහි නා බී තෙරුන්ට දැක්වුහ. ´´ ස්වාමීනි, බොහෝවු දිව පැන් පහළ විය. අපගේ පාදයෝ දුකින් පැලෙත්.

30. ´´ කැටගල් ඇත්තාවුද කුසකටු ඇති භූමි ප්‍රදේශයෙහි ඇවිදින්නාහු කොර ගසමින් යම්හ. ස්වාමීනි යම්සේ යානාවක් ලබමුද එසේ උත්සාහ කරණු මානව´´

31 – 32. ස්ථවීර තෙම සම් පටක් ඇති වහන් සඟලක් ලැබ සතර දිගින් වැඩි මහ සංයාට දුනි. මව්පියාදීන්ට පින් දුන්නේය. එකෙනෙහිම දිව්‍ය රථ පහළවී ප්‍රේතයෝ දිව්‍ය රථයෙන් පැමිණියාහුය.

33. ´´ස්විමීනි, ඔබ වහන්සේට යහපතක්ම වේවා. ආහාර දානයෙන්ද ගෘහ දානයෙන්ද පැන් දීමෙන්ද යාන දානයෙන්ද උභය දානයෙන් අනුකම්පා කරණ ලද්දේ වම්හ. ස්වාමිනි, ලොකයෙහි කරුණා සම්පන්නවු ඔබ වහන්සේ වැඳීමට පැමිණියෝ වෙමු.´´

26. අභිජ්ජමාන (නොගැටෙන) ප්‍රේතයාගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

26. අභිජ්ජමාන (නොගැටෙන) ප්‍රේතයාගේ කථාව
1. ´´ එම්බා ප්‍රේතය, ගංගා නදියගේ පා තැබීමෙන් නොගැටෙන දිය මතුයෙහි නිර්‍වස්ත්‍රවු පූර්‍වාර්ධයෙන් දෙවියකු වැනිවු මල්මාලා පැළැන්දාවු සරසනලද හිස ඇතිව මෙහි යන්නෙහිය. කොතැන්හි යන්නෙහිද? විසීම කොහි වන්නේද?´´

2. වාසභ ගමටත් බරණැසටත් මැද බරණැසට සමීපවු චුන්‍දත්‍ථික නම් ගමට යන්නෙමියි´´ ඒ ප්‍රේතතෙම කියයි.

3. කොකාලියයි කියා ප්‍රකටවු මහා ඇමතිතෙම ඒ ප්‍රේතයා දැක ප්‍රේතයා සඳහා අක්සුනුද බත්ද ස්වර්‍ණවර්‍ණවු වස්ත්‍ර යුග්මයක්ද දුනි.

4. නැව නැවැත්වු කල්හි කරනවෑමි උපාසකයෙකුට වස්ත්‍ර දෙකක් දෙවුයේය. ඔහුට වස්ත්‍ර දුන් කල්හි ස්ථාන වශයෙන් එකෙනෙහිම ප්‍රේතයාගේ ශරීරයෙහි දිවසඑ දක්කා ලදී.

5. ඉන්පසු යහපත් දිව්‍යවස්ත්‍ර හැන්දේ මල් පැළැන්දේ සැරසුනේ විය. දන් දීමට සුදුසු තැන පිහිටියාවු දක්‍ෂිණා තොමෝ මේ ප්‍රෙතයාට පින් පැමිණවූයේද එහෙයින් ප්‍රේතයන්ට අනුකම්පාවෙන් නැවත නැවත දන් දෙන්නෙහිය.

6. සමහර ප්‍රේතයෝ සුන්බුන් රෙදිකඩ හැන්දෝද තවත් සමහරු කෙශයෙන් ලජ්ජා ස්ථාන වසාගත්තෝද ආහාර පිණිසයත් දිගින් දිගට යති.

7. ඇතැම් ප්‍රේතයෝ දුරතැන් දුවගොස් කිසිවක් නොලබාම නවතිත්. සාගිනි ඇත්තෝ හටගත් මුලා ඇතිව කරකැවෙමින් බිම වැටුනාහුවෙත්.

8. සමහරු ඒ ගිය තැන්හි වැටී බිම වැටුනාහුවෙත්. පෙර ජාතියෙහි කුසල් නොකළාහුද අව්වෙහි ගින්නෙහි දැවුනවුන් මෙන් වෙත්.

9. ´´ අපි පෙර ආත්මභාවයෙහිදි ලාමක ස්වභාව ඇති ගෘහ ස්වාමීනීවු කුල මව්වරු වීමු. දියයුතු දෙය ඇතිකල්හි තම හට පිහිටක් නොකෙළෙමු.

10. ´´ එසේ නමුත් බොහොවූ ආහාර පානද නසා දැමීමු. සම්‍යක් ප්‍රතිපන්නවු පැවිද්දන්ට කිසිවක් නොමදුනිමු.

11. ´´ නාකටයුතු අකුශලයට කැමැත්තෝ වීමු කුශල කාරණයෙහි අලසයෝ වීමු. මිහිරි වස්තුවට ප්‍රිය වීමු. බොහෝ කෑවෝ වෙමු. බත් පිඩක් පමණවත් දෙන්නාහු ප්‍රතිග්‍රහකයන්ට පරිභව කෙළෙමු.

12. ´´ ඒ ගෘහයෝද ඒ දාසයෝද ඒ ආභරණයෝද අපට නැත්තාහ. අනික් අය ඒ ගාහාදිය පරිබෝග කරත්, අපි දුකට හිමිවීමු.

13. ´´ අවමන් කටයුතු කුඑ පොතු කුල ඇත්තෝ හෝ වෙත්. සම් කරු කුල ඇත්තෝද මිත්‍රද්‍රොහිවු වෝද සැඩොල් කුල ඇත්තෝද ඉතා අකරුනාවට පැමිණියෝද කරනවෑමි කුලයෙහි නැවත නැවත උපදිත්.

14. ´´ ඉතා දුක්පත්වු යම් යම් නිහින කුලයෝ වෙත්ද, ඒ ඒ කුලයන්හිම උපදිත්, මෙය මසුරුකම ඇත්තාගේ ස්වභාවයයි.

15. ´´ පෙර පහකළ මසුරු මල ඇතිව කල කුසල් ඇති වූම දායකයෝ වෙත්ද, ඔවුහු තුමූ ස්වර්‍ග ලොකය පුරවත් නන්‍දන වනය බබුඑවත්.

16. ´´ වෛජයන්ත ප්‍රාසාදයෙහි ඇලී කාම සම්පත් පරිභෝග කළාහු එයින් චුතව මහත් සම්පත් ඇති උසස් කුලයන්හි උපදිත්.

17. ´´ කුලයෙහි උප්නනෝ කුඑගෙයිද පහයෙහිද දික් ලොම් ඇති කොඳු පලස් අතුරන ලද පය්‍ර්‍යංකයෙහි දිනු සිරුර ඇති මොණර පිලින් සැරසුන විජිනිපත් ගත් අතින් යුක්තව පිරිවර ජනයා ඇත්තෝව ඇලෙත්.

18. ´´ මල් මලා දරමින් අලංකාර වුවාහු ඇකයෙන් ඇකයට යත්. සැප කැමතිවු කිරි මව්වරු සවස් කාලයෙහිද උදය කාලයෙහිද උපස්ථාන කරත්.

19. ´´ ශොක රහිතවු රම්‍යවු දෙවියන්ගේ මහා වනයවු මේ නද්නුයන් පින් නොකළවුන්ට නොලැබේ. පින්කල වුන්ටම ලැබේ.

20. ´´ පින් නොකළවුන්ට මෙලොවද පරලොවද සැපක් නැත. පින් කලවුන්ට මේ ආත්ම භාවයෙහිදී පරලොවදීද සැපම ලැබේ.

21. ´´ ඒ යථොක්ත දෙවියන්හා සහභාවය කැමැත්තන් විසින් බොහෝ කුහල කර්‍මය කටයුතුයි. පින් කලෝම දිව්‍ය පඤ්ච කාම ගුණයෙන් යුක්තවුවාහු ස්වර්‍ගයෙහි සතුටුවෙත්.

33. දෙවෙනි මිඟලුද්දක ප්‍රේත කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

33. දෙවෙනි මිඟලුද්දක ප්‍රේත කථාව:-

1. ´´ දිව්‍යමය කුටාගාරයෙහි හා පහයෙහිද දික් ලොම් ඇති කොඳු පලස් අතුරන ලද්දාවු පය්‍ර්‍යංකයෙහි පඤචාංගික තූය්‍ර්‍ය නාදයන් විසින් මනාව වාදනය කරන කල්හි සිත් අලවන්නෙහිය.

2. ´´ ඉන්පසු රාත්‍රිය අවසන්වු කල්හි සූය්‍ර්‍යයා උදාවු කල්හි සොහොනෙහි බහාලන ලදුව බොහෝ දුකට පැමිණෙන්නෙහිය.

3. (මෙය 6 කථාවේ 5 ඡෙදය මෙනි)

4. ´´ මම පෙර රම්‍යවු රජගහ නුවර නොහික්මී රෞද්‍රකම් ඇති සතුන් මරණ මුව වැද්දෙක් වීමි.

5. ´´ ඒ මට යහපත් සිත් ඇති සැදැහැවත් උපාසක යහඑවෙක් විය. ඒ උපාසකයාගේ ගෙදරට පැමිණෙන ගෞතම ශ්‍රවකවු රහත් භික්‍ෂු නමක් විය.

6. ´´ ඒ රහතන් වහන්සේද ´දරුව ලාමකවු ප්‍රාණාත අකුශල කර්මය නොකරව. දුගතිට නායවයි´ කියා අනුකම්පා කරමින් නැවත නැවතත් මා පවින් වැලැක්වීය.

7. ´´ ඉදින් පරලොවදී සැප කැමැත්තේ නම් ප්‍රාණාතයෙන් වලකිනු යන සැප කැමතිවු හිතානුකම්පී වු උන්වහන්සේගේ වචනය අසා,

8. ´´ බොහෝ කල් පවෙහි ඇලුනාවු අඥනවු මම සියලු කල්හි සතුන් මැරීමෙන්, වැලකීමට කළ අවවාදය නොකෙළෙමි.

9. ´´ මහත්වු ප්‍රඥවත්වු ඒ රහතන් වහන්සේ දයාවෙන් ඉදින් දවල් කාලයෙහි සතුන් මැරීමෙන් වැළකිය නොහැකි නම් රාත්‍රියෙහිවත් සත්‍ව ාතනයෙන් වලකුවයි´ කිහ. ඒ මම දවල් සතුන් මරා රෑ සතුන් මැරීමෙන් වැළකුනෙමි.

10. ´´ මම රාත්‍රියෙහි දිව්‍ය ස්ත්‍රී පුරුෂයන් විසින් පිරිවරන ලදුව දැන් දිව සැප විඳිමි. දවල් කාලයෙහි බල්ලන් විසින් කන ලදිමි. රාත්‍රී ප්‍රාණාතයෙන් වැලකුණු කුශල විපාකයෙන් රෑ දිවසැප විඳිමි. දවල් බද්ධ වෛර ඇත්තවුන් මෙන් සුනඛයෝ හාත්පසින් මා කන්නට දුවත්.

11. ´´ යම් පුරුෂ කෙනෙක් වනාහි තථාගත ශාසනයෙහි අධි ශීලාදියෙහි නිතර දැඩිසේ යෙදුනාහුද ඒ පින්වත් ජනයෝ හුදෙක් ලෞකික සැප හා මිශ්‍ර නොවු නිවනට පැමිණෙත් යයි සිතමි.