9. අනාත්ම සූත්‍රය

9. අනාත්ම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ´´මහණෙනි, අතීතවූද, අනාගත වූද, ඇස, අනාත්ම වේ. දැන් පවත්නා ඇස ගැන කියනුම කවරේද? මහණෙනි,

මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ ඇසෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත ඇසටද ආශා නොකරයි. දැන් පවත්නා ඇස සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, කණ, අනාත්ම වේ. දැන් පවත්නා කණ ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ කණෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත කණටද ආශා නොකරයි. දැන් පවත්නා කණ සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, නාසය, අනාත්ම වේ. දැන් පවත්නා නාසය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ නාසයෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත නාසයටද ආශා නොකරයි. දැන් පවත්නා නාසය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, දිව, අනාත්ම වේ. දැන් පවත්නා දිව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ දිවෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත දිවටද ආශා නොකරයි. දැන් පවත්නා දිව සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, ශරීරය, අනාත්ම වේ. දැන් පවත්නා ශරීරය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ ශරීරයෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත ශරීරයටද ආශා නොකරයි. දැන් පවත්නා ශරීරය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, සිත, අනාත්ම වේ. දැන් පවත්නා සිත ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ සිතෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත සිතටද ආශා නොකරයි. දැන් පවත්නා සිත සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය´´ යි. (වදාළ සේක)

_______________

8. දුක්ඛ සූත්‍රය

8. දුක්ඛ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ´´මහණෙනි, අතීතවූද, අනාගත වූද, ඇස, දුක් වේ. දැන් පවත්නා ඇස ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ ඇසෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත ඇසටද ආශා නොකරයි. දැන් පවත්නා ඇස සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, කණ, දුක් වේ. දැන් පවත්නා කණ ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ කණෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත කණටද ආශා නොකරයි. දැන් පවත්නා කණ සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, නාසය, දුක් වේ. දැන් පවත්නා නාසය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ නාසයෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත නාසයටද ආශා නොකරයි. දැන් පවත්නා නාසය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, දිව, දුක් වේ. දැන් පවත්නා දිව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ දිවෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත දිවටද ආශා නොකරයි. දැන් පවත්නා දිව සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, ශරීරය, දුක් වේ. දැන් පවත්නා ශරීරය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ ශරීරයෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත ශරීරයටද ආශා නොකරයි. දැන් පවත්නා ශරීරය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, සිත, දුක් වේ. දැන් පවත්නා සිත ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ සිතෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත සිතටද ආශා නොකරයි. දැන් පවත්නා සිත සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය´´ යි. (වදාළ සේක)

_______________

7. අනිත්‍ය සූත්‍රය

7. අනිත්‍ය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ´´මහණෙනි, අතීතවූද, අනාගත වූද, ඇස, අනිත්‍ය වේ. දැන් පවත්නා ඇස ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ ඇසෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත ඇසටද ආශා නොකරයි. දැන් පවත්නා ඇස සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, කණ, අනිත්‍ය වේ. දැන් පවත්නා කණ ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ කණෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත කණටද ආශා නොකරයි. දැන් පවත්නා කණ සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, නාසය, අනිත්‍ය වේ. දැන් පවත්නා නාසය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ

ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ නාසයෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත නාසයටද ආශා නොකරයි. දැන් පවත්නා නාසය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, දිව, අනිත්‍ය වේ. දැන් පවත්නා දිව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ දිවෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත දිවටද ආශා නොකරයි. දැන් පවත්නා දිව සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, ශරීරය, අනිත්‍ය වේ. දැන් පවත්නා ශරීරය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ ශරීරයෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත ශරීරයටද ආශා නොකරයි. දැන් පවත්නා ශරීරය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, සිත, අනිත්‍ය වේ. දැන් පවත්නා සිත ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ සිතෙහිද අපෙක්‍ෂා රහිත වේ. අනාගත සිතටද ආශා නොකරයි. දැන් පවත්නා සිත සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.´´

______________

6. (බාහිරායතන) අනාත්ම සූත්‍රය.

6. (බාහිරායතන) අනාත්ම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ´´මහණෙනි, රූපයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ´´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය´´ යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.´´

´´ශබ්දයෝ, ගන්‍ධයෝ, රසයෝ, ස්පර්‍ශයෝ සහ ධර්‍මයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ´´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය´´ යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

3. ´´මෙසේ දක්නාවූ, ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, රූපයන් කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙනුයේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. උත්පත්තිය ක්‍ෂය විය. බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගණීය´´ යි (වදාළ සේක.)

__________

5. (බාහිරායතන) දුක්ඛ සූත්‍රය

5. (බාහිරායතන) දුක්ඛ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ´´මහණෙනි, රූපයෝ දුකයහ. යමක් දුක්වේද, එය අනාත්ම වේ. යමක් අනාත්ම වේද, එය ´´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය´´ යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

3. ´´මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, රූපයන් කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙනුයේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. උත්පත්තිය ක්‍ෂය විය. බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගණීය´´ යි (වදාළ සේක.)

__________

4. (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය

4. (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ´´මහණෙනි, රූපයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්ම වේද, එය ´´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය´´ යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

ශබ්දයෝ, ගන්‍ධයෝ, රසයෝ, ස්පර්‍ශයෝ සහ ධර්‍මයෝ අනිත්‍යයෝ වෙත්. යමක් අනිත්‍ය වේද, එය දුක් වේ. යමක් දුක් වේද, එය අනාත්ම වේ. යමක් අනාත්ම වේද, එය ´´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය´´ යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

3. ´´මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම, රූපයන් කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙනුයේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. උත්පත්තිය ක්‍ෂය විය. බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගණීය´´ යි (වදාළ සේක.)

__________

12. අනාත්ම සූත්‍රය. (2)

12. අනාත්ම සූත්‍රය. (2)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ´´මහණෙනි, අතීතවූද, අනාගත වූද, රූපයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා රූපයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආය්‍ර්‍යශ්‍රාවක තෙම,

අතීතවූ රූපයන් කෙරෙහි අපෙක්‍ෂා රහිත වේ. අනාගතවූ රූපයන්ට ආශා නොකරයි. දැන් පවත්නාවූ රුපයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.´´

´´අතීතවූද, අනාගත වූද, ශබ්දයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා ශබ්දයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ ශබ්දයන් කෙරෙහි අපෙක්‍ෂා රහිත වේ. අනාගතවූ ශබ්දයන්ට ආශා නොකරයි. දැන් පවත්නාවූ ශබ්දයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.´´

´´අතීතවූද, අනාගත වූද, ගන්‍ධයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා ගන්‍ධයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ ගන්‍ධයන් කෙරෙහි අපෙක්‍ෂා රහිත වේ. අනාගතවූ ගන්‍ධයන්ට ආශා නොකරයි. දැන් පවත්නාවූ ගණධයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.´´

´´අතීතවූද, අනාගත වූද, රසයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා රසයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ රසයන් කෙරෙහි අපෙක්‍ෂා රහිත වේ. අනාගතවූ රසයන්ට ආශා නොකරයි. දැන් පවත්නාවූ රසයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.´´

´´අතීතවූද, අනාගත වූද, ස්පර්‍ශයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා ස්පර්‍ශයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ ස්පර්‍ශයන් කෙරෙහි අපෙක්‍ෂා රහිත වේ. අනාගතවූ ස්පර්‍ශයන්ට ආශා නොකරයි. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.´´

´´අතීතවූද, අනාගත වූද, ධර්‍මයෝ අනාත්ම වෙත්. දැන් පවත්නාවූ ධර්‍මයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ ධර්‍මයන් කෙරෙහි අපෙක්‍ෂා රහිත වේ. අනාගතවූ ධර්‍මයන්ට ආශා නොකරයි. දැන් පවත්නාවූ ධර්‍මයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය´´

යි (වදාළ සේක).

( පළමුවෙනි අනිත්‍ය වර්‍ගය නිමි. )

__________

අනාත්ම සූත්‍රය

3. (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ´´මහණෙනි, ඇස අනාත්මය. යමක් අනාත්මද, එය ´´මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය´´ යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

´´කණ අනාත්මය. නාසය අනාත්මය. දිව අනාත්මය. කය අනාත්මය. සිත අනාත්මය. යමක් අනාත්ම වේද, එය ´´මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය´´ යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

´´මහණෙනි, මෙසේ දක්නාවූ, ඇසූ පිරූ තැන් ඇති ආය්‍ර්‍යශ්‍රාවක තෙම, ඇස කෙරෙහිද කලකිරෙයි. කණ කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගණීය´´ යි (වදාළ සේක.)

__________

11. දුක්ඛ සූත්‍රය. (2)

11. දුක්ඛ සූත්‍රය. (2)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ´´මහණෙනි, අතීතවූද, අනාගත වූද, රූපයෝ දුකයහ. දැන් පවත්නා රූපයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ රූපයන් කෙරෙහි අපෙක්‍ෂා රහිත වේ. අනාගතවූ රූපයන්ටද ආශා නොකරයි. දැන් පවත්නාවූ රූපයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, ශබ්දයෝ දුකයහ. දැන් පවත්නාවූ ශබ්දයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ ශබ්දයන් කෙරෙහි අපෙක්‍ෂා රහිත වේ. අනාගතවූ ශබ්දයන්ටද ආශා නොකරයි. දැන් පවත්නාවූ ශබ්දයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, ගන්‍ධයෝ දුකයහ. දැන් පවත්නාවූ ගන්‍ධයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ ගන්‍ධයන්

කෙරෙහි අපෙක්‍ෂා රහිත වේ. අනාගතවූ ගත්‍ධයන්ටද ආශා නොකරයි. දැන් පවත්නාවූ ගන්‍ධයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, රසයෝ දුකයහ. දැන් පවත්නාවූ රසයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ රසයන් කෙරෙහි අපෙක්‍ෂා රහිත වේ. අනාගතවූ රසයන්ටද ආශා නොකරයි. දැන් පවත්නාවූ රසයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, ස්පර්‍ශයෝ දුකයහ. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ ස්පර්‍ශයන් කෙරෙහි අපෙක්‍ෂා රහිත වේ. අනාගතවූ ස්පර්‍ශයන්ටද ආශා නොකරයි. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

´´අතීතවූද, අනාගත වූද, ධර්‍මයෝ දුක් වෙත්. දැන් පවත්නාවූ ධර්‍මයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආය්‍ර්‍යශ්‍රාවක තෙම, අතීතවූ ධර්‍මයන් කෙරෙහි අපෙක්‍ෂා රහිත වේ. අනාගතවූ ධර්‍මයන්ට ආශා නොකරයි. දැන් පවත්නාවූ ධර්‍මයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය´´ (වදාළ සේක).

_______________

දුක්ඛ සූත්‍රය

2. (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය. (2)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ´´මහණෙනි, ඇස දුකය. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්ම වේද, ´´එය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය´´ යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.´´

´´කණ දුකය, නාසය දුකය, දිව දුකය, කය දුකය, සිත දුකය, යමක් දුකද, එය අනාත්ම වේ.

´´යමක් අනාත්මද, එය, ´´මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය´´ යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

3. ´´මහණෙනි, මෙසේ දක්නාවූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආය්‍ර්‍යශ්‍රාවක තෙම, ඇස කෙරෙහිද කලකිරෙයි. කණ කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලදී. කටයුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගණීය´´ යි (වදාළ සේක.)

__________