චුන්‍දසුත්‍රය

1´´මහත් ප්‍රඥ ඇති සම්‍යක් සම්බුද්ධ වු ධර්‍මසවාමිවු තෟෂ්ණා පහකළ දෙපා ඇත්තවුන්ට උතුම් වු සාරථින්ටත් ඉතා උතුම් වු සර්‍වඥයන් වහන්සේ විචාරමි.සන්‍වලෝකයෙහි ශ්‍රමණයෝ කෙතෙක්ද, එසේ නම් වදාළ මැනවයි.´´ චුන්‍දනමාර පුත්‍ර තෙමේ කියේය.

2. ´´ චුන්‍දයාශ්‍රමණයෝ සතරදෙනෙකි. පස්වන කෙනෙක් නැත්තේය. ඒ ශ්‍රමණයෙන් සමතදෙනා තට ඇස් හමුවෙයි විචාරණ ලද මම ප්‍රකට කෙරෙමි. යමෙක් වනාහි මාර්‍ගයෙන් නෙලෙස් නැසු මර්‍ගය දිනුවේ නව් වේද? යමේක් වනාහි අනුන් හට මාර්‍ගය නියන මර්‍ගය කියන මාර්‍ග දෙශකද? යමෙක් වනාහි අවස්න නොකළ මර්‍ගවාස ඇති බැවින් මාර්ගයෙහි ජිව්තවේද, යමෙක් වනාහි මාර්ගයට විරුද්ධ මිත්‍යාදෟෂ්ටියෙන් යුක්ත බැවින් මාර්‍ග දුෂකද මේ සතර දෙනයයි´´ වදාළසේක.

3. ´´ බුදුහු කවරෙකුට මාර්‍ගජිනයයි කියත්ද? අසමාන මාර්‍ගදෙශකයා කෙසේ වේද? මාර්‍ගයෙහි ජිවත්වන්නේ කෙසේද? මා විසින් විචාරණ ලද සර්‍වඥයන් වහන්සේ වදාරණසේක්වා. ඉක්බිති මාර්‍ගදුෂකයා මට ප්‍රකාශ කරන්නැයි´´ චුන්‍ද කමාර පුත්‍රතෙම කිය.

4. ´´ යමෙක්තෙම පහකළ සැකය ඇත්තේද දුරුවු රාගාදී උල් ඇත්තේද, නිවන්හි ඇලුනේද, තෟෂ්ණා නෝ කෙරේද, දෙවියන්සහිතවු සන්‍වලෝකයා නිවණට පැමිණවීද මාර්‍ගජිනයා ඔහු යයි කියත්,

5. ´´ මේ ශානනයෙහි යම් ක්‍ෂිණාශ්‍රව ශ්‍රමණයෙක් සියලු ධර්‍මයන්ට නිවාණය උතුම් යිය දැන නිවාණ ධර්‍මය හා මාර්‍ග ධර්‍මය මේ ශායනයෙහිම යයි පහළකෙරේද, කොටස් කෙරේද, කියාද, විස්තර වශයෙන් බෙදයිද, සැක සිදිනානාවු මුනිවු තූෂ්ණා රහිත වු ඔහු මාර්ගදෙශකවු දෙවන ක්‍ෂිණශ්‍රව ශ්‍රමණයා යයි කියත්.

6. ´´ යම් ශෛක්‍ෂ (රහත් ඵලය සදහා හික්මෙන) ශ්‍රමණයෙක් හෝ සිල්වත් පෟථග්ජන ශ්‍රමණෂයෙක් ශිල සංවරයෙන් යුක්තවුයේ සිහි ඇත්තේ සත්තිස් බෝධි පාක්‍ෂික ධර්‍මයන් සෙවුනේ නිවාරණ ධර්‍මයට කාරණ වුම යහපත්කොට දේශණ ලද මාර්ගයෙහි ජිවත්වේද, ඔහු තුන්වුනවෙු මාර්ග ජිවශ්‍රමණ යයි කියත්.

7. ´´බුදු පයේ බුදු සව්න්ගේ වෙශය ගෙන මමත් සහ වෙමියි ශාසනයට වැදුනාවු, කුලයන්ගේ ප්‍රසාදය නසන හික්මිමෙන් ිතෙර කටයුතු ඇත්තේ රැවටිලි ඇත්තේ ශිල සංවරයක් නැත්තේ බොල් වි ඇටයක් මෙන් ගුණයෙන් හිස්වුයෙ ්බාහිර අලංකාරයෙන් යුක්තව හැසිරෙනනොවු ඒ පු්‍රද්ගලයා මාර්ග දුඝි ශ්‍රමණයාවේ .

8. ´´ ශ්‍රුතවත් වු ආය්‍ර්‍යශ්‍රාවක වු, ඤාණවනතවු ගිහි ගෙයි වසන යමෙක් ඒ මේ ශ්‍රමණයෙන් සතර දෙන දැනගතතේ දැයි මුල්න්ම තුන්දෙනා මාර්ගදුෂිහු හා සමාන නොකොට මෙසේ දැන වසන්නාවු ඒ ගිහිගෙයි වසන්නාගේ ශ්‍රධාව පවුකරණ පාප භික්‍ෂුහු දැකත් නොතසී. වසන්නාගේ ශ්‍රධාව පටුකරණ පාප භික්‍ෂුහු දැකත් නොනයි. පිරිසිදු මහණුන් තුන්දෙන අපිරිසුදු තමන් පමණක් ශ්‍රමණයා හා කෙසේ වනාහි නම කෙරේද?

හෙමවත සුත්‍රය

1. ´´ අද පසලොස්වක දවසය. දිව්‍යවු රූප ප්‍රභා ඇති, රාත්‍රිය පැමිණ සිටියාය. ලාමක නොවු නම් ඇති ශාසතෟවු ගෞතමයන් වහන්සේ ඒකානා්තයෙන් දැකුම් හයි.´´ සාතාගිර නම් යක් සෙනෙවි කියේය.
2. ´´කිමෙක්ද? ඒ ශාසතෟහුගේ සිත අවලාද ඒ ශාසතෟතෙම සියලු සන්‍වයන් ෙකෙරෙහි මනාවේද කිමෙක්ද? ඒ ශාසතෟහුගේ අදහස් ඉෂ්ට අන්ෂ්ට අරමුණු විෂයෙහි වසග දැයි´´ හෙමවත යක් සෙනෙමි ඇසීය.

3. ´´සියලු සන්‍වයන් කෙරෙහි සමවු ඒ ශාසතෟහුගේ සිත අවලය. නැවත ඉෂ්ට වු සංස්කාරයන් කෙරෙහි ද අන්ෂටවු සංස්තාරයන්කෙරෙහිද උන්වහන්සේ ගේ අදහස් වසඟ කරණ ලද හුයයි.´´ සාතාගිර කියේය.ි

4. ´´ කිමෙක්ද? නුදුන් වස්තුව නොගනීද, කිමෙක්ද? සතුන් කෙරෙහි දයාද? කිමෙක්ද? ප්‍රමාදයෙන් හෙවත් අබ්‍රම්සරින් දුරුද හෙවත් ස්ත්‍රින් කෙරත් දුරුද, කිමෙක්ද? ධ්‍යානය නොහරිද? හෙමවන යක් සෙනෙවි මෙසේ ඇසීය.

5. ´´ ඒ සර්‍වඥතෙම නුදුන් වස්තුවක් නොගන්නේය. එසේම සතුන් කෙරෙහි දැයාව ඇත්තේය. නැවත ප්‍රමාදයෙන් දුරුය. සර්‍වඥතෙමේ ධ්‍යානය නොහරන්නේය.´´ සාතාගිර මෙසේ කියේය.

6. ´´කිමෙක්ද? ඒ ශාසතාතෙම මුසාව නොකියද? අනුන් හිංසා කරණ සිත නැත්තේද? කිමෙක්ද?කේලාම් නොකියද? නිමෙක්ද? නිරන්‍ථක නෙපුල් නොකියාදැයි´´ හෙමවන යක් සෙනෙවි ඇසීය.

7. ´´ ඒ සර්‍වඥතෙම නපුරු බස් නොකියන්නේය. නැවත, හිංසා කරණ තෙපුලුත් නොකියන්නේය. නැවත කේළමුත් නොකියා යන්නේය. ඒ සර්‍වඥතෙම නුවණින් පිරිසිද අර්‍ථයෙන් යුත් වචනය කියන්නේයයි´´ සාතාගිර යක් සෙනෙවි කියේය.

8. ´´කිමෙක්ද? ඒ ශාසතාතෙතම රූපදි වස්තු කාමයෙහි නොඇලේ, කිමෙක්ද උන්වහන්සේගේ හිත ව්‍යාපාදයෙන් නොකැළඹුනේද, කිමෙක්ද, ඒ ශාසතෟහුගේ මොහය ඉක්මුනේද, කිමෙක්ද, ඒ  ශාසතාතමෙ සියුලු සංසකාර ධර්‍මයන් විෂයෙහි සමතැස් ඇත්තේදැයි´´ හෙමවන යක් සෙනෙවි තෙම මෙසේ විචාලේය.

9. ´´ ඒ ශාසතාතමෙ වස්තු කාම විෂයෙහි නොඇල්ලේ නැවත සර්‍වඥයන් වහන්සේගේ සිත ව්‍යාපාදයෙන් නොකැළඹිණි. සියලු මොහය ඉක්මුනේය. චතුරාය්‍ර්‍ය සත්‍යය දන්නාවු ඒ සර්වඥයන් වහනසේගේ සිත ව්‍යාපාදයෙන් නොකැළඹිණි. සියලු මෝහය ඉක්මුනේය. චතුරාය්‍ර්‍ය සත්‍යය දන්නාවු ඒ සර්වඡතෙම සියලු ධර්‍මයෙහි නොපැකිලි පවත්නා පසැස් ඇත්තේයයි ´´ සාතාගිර යක් සෙනෙවි කියේය.

10. ´´ කිමෙක්ද? ඒ ශාසනෟෟන් වහන්සේ ත්‍රිවිද්‍යා අෂට විද්‍යාවෙන් යුක්තද? කිමෙක්ද? ඒ ශාසතෟතෙම පිරිසිදු පසළොස් විරන දර්‍ම ඇත්තේද? කිමෙක්ද? ඒ සර්වඥයා විසින් ආශ්‍රවයේ ක්‍ෂය කරණ ලදහුද, කිමෙක්ද, ඒ සර්වඥයන් වහන්නේස පුනරුත්පතිතියෙක් නැද්දැයි´´ හෙමවන ප්‍රශ්ණ කෙළෙය.

11. ´´ ඒ සර්වඥතෙම විද්‍යාවෙන් යුක්තද? නැවත් පිරිසිදු වරණ ධර්‍මයනුත් ඇත්තේය. ඒ සර්වඥයන් වහනසේ විසින් සියලු ආශ්‍රවයෝ ක්‍ෂය කර්න ලද්දදහුය. ඒ සර්වඥායන් වහනසේගේ පුනරුත්පත්තියකි නැතැයි´´ සාතාගිරි යක් සෙනෙවි කියේය.

12. ´´මුනිහුගේ සිත සම්පුර්‍ණය, මනා කම්යෙන්ද වාක් කර්‍මයෙන්ද, සිත සම්පුරණීය, විද්‍යා හා වරණ ධර්මයෙන් යුක්ත වු ඒ සර්වඥයන් වහනසේට ඇති ගුණයෙන්මක සාතාගිරයෙනි, තොපි ප්‍රශංසා කරනනෙහිය.

13. ´´මුනිහුගේ සිත සම්පුණීය මනං කර්මයෙන්ද වාක් කර්මයෙන්ද සම්පුරණීයථ විධාචරණයෙන් යුක්තා වු ඒ සර්වඥයන වහනසොට න්වභාවයෙන්ම (තොපි හෙමවතයෙනි) අනුමෝදන් වෙව´´

14. මුන්හුගේ සිත සම්පුණීය මනං කර්මයයෙන්ද වාක් කර්මයෙන්ද සම්පුරණිය , විදයාවරනයෙන් යුක්ත වු ගෞතම ගොත්‍ර ඇති සර්වඥයන් වහන්සේ නිශ්චය කොට දත් බැවින් අපි දෙන්නමෝ දකුම්හයි´´ සාතාගිර කියේය.

15. ´´ ඵණි මෟගයෙකුට බදුවු ක්‍රමයෙන් වටවු පාද ැති කෟශවු වීඍ පුරුෂ වු අලාපාහාර වු අහරෙහි ලොල් නොවු මෙනෙය්‍ය ගුණයෙන් යුක්ත වු වනයෙහි ධ්‍යාන කරණ සර්වඡයන් වහන්සේ සාතාගිරයෙනි එව තෙපිත් මමත් දැකුම්හ.

16. ´´ කෙශර සිංහයා සාදාශවු අසහාය චාරී වු ශ්‍රෙෂථවු වස්තු කාම ක්ලෙහ කාමයෙහි ආලය කොරණ සර්‍වඥයන් වහනසේ සමිපයට පැමිණ මරහුගේ මලිනි විදිම විචාරම්හ.´´

17. ´´ආය්‍ර්‍ය සත්‍යය කියනානාවු සිති සතන් පරිදදෙනෙ ්දර්‍මය පවත්වනානවු සියලු ධමයනගේ පතෙරට ගිය බුද්ධ වු ප්‍රාණඝාතාදී වෛරයන් හො භයින් ඉක්මුනාවු ගෞතම සර්වඥයන් වහන්සේ අපි විචාරම්හ.

18. ´´කවරෙක් උපන් කල්හි සන්‍ව සංස්කාර ලෝකය උපන්නේ වේද? දෟස්ටිය හා එක්විමෙන් තෟෂනාව හා එක්විමත් කවර කලෙකිහි කෙරේද? කුමක් නිසා ලෝක නම් වේද? කුමක් නිසා ලෝක නම් වේද, කුමක් ඇතිකල්හි සන්‍වලෝකයෙ තෙම ළෙනු ලබනනේ දැයි´´ හෙමවන යක්‍ෂතෙම මෙසේ විචාළේය.

19. ´´ හෙවවනය, සයක් උපන් කල්හි සන්‍ව ලොකයද සංස්කාර ලොකයද උපන්නේ වෙයි. ඒ දෙවැදැරුම් ආයතන සය කෙරෙහිම තෟෂ්නා දෟෂ්ටි වශයෙන් බැදිම් සන්‍ව ලොකයා කරන්නේය. ඒ විප්‍රකාර ෂඩායනතයෙන්ම නිසා සන්‍ව සංස්කාර ලොකය අත්පා ව්‍යවහාරයට යන්නේය. ඒ ෂඩායතනයන් ඇති කල්හිම සන්‍ව ලොකයා වෙහෙසනු ලබන්නේය. බුදු රජනාන් මහස්සේ මෙසේ වදාළහ.

20. ´´ යම් උපාදානයෙක් ඇති කල්හි සන්‍ව සංස්කාර ලොකය වෙහෙසදෙ, ඒ ආයතන නම් දුඛය කවරේද, නික්ම යන මර්‍ගය විචාරණ ලද මට සර්වඥයන් වහන්සේ වදාළසේක, උපාදානයයිය දක්වන ලද දුඛයෙන් කෙපරිදේකෙනි මිදෙන් නේද?

21. ´´සන්‍ව ලොකයෙහි වසන සවැනි කොට ඇති, රූපදී පඥවෙකාම ගුණයෝ ප්‍රකාශ කරණ ලද්දාහුය. මේ වාදශායතනයෙනගේ විෂයෙහි තෟෂ්ණාව සර්වප්‍රකාරයන් නසා මෙසේ දුකින් මිදෙයි.

22. ´´ත්‍රිවිධ ලොකයොග මාර්ගයෙන් නික්ම යාම තොපට කියන ලදි. මේ මාර්ගයෙම තොපට මම දහසක් වර විඡාලත් කියයහමි. මේ දුඛාදී චතුසසත්‍යය මම මත්තෙහි විශේෂාධිගමය පිණිස කියමි. මෙසේම දුකින් මිදේනනේය.

23. ´´මේ ලොකයෙහි කවරෙක් කාමාදී සතර සැඩ වතුරෙන් එතරවේද? මේ ලොකයෙහි කවරෙක් සංසාර මුහුසික් එතරවේද, යටිනි පිහිටක් නැති ම්තතෙහි එල්බෙන නැතක් නැති ගැඹුරු සංසාර සාගරයෙහි කවරෙක් නොගිලේද?

´´හැම කල්හි ශිලයෙන් යුක්ත ද ඤාණන්තද, සමාධියට මාර්‍ගඵලවල මානව පිහිටියේද, විදර්‍ශනා වශයෙන් සිතන සුළුද. සිහි ඇත්තේද, තරණ්‍ය කළ නොහැකි සතර ඔඝය. එතර කරයිද?

24. ´´කාම හැඟිමකින් දුරුවීද, කාම සංඥාවෙහි නොඇලුනේද, සියලු සංයොජනයන් ඉක්ම ගියේද, තෟෂ්ණාව හා තුන් බවය ක්‍ෂය කෙළේද, ඒ ක්‍ෂිණාශ්‍රව මහණ ගැඹුරු වු සසර සයුරෙහි නොගැලෙන්නේය.

25. ´´ගැඹුරු වු නුවන උෑතී ණීඵූන අන්‍ථයන් දක්නා සුළුවු රාගාදී පලිබෝධ නැති දෙවැදැරුම් කාමයෙහි හා ත්‍රිවිධ ශවයෙහි නොගැටුනාවු සියලු අරමුණහෙි මිදුනාවු දිව්‍ය විහාර පථයෙහි හැසිරෙන ා සාෂිවරයා වු ඒ සර්වඥයන් වහන්සේ බලව්.

26.´´ලාමක නොවු නාමයෙන් ඇති සියුම් අර්ථ අනුන්ට දක්වන නුන්‍න දෙන කාම තෟෂ්ණාවෙහි නොඇලුනු, සියල්ල දන්නාවු ශෝභන පාරමිතා ප්‍රඥා ඇති ඵළ සමාපත්තිය නුන්‍ණින් විදින ඒ මහා සාෂිවරයා බලව්.

27. ´´යම් හෙයකින් සතර ඔඝය තරණය කළ ආශ්‍රව රහිත සම්බුද්Ȁdධයන් වහන්සේ දැක්කෙමුද, අද අප විසින් යහපත් දැකිමක් දක්නා ලදි. අද යහපත් සේ එළිවිය. අද යහපත් සේ එළිවිය. අද මනා නැගිටමික් විය.

28. ´´සෟඩියෙන් යුත් අග්‍ර ලාභයෙන් කහා අග්‍ර පරිවාර යෙන් යුක්ත වු සියලු වේ දහසක් යක්කු ඔබ සරණකොට යෙති, ඔබ වහන්සේ අපගේ එයට වඩා උත්තමයෙක් නැති ශාසතෟය.

29. ´´සම්‍යක් සම්බුදයන් හටද ධර්‍මයාගේ යහපත් බවටද නමස්කාර කරනනෙ වු අපි හැමදෙනම ගමින් ගමට දිව්‍යපර්‍වතයෙන් දව්‍ය පර්‍වතයට ධර්ම ඝෝෂා කරන්නෝව ඇවි දින්නෙමු.

මුනි සුත්‍රය

1. ´´තෟෂ්ණා දෟස්ටි ආශ්‍රයෙන් කෙලෙස්  බිය උපනනේය. රූපාදිය අරමුනු කොට ගෙන රාග, වේෂ, මොහ, කෙලෙස්, ධුලි උපදනේය කෙලෙෂ වසන රූපාදියනැති, ආශු්‍රය නැති මේ නිර්‍වණය බුධ මුනිහු විසින් දක්නා ලදි. විෂ්මයකි.

2. යම් බුද්ධ මුනි කෙනෙක් ක්ලෙශය සිද නුපදවාද ඉපදිමට යොමුව සිටි ක්ලෙශයන් නොහටගන්වාද, ඒ කෙලෙස උපදින කාර්නයටද, නුපදවාද, එක්කෙකෙන්වු ශ්‍රෙෂඨවු පැවිදි ඉරියවුවෙහි හැසිරෙන උන්වහනසේ  මුනි යයි කියති. ඒ මහර්ෂිතෙම ශාන්ත පදය දැක්කේය.

3. කෙළෙස් ඉපදිමට කාරණයන් පිරිසද දැන ගෟෙකික කුශඛලාකුශළ චිතතය නිසා ඒ ස්නෙහය ඒ බිජයට නෙවැදිදදේද, ඒ මුධ මුනිතමෙත ඉපදිම මරණයන්ගේ කෙළන්‍ර නුවණැසින් දක්නේ තර්‍කය අත්හර ඒකාන්තයෙන් දිව්‍ය මනුෂ්‍ය සංඛායාවට නොපැමිණෙන්නේය.

4. ´´සතුනගේ සියලු ස්ථාන අනිත්‍යාදී වශයෙන් දැන ඒ භව අතුරෙත් එත් වාසස්ථානයෙකුත් නොපතන ඒ බුඳ මුනිතමෙ පහකරණ සද තෟෂ්ණා ඇත්තේ ගිජු නොවුයේ යම් කරණයෙකින් නිවණට පැමිණියේ ව්ෙද, ඒකාන්තතයෙන් පින් පවු රැස් නොකරනනේය.

5. සියල්ල මැඩ පැවැත්වු සියලු ධර්‍මයන් සර්වාකාරයෙන් දත් යහපත් නුවණ ඇති සියලු ස්කන්‍ධාදී ධමර්‍යෙහි නොඇලුණ සියලු කෙලෙස් සහිත ධර්මයෙන අතහළ තුෂ්නා ක්‍ෂය කිරකිකමහෙ යෙදුන උන්වහනසේ බුධ මුනියයි ක්‍ාණ වන්තයෝ දනිති.

6. ඤාණ බල ඇති සීල ව්‍රත දෙකින් යුත් එකඟ වු ධ්‍යානයෙහි ඇලුණු සිහි ඇති ඇල්මෙන් මිදුණු සිත තද කරණ ධර්ම නැති ලෙස් නැති ඔහු වනාහි ඤාණවනතේයෝ මුනියයි දනිත්.

7. එකම ප්‍රව්‍රජ්‍යාවෙන් සිටගෙන අට වැදැරුම් චය්‍ර්‍යා වෙි හැසිරෙන මුනිවු, නොපමාවු, නින්‍දා ප්‍රශංසා දෙක්හි නොසැලෙස බෙර ශබ්ද ආදියෙහි බිය නොවන කේශර සිංහයා මෙන් බයින් නොම වෙවුලන්නාවු දැලෙහි වාතය මෙන් තෟෂ්නා දෟෂ්ටි දැල නොබැදෙනානුව දිය හාපියුම මෙන් නොඇලෙන්නාවු අත් දෙවිමිනිසුන් නිවනට නොපැමිණ විය යුතුවු. ඔහු වනාහි ඤණවනතයෝ මුනි යයි දනිති.

8. යම් කෙනෙකු කෙරහි අන්‍යයෝ ගුණයක් හෝ කි කල්හි නාන තොට පිහිට කණුවක්මෙන් එකම ගුණයෙන් යුක්තවේද, ඒ පහවු ඇලුම් ඇති මනාකොට සන්සිදුන ඉදුරන් ඇති ඔහු වනාහි ඤාණ වන්තෙයෝ බුධ මුනියයි  දනින්.

9. යම් ක්‍සිණාහ්‍රවයෙක ාකය විෂමාදී දුශචරිතයද කාය සමාදි සුවරිතයද විමසන්නේ ඒකාන්තයෙන් අන ආත්ම භාවයක් නැත්තේද නුල් ඔතන දණ්ඩ මෙන් ඇද නැතිවුයේ පව්කම් පිළිකුල් කරයිද, ඒ ක්‍ෂිණාහ්‍රවයන් වහනසේද මුනි යයි දනිත්.

10. ඤාණයෙන් යුත් සීල සංවරයෙන් හික්මුණ සිත් ඇති යම් බාලයෙක් හෝ මධ්‍යම වයස සිටියෙක හෝ අන්තිම වයස සිටියෙක් හෝ පව් නොකරයිද, එබදු ක්‍ෂිණාශ්‍රවතෙම අනුන්ට දොස් නොපවරනනේ වෙයි. කිසිවෙකුට හෙතෙම ක්‍රොධ නොකරනනේය. ඤාණ වන්තයෝ ඒ ක්‍ෂිණාශ්‍රවයා මුනියයි දනිති.

වසළ සුත්‍රය

1. ´´ මා විසින් මෙසේ ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමිපයෙහි වු අනේ පිඩු සිටුහු විසින් කරවන ලද ජේතවන නම් වු විහාරයෙකහි වැඩවාසය කරන සේක. එක්ල්හි වනාහි භාග්‍යවතුන් වන්සේ පෙරවරු වේලෙහි හැද පොරවා පාත්‍ර සිවුරුගෙනසැවැත් නුවර පිඩු පිණිස වැඩි සේක. අග්ගික භාරවජ නම් බ්‍රාහ්මණයාගේ ගෙය යම් තැනෙක්හිද එතැනට වැඩිසේක.

2. අග්ගිකභාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම වැඩමවන් නාවු භාග්‍යවතුන් වහන්සේ දුර දීම දුටු යේමය. දැක භාග්‍ය වතුන් වහන්සේට මේ වචනය කියේය. මුණ්ඩකය, එහිම
සිටුව, නින්‍දිත (සැඩොළ) මහණ එහිම සිටුවයි´´ මෙසේ කි කල්හි භාග්‍යවතුන් වහන්සේ අග්ගිකභාරද්වාජ නම් බ්‍රාහ්මණයාට මෙසේ වදාලේය. බමුණ, තෝ සැඩොල් හෝ සැඩොල් බවට පමුණු වන කාරණයන් හෝ කිමෙකැයි දන්නෙහිද?

´´වසලයා හෝ වසල බවට පමුනුවන ධර්‍මය හෝ නොද නිමි. බවත් ගෞතමතමෙ මසලයා හෝ වසල බවට පමුණුවන කාරනයනි යම්සේ මම දැනගනම්ද, මට එසේ දහම් දෙසන සේක්වායි´´ සැළ කෙලේය.

3. ´´බමුණ, එසේ විනම් අසව, මනාකොට මෙනෙහි කරව කියන්නෙමියි.´´ වදාළ සේක. ´´පින්වත, එසේයයි.´´ කියා අග්ගිකභාරවාජ නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

4. ´´යම් මනුෂ්‍යයෙක් කිපෙන ස්වභාව ඇත්තේ වේද, වෛර ඇත්තේ වේද, විපය්‍ර්‍යසවු දෟෂ්ටි ඇත්තේ ද (හෙවත් සම්‍යක් දෟෂ්ටියෙන් තොර වුයේද) මායාවි ප්‍රයෝග ඇත්තේ වේද ඔහු වාසලයයි.´´ දැන ගත යුතුයි.

5. ´´ මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක් පක්‍ෂින්ට හා සෙසු සතුන්ට හිංසා කෙරේද (හෙවත් දිවි තොරකෙරේද) යමෙක් හට සන්‍වයා කෙරෙහි දයාවක් නැත්තේද, ඔහු වසලයා යයි දත යුතුයි.

6. ´´යමෙක් තෙම ගම් හා නියම් ගම්ද විනාශ කෙරේද, සේනාව ලවා වටලාද නිග්‍රහ කරන්නෙකැයි ප්‍රසිද්වේද ඔහු වසලයෙනැයි දැනගගත යුතුයි.

7. ´´ගමෙහි හෝ ඉදින් වනයෙහි හෝ අනුන් ගේ මමන්‍වය ඇති යම් වස්තුවක් සොර සිතින් ගනිද ඔහු වසලයෙකැයි දත යුතුය.

8 ´´යමෙක් තමෙ ඒකානතයෙන් ණය රැගෙන චොදනා කරනු ලබන්නේ ´´තට ණයක් නැත්තේයයි´´ බැහැර යාද ඔහු වසලයෙකැයි දත යුතුය.

9. ´´යමෙක් ඒකානතයෙන් කිසි වස්තුවක් කැමැත්තේ මාර්‍ගයෙහි යන්නා වු ජනයා නිසා කිසි වස්තුවක් පැහැර ගනිද, ඔහු වසලයෙකැයි දත යුතුය.

10. ´´ යම් මනුෂ්‍යයෙක් සාක්‍ෂි විචාරණ ලද්දේ තමා හේතු කොට ගෙන හෝ අනුන් හේතු කොට ගෙන හෝ යම් ධනයක් හේාතු කොට හෝ බොරු කියාද, ඔහු වසලයෙකැයි දත යුතුය.

11. ´´ යමෙක් නැයන්ගේ හෝ යහලුවන්ගේ හෝ භා්‍ය්‍යාවන් කෙරෙහි බලාත්කාරයෙන් එකක්හුගේ ප්‍රෙමයෙන් හෝ උභය ප්‍රෙමයෙන් හෝ දක්නා ලැබේද හෙවත් අනාවාරයෙහි හැසිරේද, එබදු පුද්ගලයාවසලයෙකැයි දත යුතුය.

12. ´´යමෙක් තෙම බොහෝ ධනධාන්‍ය ඇත්තේ ජරාපත්වු පහවර්‍ගය යෞවන බව ඇති බව හෝ පියා හෝ පෝෂණය නොකෙරේද ඔහු වසලයෙකැයි දත යුතුය.

13. ´´යමෙක් තෙම මවට හෝ පියාට හෝ සහෝදර සහෝදරියන් හා නැදිමයිලනට හෝ හිංසා කෙරේද, වචනයෙන් ක්‍රොධකෙරේද, ඔහු වසලයෙකැයි දත යුතුය.

14. ´´ යමෙක් තෙම විචාරණ ලද්දේම අනර්‍ථයක්ම ප්‍රකාශ කෙරේද සැගවිම වශයෙන් යම් යම් දේ කථා කෙරේද, ඔහු වසලයෙකැයි දත යුතුයි.

15. ´´ යමෙක් තෙතම පව්කම් කොට මා නොදනිවායි නැමති වේද යමෙක් තෙම අනුන් නොදන්වා සඟවා කරන ලාමක ක්‍රියා ඇත්ත්ද, ඔහු වසලයෙකැයි දත යුතුයි.

16. ´´ යමෙක් තෙමේ මේ ඤාති මිත්‍රදි අන් ගෙයකට ගොස් යහපත් භොජනයකු අනුභව කොට පසුව තමාගේ ගෙට පැමිණි ඔවුන්ට ආහාර පානයක් නොදේද, ඔහු එකාන්තයෙන් වසලයා යයි දත යුතුය.

17. ´´ යමෙක් තෙම බ්‍රාහ්මණයෙකු හෝ ශ්‍රමණයකු හෝ අන්කිසි යාචනයකු හෝ තමාගේ ගෙට පැමිණ කල්හි බොරු කියා වඤාචාකෙරේද ඔහු වසලයෙකැයි දත යුතුයි.

18. ´´යමෙක් තෙම බ්‍රාහ්මණයකු හෝ ශ්‍රමණයකු හෝ පෙරවරු වේලෙහි පැමිණි කල්හි කිසිවක් නොදේද නුසුදුසු වචන කියමින් රොස් උපදවාද, එබදු පුද්ගලයා වසලයෙ කැයි දත යුතුය.

19. මේ ලොකයෙහි යමෙක් තෙම මොහයෙන් වැසෙන ලද්දේද කිසියම් දෙයක් නොදී වළකමින් අසත්පුරු්ස වචන කියාද? ඔහු වසලයයි දත යුතුයි.

20. ´´ යමෙක් තෙම සවකීය උඩගු මානයෙන් පිරිහුනේ තමන් උඩගු කෙරේද අන්‍යයාට නින්‍දකෙරේද හෙවත් හෙලා දකීද, ඔහු වසලයයි දත යුතුයි.

21. ´´ යමෙක් අනුන්ට ක්‍රොධ කෙරේද තද මසුරු සිත් ඇත්තේද නැති ගුණයෙන් පෙනී සිටීද ලජ්ජානැතතේද පවට බිය නැත්තේද ඔහු වසලයයි දත යුතුය.

22. ´´යමෙක් තෙම බුදුන්ටද උන්වහන්සේගේ ශ්‍රාමකයන්ටද පරිබ්‍රාජකයන්ටද ගෟහසතයන්ටද පිරිහෙලා කථා කෙරේද, ඔහු වසලයෙකැය ිදත යුතුයි.

23. ´´යමෙක් තෙම රහත් නුවුයේම රහත්යයි අඟවාද බ්‍රහ්මයන් සහිත වු ලොකයෙහි මෙතෙම ඒකාන්තයෙන් පළමු වැනි මගසොරා වේ මේ තෙමේ චණඩාලයන්ගෙන් අධමවේ.

24. ´´ජාතිය හෙතු කොට ගෙන චන්ඩාලයෙක් නොවේ. ජානිය හෙතු කෙට ගෙන බ්‍රාහ්මණද නොවේ. අධම ක්‍රියාව හේතු කොට ගෙන චන්ඩාලවේ යහපත් ක්‍රියාව හේතු ාකට ගෙන බ්‍රාහ්ඹනද වේ.

25. ´´ යම් සේ මාගේ මේ උපමා දැන්වීමක් ඇද්ද ජාතිය හේතු කොට ගෙන සැඩොල් නොවන බව මෙයින්ද දැන ගනිව්. සැඩොල් පුත්වු සොපාකයයි කියන ලද මාතඩගයයි ප්‍රසිඬවු.

26. ´´ඒ සොපාක තෙරුන්වහන්සේ මේ රාගාදී රජස් රහිත වු මහතුන්ගේ මහාමාර්‍ගයවු ඒ අෂ්ථසමාපත්ති නම් දිව්‍යයානාවට නැගි නාමරාගය පහකොට උප්පත්ති වශයෙන් බ්‍රහ්මලොකයට පැමිනියේ විය.

27. ´´ජාතිය ඔහු බඹලොව ඉපදිමෙන් නොවැලක්විය මන්ත්‍ර අධ්‍යයනයයෙන් කල් යවන ප්‍රසිද්ධ බ්‍රාහ්මණ කුලයෙහි උපන්නා වු වෙදයම නොහොත් මන්ත්‍රයම පිහිටකොට ඇති බ්‍රාහ්මණයෝ පව් කිරිමෙන් නිතර පව් කරන බව දක්නා ලැබෙද්ද, ඒ බ්‍රාහ්මනයෝ මෙලොවදීම නින්දාවට පැමිණෙන්නෝ මෙත්. පරලෙව්හිදී දුගති නම් වු සතර අපායට පැමිණෙනනො වෙත්. ජාතිය ඒ සන්‍වයන් පරලොව අපායෙන් හෝ වෙලොව නිනාදවෙන් හෝ නොනවත් වනනේය.

28. ´´ජාතිය හේතු කොට ගෙන වසලයෙක් නොවන්නේය. ජාතිය හෙතුකොට ගෙන බ්‍රාහ්මණයෙක්ද නොවනනේය. ක්‍රොධ ඊෂ්‍යා මනාදී හිනවු පාප ක්‍රියාවෙන් වසලයෙක් වනනේය. ක්‍රොදාදී පාපකාර්‍මයෙන් තොරවු කරුනාදි යහප්ත ක්‍රියාවෙන් උතුම් ජාතියා වු බ්‍රාහ්මණයෙක් වනනේ යයි.´´ වදාළසේක.

29. මෙසේ වදාළ කල්හි අග්ගිකභාරවජ නම් බ්‍රාහ්මණ තෙම බුදුරජාණන් වහන්සේට මෙසේ සැළ කෙළේය. (මෙහි සුත්‍ර නිපාතයේ 1 වර්‍ගයේ 4 සුත්‍රයේ 8 ජේදය යෙදිය යුතුයි.)

විජය සුත්‍රය

1. යන්නේ හෝ ඉදින් සිටින්නේ හෝ හිදිනේ හෝ හෝනේ හෝ වේද හකුළු වන්නේද, දිගු කෙරේද, මෝතොමෝ රූප කායයාගේ සෑලීම වන්නේය.

2. කය ඇටින් හා නහරින් යුක්ත බැවින් සමින් හා මස්පිඩිනි තැවරීම ඇති බැවින් සිටියෙන් වසන ලද බැවින් එහි ඇති තතු නොපෙනේ.

3. බඩවැලින් පිරිත, නොපැසුන අහරින් පිරිත අක්වා වෙන් පිරිත මුත්‍රයෙන් පිරිත හදමසින් පරින පපු කැනින් පිරිත වගුගඩුවෙන් පිරින, බඩදිවෙන් පිරින.

4. සොටුයෙන් පිරිත, කෙළින පිරින, ඩහදියෙන් පිරින, මේදසින් පිරින, ලෙයින්, සදමිඳුලින්, පිතින්, මුරුණු තෙලින්, පිරන.

5. නැවතද මේ ශරිරයාගේ් නව මගින් හැම තන්හිම අපවිත්‍ර වැගිරෙනනේය. දෙඇස් සිඳුරෙන් කබද, දෙකන් සිදුරෙන් කනින් පිටවන අපිරිසිදු දේද වැගිරෙන්නේය.

6. දොනසා සිදුරෙන් සැරව වැනි කුණුද එක් කළෙක කටින් පිතද එක්කලෙක සෙමද වමනය වන්නේය. කයින් ඩාදියද, හැම කල්හි හැම ඉරියව්වෙහි වැහෙන්නේය.

7. නැවත මේ කායයාගේ සිදුරුවු හිස හිස් මොලින් පිරෙනලද. ඒ කය බාල ජනතෙම නොදැනිමෙන් මෙහෙයන ලද්දේ ඉෂ්ඨ හෙයින් සලකන්නේය.

8. නැවතද ඒ කය මළේ. ඉදිමුණේ නිල් වුයේ අමු සොහොනෙහි දමන ලද්දේ. යම් කලෙඛ ගොවිද සියලු නෑයෝ නිරාලයව හරිත්.

9. මළ කය බල්ලෝද, සිවල්හුද, චණ්ඩ මෟගයෝද, පණුවෝද, කපුටුවෝද ගිජුලිහිණියෝද, කති. අනිකුත් යම් සන්‍ව කෙනෙක් ඇද්ද ඒ සත්හු කන්නාහ.

10. මේ ශාසනයෙහි බුදු වදන් අසා විදර්‍ශනා නුවණ ඇති ඒ මහණ වනාහි ඒ කය පිරිසිද දන්නේය. යම් හෙකින් තත්වු පරිද්දෙන් දකීද එහෙයිනි.

11. මේ සිත් ඇති අශුභය යම් සේ යාම් සිටීම් හිදිම් හොවීම් කෙරේද, සිත් නැති මේ අශුභය පළමුවෙන් එසේම කරන්නේ විය. මේ මළ ශරිරය යම් සේ යාම් ඊම් ආදිය
නොකෙරේද, මේ සිත් ඇති අශුභයන් මතු එසේ නොකරනනේය. මෙසේ පිළිපන් මහණන පිළිවෙළින් තමා තුළ වුද පිටත්හිවුද කයෙහි ඇල්ම දුරු කරන්නේය.

12. මේ ශාසනයෙහි රහත්මග නුවණින් යුක්ත ඒ රහත් මහට හික්මෙන මහණ ඡන්‍ද රාගයෙන් වෙන්වුයේ අමාතවු ශාන්ති වනම් වු නිර්‍වාණ නම් වු චුති නැති බැවින් අම්වුතයයි යමක් වදාරණ ලද්ද ඒ ශාන්ති පදවියට පැමිනියේය.

13. දෙපයින් ඇති මේ මිනිස් සිරුර අපවිත්‍රවුයේ දුගද වුයේ පරිහරණය කරයි. කෙස් ඈ නොයෙක් කුනින් පිරුණෝ ඒ ඒ දොරින් අශුචි වැගිරෙන්නේ්මය.  මෙබදු වු කුණු කයින් යුක්තවුයේ යම් නුවණ නැති පිරිමියෙක් හෝ ගැහැණික් උසස් බව ස්තන්නට සිතාද අන්‍යයන්ට හෝ අවමන් කරන්ට සිතාද අඥානකම විනා මෙහි අනි කරව කාරණයක් ඇද්ද.´´

කසිභාරද්වාජ සුත්‍රය

1. මවිසින් මෙසේ අසන ලදි. එක්කලෙක භාගය ්‍යවතුන් වහන්සේ මගද දනව්වෙහි ඒකනාලා කම් බමුණු  ගම්හි දක්ඛිනගිරි විහාරයෙහි වැඩ වසනසේක. ඒ නාගයෙහි කසිභාරද්වාජ නම් බ්‍රාහ්මණයා විසින් වප් කල්හි පන්සියයක් නගුල් යෙදන ලද්කාහු වෙත්. ඉක්බිත්තෙන් භාගයවතුන් වහන්සේ පෙරවරුකාලයෙහි හැදපෙරව පා සිවුරු ගෙන කසිභාරද්වාජනම් බමුණාගෙක් භෝජනයම් තැනෙන්හි වේද එතැනට පැමිණිසේක. එකල කසිභාරද්වාජ බමුණාගේ අනුභවය පවතී.

2. බුදු රජතෙම අනුභවය යම් තැනෙක පවතිද එතැනට පැමිණයේය. පැමිණ එකත්පසෙක සිටියේය. කසීබාරද්වඩ බමුණු පිසු පිණිසහඅන් භාගයවතුන් දැක්කේය. දැන භාග්‍යවතුන්ට මෙය කියේය. ´´ මහණ මම වනාහි සී සාමි වපුරමි. සිසා වපුරා අනුභව කරමි. නුඹද මහණ සිනාම වපුරව, සීසා වපුරා අනුභව කරව.´´

´´ මමද බමුණ සාමි, වපුරමි, සා වපුරා වළදමි.´´ යි වදාලෝය´´

´´ භවන් ගෞතමයන්ගේ විය අඩක් හෝ නගුළක් හෝ සී වැලක් හෝ කැවිටක හෝ ගෙනානු හෝ නොම දකිමු.

´´එතකුද වුවත් භනත් ගෞතමතෙම මෙසේ කියයි.

´´ මමද බමුණ, සාමි, වපුරමි, සා වපුරා වළදිමි. ූ´´ යි ඉක්බිති කසීභාරද්වජ බමුණු භාග්‍යවතුන්ට ගාථාවකින් කියේය.

3. ´´ සාන්නෙකැයි ප්‍රතිඥකෙරහිය. ඔබගේ කෟෂි භාණ්ඩ නොදකිමු. අප විසින් විචාරණ ලදි. යම්පරිද්දකින් ඔබගේ ඒ උපකරණ දැන ගන්නේ මුද කියනු ලැබේ.

´´ ශ්‍රාද්ධාතොමෝ බිජුවටය, තපස වෂාවය, මාගේ ප්‍රඥාව විය හා නගුල්ය. ලැජ්ජාව නකුලිසය, සිත යොතය ස්මැතිය මාගේ සිවැල හා කැවිටයි.

4. ´´රක්‍ෂාකරණ ලද කාය සුවරිතය ඇත්තෙක්මි මාක් සුචරිතය ඇත්තෙක්මි. සිවුපසෙහි ආහාරයෙහි සංයතයෙමි. සත්‍යයෙනි තෟෂ්ණා නැති කරමි. අභිඵල විමුක්තිය මාගේ මිදිමයි.

´´ මාගේ වියධුර ඉසිලිම් සංඛ්‍යාත (කායික වෛතසික) විය්‍ර්‍යයනිවන දක්වා පවති. යම්තැනකට ගෙසි ශෝක නොකෙරේද ඒ දක්වා නෙනැවතී යයි.

´´ මෙසේ මේ සිය ( මා විසින්) සාන ලදි. ඒ සිය අමෟතඵළ ඇනිවේ . මේ සිය සා සියලු දුකින් මිදේ.´´

5. ඉක්බිති කසී භාරද්වාජ බමුණු තෙම මහත් රනි තිලියෙක්හි කිරිබත් බහා යම් හෙයකින් පින්වත් ගෞතම තෙම අමෟතඔල ඇතිඅ සයක් සායිද එහෙයින් පින්වත් රෙැෟතමයන් වහන්සේ කිරිබත වලදන සේකවායි´´ භාග්‍ය වතුන් වහන්සේට පිළිගැන් වුයේය.

´´ මා විසින් ගාථා කියා ලබන ලද භොජනය වැළදිය යුතු නොවේ. බමුණ, මනා දිවි පැවැත්ම දන්නාවු බුදු වරුන්ගේ මේ ගි කියා වැළදීම ධර්‍මය නොවේ. බුදු වර යෝ ගි කියා භොජනය බැහැර කෙරෙත්. බමුණු ආය්‍ර්‍යධර්‍මය ඇති කල්හි මේ ජිවිකා වාර්තියයයි.

6. ´´ සියලු ගුණයේන සම්පුරණ වු මහර්ෂිවු ආශ්‍රව කුකුස් සන්සිදවු ක්‍ෂිණාශ්‍රවයන් අන්‍යවු ආහාරපානයෙන් උපස්ථාන කිරව. රහත් සමුහයා වනාහි පින් කැමැත්ත වුන්ට කෙතක් වෙයි.´´

´´ එසේ නම් පින්වත් ගෞතමයන් වහන්ස, කවරෙකුට මේ බත දෙව්දැයි.´´ (විචාලේ)

´´ බමුණ දෙවියන් සහිත වු මරුන් සහිත වු බ්‍රහ්මයන් සහිත වු අවකාශ ලෝකයෙහිද ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වු සන්‍වලෝකයෙහිද තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයකු හැර ඉන් පිටත් යමකු විසින් ඒ කිරිබත් වළදන ලද්දේ මනා දිරිමට යන්නේද, ඵබන්දෙකු මම නොදකිමි. එසේ නම් තෝ ඒ කිරිබත නිල් තණ රහිත තැනෙක්හි දමව.ඉන් මරණයට පැමිණෙන සතුන් නැති ජලයෙහි හෝ උපුල්වා හරුවයි.´´
වදාලෝ.

7. ඉක්බිති කසිභාරද්වාජ බ්‍රාහ්මණතමෙ ඒ පායාසය ප්‍රාණින් රහිත ජලයෙක්හි පාකොට හැරියේය. ඒ කිරිබත ජලයෙහි දමන ලද්දේ විච්චිට යන ශබ්ද කෙරේ. හාත්පසින් දුම් නගි. වැඩියක් දුම් නගි. (කෙසේද) දවස මුළුල්ලේ රත් වු නගුල් කලය දියෙහිදමන ලද්දේ යම් සේ විච්චිට යන ශබ්ද කෙරේද, විටචිට යන ශබ්දකෙරේද චිටචිට යන ශබද්කෙරේද, හා්තපසින් දුම් නගි. අතිශයින් දුම් නගි. ඉක්බිති කසී භාර ද්වාජ බ්‍රාහ්මණතෙමසංවේගයට පැමිණියේ ලොමු දැහැගත්තේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක්හිද එතැන් පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ පාමුල් හි හිසින් වැටී උන්වහනසේට මෙසේ සැළකෙළේය.

8. ´´ පින්වත් ගෞතමයන් වහන්ස, ධම්දේහණය ඉතා මැනවි. පින්පත් ගෞතමයන් වහන්ස, දම්දෙසුම ඉතා මැනමි පින්වත් ගෞතමයන් වහන්ස. යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේ යම් සේද, වැසුනක් විවෟත කරන්නේ යම් සේද, මංමුලාවුවෙකුට මග කියන්නේ යම්සේද, ඇස් ඇත්තෝ රූපයන් දකිත්වායි අදුරෙහි තෙල් පහනක් දල්වන්නේ යම් සේද, එපරිද්දෙන් භය්‍යවත් ගෞතෙමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය. මේ මම භාගයවතුන් වහනසේද ධර්‍මයද සංධ්‍යාද සමරණයෙමි. භවත් ගෙූතෙමයන් මහනසේ සමියෙහි මම පැවිද්ද ලබන්නෙමි. උපසම්පදාවද ලබන්නෙමි.

9. ඉක්බිත්තෙන් සසීබාරද්වාජතෙම භාගයවතුන් මහන්සේ සමිපයෙහි පැමිදද ලැබුයේය. උපසමබදාව ලැබුයේය. උපසම්බන්නයෙන් නොබෝ කල්වු ආයුස්මත් භාරද්වාජතෙම හුදකාලා වුයේ වෙන්වුයේ ප්‍රමාද නොුවයේ කෙලෙස් නවන වි්‍ය්‍ර්‍යය ඇත්තෙ පමණට පෙහෙයන පස සිත් ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් පිණිස කුළපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නිකම් ශානසයෙහි පැවිදිවෙද්ද ඕ උතුම් වු රහත්ඵලය මේආත්මයෙහිම තෙමේ විශෂඨඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකෙට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්‍ෂය කරණ ලදී. බ්‍රහ්මචරියාව වැසනිමවන ලදි. කටයුතු කොට නිවවන ලදි. කෙලෙසුන් නැසිම පිණිස තවත් භාවනාවක් නැතැයි දැන ගත්තේය. ආයුෂ්මත් භාරවැජ ස්ථවිරයන්වහන්සේ ්රහතුන් අතුරෙත් එක්තරා කෙනෙක් වුහ.

පරාභව සුත්‍රය

1. ´´ මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමිපයෙහිවු ජෙතවන නම් වු අනේ පිඩු මහ සිටුහු විසින් කරවන ලද විහාරයෙහි වැඩ වාසයන සේක. ඉක්බිත්තෙන් එක්තරා දෙවතාවෙක් රාත්‍රිය සම්බන්‍ධ ප්‍රථම යාමය ඉක්මුණු කල්හි අතිශයින් යහපත් ශරීර වර්ණයෙන් ජෙතවන විහාරය මුලුල්ල බබුළුවා භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැද එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවු ඒ දෙවතාවා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ දැනුම් දුන්නේය.

2. ´´ අපි හැමදෙනම පිරිහෙන්නාවු පුරුෂයා ගෞතමයන් වහන්සේගෙන් අසාදැන ගන්නා පිණිස ආවෙමු. පිරිහෙන්නා වු සන්‍වයාට ඊට හෙතු කවරේදායි ´´ විචාලේය.

3. ´´වැඩෙන්නාවු පුරුෂතෙම ධර්මකාමි ප්‍රතිපත්ති වල හැසිරෙනු දැකිමෙන් හා ඇසිමෙන් සුවසේ දත හැකි වන්නේය. පිරිහෙන්නා වු  පුරුෂ තෙම ධර්‍මයට වෛරකරණ ප්‍රතිපත්ත් දර්‍ශනයෙන් හා ශ්‍රමණයෙන් සුවසේ දතහැකි වන්නේය. දශ කුෂල් ධර්‍මයට වෙෂිව නොකැමතිව අසා නොපිළිපදනේ පිරිහෙන්නේය.

´´ මේ පිරිහෙන පළමුවන කාරණය වදාළ පරිද්දෙන්ම දැනුම්හ´´1

4. ´´භාග්‍යවතුන් මහන්ස දෙවැන් පිරිහෙන කාරණය වදාළ මැනිවි. පිරිහිමට කාරණය කවරේද?
සද්ධර්මයට කැමති නොවීමෙන් පිරිහිමට පැමිණෙන පුරු්සයාහට පුරණකාශ්‍යපාදි මිසදුටු ගත් අසත්පුරුෂයෝ ප්‍රියවෙති.ඒ පිරිහිමට පැමිණෙන පුරුෂතෙම බුධාදි සත් පුරුෂයන් ප්‍රිය නොකරන්නේය. යට කියන ලද නිවටුනගේ අසත්පුරුෂ ධර්මයන් රුචිකරනයි. අසත් පුරුෂයන්
කෛරහි ප්‍රියවීම , සත්පුරුෂ අප්‍රිය විම අසත්පුරුෂයන්ගේ අසධම්‍රයට නැමත් විමය යන ම් තුන පිරිහිමට කාරණයයි. වදාළසේක. ´´ මේ දෙවෙනි පරිහානිනාරණය වදාළ පරිද්දෙනම දැනුම්හ.´´

5. ´´භාග්‍යවතුන් වහන්ස, තුන්වැනි පරිහානි කාරණය වදාළ මැනවි. පිරිහිමට කාරණා කවරේදායි´´ විචාළේය.

´´ යම්කිසි සන්‍වයෙක් තෙම නිතර නිදනනේද බොහෝ දෙන රැස්ව කථාකරණ තැනට එළඹ කථවෙහි ඇලුනේ වේද විය්‍ර්‍ය විය්‍ර්‍ය තේජස් නැත්තේද අලසද ක්‍රොධයම ලකුණු කොට ඇත්දෙ යන මේකරුණු පිරිහිමට කාරණයයි මදාළසේක. ´´මේතුන්වෙනි පරිහකානි කාරණය වදාළ පරිදි දැනගතුම්හ.

6. ´´භාග්‍යවතුන් වහන්ස, සතර වෙනි පරිහානි කාරණය වදාරණසේක්වා, සන්‍වයා පිරිමට කාරණය කවරේදැයි විචාලේය.

´´ යම්කිසිමෙක් ජරාවට ගිය කරුණ බව ඉක්මවු වැදු මෑනියන් හෝ පියාණණ් හෝ (තමා) පොහොසත්වුයේ පොෂණය නොකෙරේද එය පිරිහමටකාරණයයි´´ වදාළසේක. ´´මේ සිවුවෙනි පරිහානිකාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්ංහ,´´

7. ´´භාග්‍යවතුන් වහන්ස, පස්වෙනි පරිහානා කාරණය වදාරණ මැනව. කවරේදැයි ´´ විචාළේය.
´´ක්‍ෂත්‍රියාදී යම්කිසිවෙන් බැහැර කරන ලද පවු ඇති ක්‍ෂිණාශ්‍රව වු බ්‍රාහ්මණයෙකු හෝ සන්සිදුවනලද පව් ඇති එබදු ශ්‍රමණයකු හෝ අපි නැවත අනුකිසිවක් ඉල්වන යාචක යෙකු හෝ බොරු කිමෙන් වංචා කෙරේද දෙලොවින්ම පිරිහිමට කාරණයයි´´ වදාළසේක. ´´ මේ පස්වැනි පරිහානි කාරණයවදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.´´

8. ´´භාග්‍යවතුන් වහන්ස, සවෙනි පරිහානි කාරණය වදාළ මැනව. කවරේදැයි´´ විචාළේය.

´´ බොහෝ පොහොසත් රන්රිදි මිණිරුවන ඇති බොහෝ කහවනු සහිත වු නොයෙක් සුපව්‍යඤජනයෙන් යුක්ත බොජුන් ඇති පුරුෂයෙක් තෙම මියුරු රස ඇති භෝජන තම අඹුදරුවන්ටත් නොදී තනිවම අනුභව කෙරේද? මේ සවෙනි පරිහානි කාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.

9. ´´භාග්‍යවතුන් වහන්ස, සත්වෙනි පරිහානි කාර්ණය කවරේදායි´´ විචාළේය.
´´යම් සන්‍වයෙක් ජාතිය කරණකෙට ගෙන තදමානය ඇත්තේ වේද ධනය හේතු කොට ගෙන තදමානය ඇතිතේ මේද, ගොත්‍රය හෙතුකෙට ගෙණ තද මානය ඇත්තේ වේද තමාගේ අවත්‍ශ්ෂ නෑයන් ජාති ධන ගොත්‍ර වශයෙන් පහත් කෙට සිතාද, ඒ සිය නැයන් යටත්කෙට දැකිම ඒ සන්‍වයා කහට පරිහිමට කාරණයයි.´´ වදාළ සේක. මේ ´´සත්වැනි පරිහානි කාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.´´

10. ´´භාග්‍යවතුන් වහන්ස, අටවෙනි පරිහානා කාරණය වදාළ මැනව. කවරේදැ´´ යි විචාළේය.

´´යම් සන්‍වයෙක් තෙම පර ස්ත්‍රින් සේවනය කෙරේද, සුරාබිමෙහි ලොල්වුයේද, දු කෙළියෙහි ලද ලද යම් වස්තුවක් නිසාද එය පිරිහිමට කාරණයයි.´´ වදාළ සේක. ´´මේ අටවැනි පරිහානි කාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.´´

11.´´භාග්‍යවතුන් වහන්ස, නවවැනි පරිහානා කාරණය කවරේදාය´´ විචාළේය.

´´ තම තමන්ගේ භාය්‍ර්‍යවන් හේතු කොට ගෙන නොසතුටු වු යමෙක් වෛශ්‍යාවන් කෙරෙකහි දක්නා ලැබෙයිද පරස්ත්‍රින් කෙරෙහි දක්නා ලැබේද එය පිරිහිමට කාරණයයි´´. වදාළ සේක. මේ නවවැනි පරිහානි කාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.

12. ´´භාග්‍යවතුන් වහන්ස, දශවෙනි පරිහානි කාරණය වදාළ මැනව. කවරේද?

´´ඉක්මගිය යෞවන වයස් ඇති පුරුෂයෙක් තෙම තිඹිරි ඵළ වැනි තන ඇති තරුණියක් සරණපාවාගෙන ඇය තරුණ පුරුෂයකු පතාදෝ යන ඊෂ්‍ර්‍යවෙන් රාත්‍රියෙහි නොනිදාද, ඒ කරණය පිරිහිමට කාරණයයි.´´ වදාළ සේක. ´´මේ දශවැනි පරිහානි කාරනය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.´´

13.   භාග්‍යවතුන් වහන්ස, එකොලොස්වැනි පරිහානි කාරණය වදාළ මැනව. කවරේද?

´´මත්ස්‍ය මාංහ හා සුරාවෙහි ලොල් වු ඒ මාංශාදිය නිසා සම්පත් විසුරුවන සුලුවු ස්ත්‍රියක හෝ ඵබදු වු පුරුෂයෙකු හෝ භාණ්ඩාගාරාදිය බාරදි එකී දෙයෙහි නියුක්ත කෙරේද, එබන්දහු පිරිහිමට කාරණයයි´´ වදාළසේක. ´´ මේ එකොලෙස්වැනි පරිහානි කාරණය මේ වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.´´

14. ´´භාග්‍යවතුන් වහන්ස, දොළොස් වැනි පරිහානි කාරණය වදාළ මැනව.
´´මද වු වස්තු ඇති තෟෂ්ණා ඇත්තේක් ක්‍ෂත්‍රිය කුලයෙහි උපදීද, ඒ ක්‍ෂත්‍රිය ජාති ඇති අල්පභොග මහා තෟෂ්ණා ඇත්තේ වනාහි තමා සතුවු හෝ තමාට නොලැබෙන අනුනු සතුවු හෝ රාජ්‍යය ප්‍රාර්ථනා කෙරේද ඒ පිරිහිමට කාරණයයි.,´´
වදාළ සේක.

´´ ප්‍රඥා ඇති පුද්ගලතෙම මේ සන්‍වලොකයෙහි වු යථෙක්නවු තෙවිසි පරිහානා කරණයන් නුවනැසිත් පරික්‍ෂා කොට දැන එහි ආදිනව දත් ඒ ප්‍රඥවන්ත වු පුද්ගලතෙම දිව්‍ය ලෝකය සේවනය කරන්නේයයි.´´ වදාළ සේක.

බග්ග විශාණ සුත්‍රය

1. සියලු සන්‍වයන් කෙරෙහි පහරණ දඩුමුගුරු බහාතබා ඒ සියලු සතුනගේන් එකෙකුට ව්ත වෙහෙස නොකරනනේ තනිවුයේ එක පුත්‍රයෙකුත් නොකැමැති වන්නේය. යහළුවකු කොයින්ද හුදකලාවුයේ

´´ කඟ වේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය. (මේ වාක්‍යය මේ සුත්‍රයේ සැම ඡේදයක් අගට යෙදිය යුතුය.)

2. ´´ කයින් සිතින් උපන් එකතුවීම් බව ඇත්තාහට බලවත් රාගය වන්නේය. ස්නේහය අනුවයන මේ දුක වන්නේය. නොහොත් සංසගිය ඇත්තාහට රාගය උපදනේය ඒ ස්නේහය අනුවගිය මේ දුක උපදනේය. රාගයෙන් උපන් දෝෂය නුවණැසින් දක්නේ,

3. මිත්‍රවු සිතට ප්‍රියවු හැමදෙනා කෙරෙහි දයා පවත්වනනේ පිළිබද සිත් ඇත්තේ යහපත නසන්නේය. මේ භය විත්‍ර සන්ථවයෙහි දක්නේ.

4. යම්සේ හුණ පදුර විශාලවුයේ  අවුල් වුයේ උස්ව සිටියේද එසේම පුතුන් දුන් කෙරෙහිද අඹුවන් කෙරෙහිද යම් තෟෂණාවෙක් ඇද්ද, ඒ තෟෂ්ණා තොමෝ හුණ ගොබය මෙන් නොඇලුනේය.

5. ´´නොබදනාලද පසද මාගතෙම උයන්හි ගොදුරු පිණිස යම් දිශාභාගයකින් අභිමත දිශාභාගයකට යනු කැමැත්නේද, ඒ දිශාභාගයෙන් යම් සේයේද, එපරිද්දෙන් තනිවහැසිරිම් නුවණැසින් දන්නා පණ්ඩිත පුරුෂ තමෙ.

6. ´´යහළුවන් මැද සිටියහුගේද, දහවල් ශයනය කරන්නහුගේද උපසථාන කරණ තැන හුන්නහුගේද යමින් සිටියහුගේද චාරිකාවෙහි යන්නහුගේද මෙය අසම යනාදී ඇමතිම් වන්නේය. ආශාරහින බවද තනිව හැසිරිමිද නුවනණැසින් දක්නේ හුදකලාවුයේ,

7.´´යහවන් මැදදී ක්‍රිඩාවද, පස්කම්බි ඇල්මද, වන්නේය. දු පුතුන් කෙරෙහි බොහෝ වු ප්‍රේමයද වන්නේය. ප්‍රිය විප්‍රයෝගයටපිළිකුල් කරන්නේය.

8. ´´හින ප්‍රණිත චතුර්විධ ප්‍රත්‍යයෙන් සතුටු වන්නේද බ්‍රහ්මවිහාර වඩන සිටුදිග ඇත්තේ,  ගැටීමක් නැත්තේවේද, හෙතෙම උපද්‍රවයන් ඉවසන්නේවේද, නැතිගැන්මක් නැත්තේද වේද,

9. ´´ සමහර පැවිදිවුවෝද නැවත ගිහිගෙයි නිවසක ගෟහසථයෝද, සංග්‍රහනොකට හැක්කේය. අනුන්ගේ දරුවන් කෙරෙහි සංග්‍රහ කිරිමට නිරුත්සාහව.

10. ´´ ගිහි බව ප්‍රකාශ කරණ හිසකේ රවුළු ආදී ගිහිවෙස්පහකොට වැටුණු පත්‍ර ඇති කොබෝලීල ගසක් මෙන් ගිහින්ට බත්‍ධන වු පඤචකාම බත්‍ධනයන් සිද විය්‍ර්‍යයෙන් යුක්ත වුයේ.

11. ´´ විය්‍ර්‍ය ඇති එක්ව වසන සබදයකු ඉදින් ලබන්නේ නම්  සියලු උපද්‍රවයන් මැඩගෙන ඒ සහාය ලාභයෙන් සතුටු වුයේ සිහයෙන් හැසිරෙන්නේය. විය්‍ර්‍ය ඇති එක්ම වසන සයදයකු ඉදින් නොලැබෙන්නේ නම් විරුද්ධ රජකු විසින් ජය ගන්නා ලද රට හැර යන රජෙකු මෙන් අසාහය වුයේ

´´ එකතෙතයෙන් යහපත සහායයන් ලැබිමට ස්තුති කරමින් තමහට වඩා ගුණයෙන් උසස්වුද සමවුද සබදහු සෙවිය යුත්තෝය. මේ විප්‍රකාර සහායයන් නොලැබ දැහැමින් සෙමෙන් උපන් භොජනය වලදන කුළ පුත්‍රතෙමේ අසහාය වුයේ.

13.´´ රන්කරු පුතු විසින් මොනවට කරණ ලද දැතෙහි ගැටෙන්නාවු බබලන සුළුවු රනින් කළ සම්බත්‍ධ වුවළලු දාක කිපයක් ඇතිතැන ගැටිමත් එකක් ඇති තැන නොගැටිත් සිතා පසේබුදු වීම්. මා සේ වනු කැමැත්තෝ.

14. ´´ දෙවැන්නකු සමග බොහෝ කථාකිරිමද ස්නේහයෙන් ඇල්මද යන මේ භය මත්තෙහි වන්නේයයි නුවණැසින් දක්තෙම් (පසේ බුදු විමි) අසහායව.

15) ´´ රුපාදී වස්තුකාමයොචනාහි අනෙක ප්‍රකාරවුවෝ මියුරුවුවෝ සිත අලවන්නෝ නිලාදී විවිධ ස්වරුපයෙන් බාලපුහුදුන්ගේ සිත මඩිති. මා සේ වනු කැමති කුල පුත්‍ර තෙම පස්කම් ගුණ විෂයෙහි අගුණ නුවණැසින් දැක අසහායව,

16) ´´මාගේ පඤ්චකාම ගුණ ජාතය දුක් එළවන විපතකැයිද, ගෙඩියකැයිද, උපද්‍රවයයිද, රොගයයිද, හුලයයිද, යන මේ භග අවබෝද කෙළෙමි. පඤ්චකාම ගුණයේ මේ බිය දැක මා සේ වනු කැමති අත්‍ථිකාමි කුල පුත්‍ර තෙමේ අසහායව,

17) ´´ අභයන්තර බාහිර ධාතු කිපිමෙන් වන සිතයද උෂ්ණද සාදුක්දපිපාසා දුක්ද සුලාද අව්වද, ඩැහැලේ බොන මැස්සන් හා දිඝිජාතින් ද මේ සියලු දුක් අභිභවනය කෙට ගෙන විදසුන් වඩා පසේ බුදු විමි. අනිකුත් මා සේ වනු කැමති කුල පුත්‍රතෙමේ.

18. ´´ සුවසේ විසිම නිසා මනාශරිර ඇති පියුම් පැහැති උදාර වු ඇතු යම් සේ ඇත් රංචුව හැර කැමති පරිදි වනයෙහි වසන්නේය. හුදකාලා වු.

19. ජනසමුහයා කෙරෙහි ඇලුනහුගේ ලෞකික සමාපත්කියට පැමිණම වෙයි. යන මේ කාරණයක් ඇද්ද. එය නොසිදුවේය. යන ආදී වචබන්ධු බුදුන්ගේ මේ වාක්‍යය අසා සඩ්ගණිකායෙහි ඇලුම් හැර පසේ බුදු විමී. මා සේ වනු කැමති කුලපුත්‍ර තෙමේ.

20. ´´විදින අත්‍ථියෙන් ද්‍රෂ්ටි සංඛ්‍යාත නපුරු කටුව ඉක්ම වුයෙමි. සොවාන් මාර්‍ගයට පැමිණියෙමි. ලබන ලද ඉතිරි මාර්ග තුන ඇත්තෙම අනුන් විසින් නොපැමිණි විය යුතු වුයේ අනික් දතයුතු ධර්මයක් නැත්තමේ වෙමි. මා සේ වනු කැමත් කුලපුත්‍ර තෙමේ.

21. ´´ රස තෟෂ්ණාව ලොල් නුවුයෙමි. කුහක නොවුයෙමි. පිපාසා නැත්තෙමි. මකුගුණය නැත්තෙමි. නසනලද කෙළෙස් කයට හා මොහයට ඇත්තෙමි. සියලු ලොව භව විභව තෟෂ්ණා නැතිව පසේ බුදු විමී (අන්‍යයාන්)

22. ´´ පාපයෙන් යුක්ත වු අනත්‍ථය දක්වන කාය දුශචරිතාදී විසම දෙයෙහි ගැලුන යහළුවා විශෙෂයෙන් දුරු කරන්නේය. රූප දියෙහි ඇලුනු පමාවු ඔහු ආශ්‍රය නොකරන්නේය. එකානතයෙන්.

23. ´´පය්‍ර්‍යාප්ති ප්‍රතිවෙධ ධර බහුශ්‍රුත ව, ධර්‍මය ශ්‍රුත වශයෙන් ප්‍රතිවෙධ වශයෙන් දරණ උදාරවු වැටහිම් නුවණ ඇති කල්‍යාණ මිත්‍රයා භජනය කරන්නේය. මෙලෙව පරලොව හා පරමාත්‍ථයන් දැන සැකනසා.

24. ´´ලොකයෙහි වු ක්‍රිඩාද ඇල්මද රූපදී කම් ඇපයද සාරයයි. නොගෙන ආලය නැත්තේ සැරහිමෙන් දුරුවුයේ සත්‍යයකියන සුළුවුයේ.

25. ´´දරුවන්ද භාය්‍ර්‍යවන්ද පියාණන් හා මැණියන්ද දශවිධරත්නයන් ධාන්‍යයන්ද බන්ධුන්ද සිමා වශයෙන් සිටියා වු වස්තු කාමයන් හැර හුදකලා වුයේ.

26. ´´ මේ උපභොගවු පඤචකාමය එරෙන නැනකැයිද, මේ පස්කම්බි සැපය යන සැනසිම් ස්වල්පයැයිද පඤ්චකාමි අරමුනුකෙට ඇති සතුට ස්වල්පයයිද දුක බොහෝ යයිද මේ පඤාකාමය විලි යේ කැයිද නුවණැති පුරුෂ තෙමේ දැන මේ සියලල හැර.

27. ´´ ගගදියෙහිදි නුලෙන්කළ දළ බිදගෙන පලාගිය මත්ස්‍යායා මෙන් කාම සංයෝජනයන් ඒ ඒ මගින් නිසිලෙස විශේෂයෙන් පලා හැර දවනද ස්ථානයට නැවත නොඑන ගිනිමෙන් කාම ගුණ ස්ථානයට නැවත නොඑන්නෙමි.

28. ´´ යට බලා හෙලන ලද ඇස් ඇත්තේ අනවශ්‍ය ගමන් තැත්තේ සංසුන් ඉදුරන් ඇත්තේ රක්නාලද සිත් ඇත්තේ කෙලෙසුන් පැවතිම නැත්තේ ක්ලේස ගින්නෙන් නොදනුලබනනේ.

29. ´´ ගිහිබව ප්‍රකාශ කරණ හිසකේ දැළිරවුළු ආදිය හැර බා තබා පියා ගිහිගෙන් නික්ම මනාවැසුණු පත්‍ර ඇති කොබෝලිලගසක් මෙන් කාෂාය වස්ත්‍ර ඇත්තේ.

30. ´´රශයෙන්හි ගිජු බව නොකරන්නේ ලොල් නුවුයේ පොෂණය කටයුතු අන්‍යයෙකු නැත්තේ නොබැදුනාවු සිතින් කුලයක් පාසා පිළිවෙළින් (පිඩු පිනිස) හැසිරෙන්නේ

31. ´´ සිතට ඇවිරිම කරණ නිවරණයන් පස්දෙනා අත්හැර සියලු කිලුටු දුරු කොට දෟෂ්ටි ඇසුරු නොකළ රාගය සිද.

32. ´´ ප්‍රථමධ්‍යාන භුමියෙහිම කායික සැප දුක් ද දෙවෙනි ධ්‍යාන ආසන්නයෙහි වෙචතික දුකද තෟතිය ධ්‍යානයට ආසන්නයෙහිම චෛතිසික සැපයද, පිටත්කොට හැර ඉතා පිරිසිදු වු සතර වෙනිධ්‍යාන උපෙක්‍ෂාව ඇති සතර වෙනි ධ්‍යාන සමාධිය ලැබ පසේ බුදු විමි.

33. ´´ නිවාරණයට පැමිණිම පිනිස පටන් ගන්නාලද විය්‍ර්‍ය ඇත්තේමි, හැකුළුන සිත් නැත්තෙමි. කම්මැලි සිත් නැත්තේමි. සථිර විය්‍ර්‍ය ඇත්තෙමි. ශරිර ශක්තියෙන්ද ඤාණ ශක්තියෙන්ද යුක්ත වුයෙමි. පසේ බුදු විමි.

34. ´´ පසෙකට වීම හෝ කායවිවේදයද චිත්තවිවෙකයද නොහරින්නේ විදශීනාවට යොග්‍ය  ධර්යන් විෂයෙහි නිතර අනුලොම විධර්‍ශනාවෙහි හැසිරෙන තුන් භවයෙහි අගු දක්නාවු මම පසේ බුදු වෙමි.

35. ´´ නිවාරණය පනත නොපමාවු පණ්ඩිත වු ව්‍යක්ත වචන ඇති ඇසුපිරු තැන් ඇති සිහි ඇති සම්‍යක් ප්‍රධාන විය්‍ර්‍ය ඇති තියත ව්‍ර දන්නා ලද ධර්‍මය  ඇත්තෙමි් පසේ බුදු විමි.

36. ´´බෙර ශබ්දාදියෙහිද භය නොකරණ කෙශරසිංහය මෙන් දැල නොබැදෙන වාතය මෙන් දිය හා නොඇලෙන පද්මය මෙන් බුදුවිමි.

37. ´´සිවුපාවුන් පෙලා පන්නාහැර හැසිරෙන වසීකොට ගෙන හැසිරෙන දත්බල ඇති කෙශර සිංහයා මෙන් රජ තෙමේ දුරැවු හෝනා හිදි නැතැන් ආශ්‍රය කරන්නේ පසේ බුදු වීමි.

38. ´´විමුක්ති නම් වු මෛත්‍රි ධ්‍යානයද කරුණා ධ්‍යානයද මුදිතාධ්‍යානයද උපෙක්‍ෂාධ්‍යානයද පහසු කාලයෙහි වඩන්නා සියලු සන්‍වලොකයා හා විරුද්ධ නොවන්නේ පසේ බුදු විමි.

39. ´´රාගය ද, වෙශයද, මොහයද ප්‍රහාණය කෙට සංයෝජනයෙන් ඒ ඒ මගින් පළාහැර චුති චිත්තයාගේ බිදිමෙහි භය නොකරන්නේම් පසේ බුදු විමි.

40. ´´ මෙකළ තමා දෙස බලන අපිරිසදු මිත්‍රයෝ ප්‍රයොයක් තකා ඇලෙනි. ආශ්‍රයන් කෙරෙති. වැඩක් නොකැමත්තාවු ආය්‍ර්‍යවු මිත්‍රයෝ මෙකල ලැබිම දුර්ලබයි

ධනිය සුත්‍රය

1. පැසුණු බත් ඇති දොවු කිරි ඇති මම් මහාමහි නදියේ ඉවුර සම්පයෙහි සමාන වු ජනයා හා වසන්යන් වෙමි. මාගේ පැළ සෙවිලි කරණ ලදී. ගින්න මොළවන ලද්දේය. වළාකුල දැන් ඉදින් කැමැත්තෙහි නම් හොදට වසින්න යයි ධනිය ගොපල්ලා කියේය.

2. ධනියය මම ක්‍රොධ රහිත වුයෙමි. සිත්හි පහවු උල් ඇත්තේ වෙමි. මහිනදියගේ තෙර සමිපයෙහි රාත්‍රියේ තිනි වාසය ඇත්තෙමි. අරින ලද පැල (ආත්මිය) ඇත්තෙමි. (රාගදි) ගිනි නිවුණේය. දැන් ඉදින් කැමැත්තෙහි නම් මේඝය වසිවයි කිමට මමම නිසි ය´යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

3. කණ මැස්සන් හා මදුරුවන් නැත්තාහුය. නදිය අසබඩ හටගත් තණ ගවයෝ කති. පැමිණි වැස්ස ඉවසන්නාහුය. වලාකුළ දැන් ඉදින් කැමැත්තෙහි නම් වසින්න යයි. (ධනිය ගොපල්ලා කියේය.)

4) (මාර්‍ග නැමැති) පසුර බදිනා ලද්දිය. එතෙර වුයේ පරතෙර ගියේ වතුර පහර හික්මවනනේය, (මර්‍ග නැමැති) පසුරෙන් ප්‍රයෝජනයක්නැත. එසේ හෙයින් දැන් ඉතින් කැමැත්තහි නම් වැස්ස වසින්න යයි, භාග්‍යවතුන් වහන්සේ වදාළහ.)

5) මාගේ ගොපලු භාර්‍යාව කිකරුය. ලොල්බව නැත්තිය. බොහෝ කලක් මුළුල්ලෙහි සමග වසන්නිය. මන වඩන්නීය. ඇගේ කිසි පාපක් නොඅසමි. දැන් ඉතින් කැමැත්තෙහි නම් වැස්න වසින්නයයි (ධානිය ගොපල්ලා කියේය.)

6) ධනියය මාගේ සිත කිකරුය. මිදුනේය. බොහෝ කලක් වඩන ලදි. මොනොවට දමනය කරණ ලදී. මට පවක් නැත්තේය. දැන් ඉතින් කැමැත්තෙහි නම් වැස්ස වසින්න යයි බුදුහු වදාළහ.

7.  මම මා සතු බත් වැටුපෙන් රැකෙන්නෙමි. මාගේ දරුවෝ ද එක්ව වසත්. නිරෝගය ඔවුන්ගේද කිසි පාපයක් නොඅසමි. එසේ හෙයින් දැන් ඉතින් කැමැත්තෙහි නම් වැස්ස වසින්න යයි. (ධනිය ගොපල්ලා) කියේය.)

8.  මම කාගේවත් බැලයක් නොවෙමි. මම සියලු ලොකයෙහි බැලකමින් තොරවැ හැසිරෙමි. බැලයෙන් ප්‍රයෝජනයක් නැත්තේය වැස්ස ඉදින් කැමැත්තහි නම් වසින්නයයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

9.  මාගේ ගම මුලෙහි නාඹු වස්සෝද ඇත්තාහත කිරිබොන ලමා වස්සොද, ඇත්තාහ, ගැබ දරණ දෙන්නුද ඇත්තාහුය, නැවත මෙවුන්දම් පතන දෙන්නුද ඇත්තාහ. තවද ගමයන්ට නායකවු වෟෂභයාත් මෙහි ඇත. වැස්ස ඉදින් ඔබට වුවමනානම් වහින්න යයි (ධනිය ගොපල්ලා) කියේය.

10. (ධනියය) අපගේ සස්සෙහි වසයයි කියනලද වඩින කෙලෙස් තැන ධෙනුපානම් නිදන කෙලෙස්ද තැන. ගෙවරණි යයිකියන කර්‍ම අකුශල නැත. නැවත ගවපති වෟෂභ නම් වු අහිසංස්කාර විඥණය නැත. වැස්ස ඉදින් ඔබට වුවමනා නම්වහින්නයයි (බුදුහු වදාලසේක.)

11) ගවයන් බදිනා කණු සාරා පිහිටුවන ලද්දාහු නොසෙලවේ. මුදු තණ කොළින් කරණ ලද ලනු අළුත්ය. මනා පිහිටිම් ඇත්තාහ. කරුණ වස්සෝත් කඩන්නට නොමහැක්කේය. දැන් ඉදින් කැමැත්තෙහි න්ම වලාකුල වසින් යයි  (බුදුහු වදාළෝය.)

12)  මම වෟෂභයා බැදුම මෙන් කඩාගෙන ඇතා කිදි වැල මෙන් කඩාගෙන නැවතවම්ැබට නොපැමිණෙමි. දැන් ඉදින් කැමැත්තෙහි නම් වළාකුළ වසින්න යයි (බුදුහු වදාළෝය.)

13) එකෙණෙහි වලද ගොඩද පුරමින් මහත්වු මෙඝයෙක් වැස්සේය. වස්නාවු මෙඝයාගේ ශබ්දය අසා ධනිය තෙම මේ අදහස පැවසිය.

14)  පුදුමයෙකි, යම් බදු වු අප සැම භාග්‍යවතුන් දකුමෝද ඒ අප හැමදෙනාට මහත් ලාභයෙකි. ඇස් ඇත් කානෙනි, නුඹ වහන්සේ සරණ යමි. මහාමුනිවරය, ඔබ අපගේ ඇදුරා වෙගිය.

15)  ගොපියද මමද යන දෙදෙන කිකරුව සුගතයන් වහන්සේ සපවියෙහිප්‍රහ්මචාය්‍ර්‍යාව හැසිරෙමු. ජාතියගේ හා පරණයාගේ පරතෙර ගිය දුක අවසන් කරන්නෝ වෙමු.

16) දරුවන් ඇති පියා දු දරුවන් සමග සතුටු වෙයි. ඒ දරුවන් ඇත්තහු සතුටු වන්නේය. එසේම බෝහෝ ගවයන් ඇත්තේ ගවයන් නිසා සතුටු වන්නේය. මනුෂ්‍යයාට කාමාදියෙන් සතුටුවේ. කාමාදින් අත්හළ තැනැත්තේද සතුටු වේ. කාමාදින් අත්හළ නැතැත්තේද සතුටු නොවනනේමය.(මාර දිව්‍ය පුත්‍රතෙම කිය.)

17) බොහෝ දරුවන් ඇති පුද්ගලතෙම දුන් හා පුතුන් සමග ශොක කරන්නේය. එසේම බෝහෝ ගවයන් ඇත්තේ ගමයන් කරණ කොට ගෙන සොක කරන්නේය. ය්ම හෙතුවකින් කාමු පධිහු මනුෂ්‍යායා ශොක කරවත්ද ඒනිසා යමෙක් උපධි අත්හැරියේ වේදච හෙතෙම නොම ශොක කරත්යයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

උරග සුත්‍රය

1. යමෙක් පැතිර සිටි සර්‍ප විෂය බෙහෙතින් හරනාක්මෙන් උපන්නා වු ක්‍රොධය දුරු කෙරේද? ඒ මහණ තෙම දිරුණාවු පරණ වු සැවය හරණ සථියා මෙන් (සසර) එතෙර මෙතර දුරු කරන්නේය.

2) යමෙක් විල හට ගත් නෙලුම් මල මෙන් අල්ලාගෙන රාගය ඉතිරි නොකට සිදිද, ඒ මහණ තෙම දිරුණු පුරාණ වු සැව හරනා සථියා මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.

3) යමෙක් පැතිර සිටන වේගයෙන් දිවෙන තෟෂ්ණාව සම්පුරණයෙන් ඉතිරි නොකට සින්දේද, ඒ මහණ තෙම යථිසා දිරුණා වු පුරාණ වු සැවය මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.

4) යමෙක් මහවතුර ඉතා දුර්වල වු බට දන්ඩෙන් කළ ගෙයක් ගෙනයන්නාක් මෙන් මානය ඉතුරු නොකොට තැසිද ඒ මහණ තෙම දිරුණාවු පුරාණ සැවය (හරනා) සථියා මෙන් (සසර) එතෙර මෙතෙර දුරු කරන්නේය.

5) යමෙක් දිඹුල් රුක් වල මල් සොයන්නාක් මෙන් හවයන්හි සාරයකට නොපැමිණේද ඒ මහණ තෙම සථියා දිරුණාවු පුරාණ වු සැවය මෙන් (සසර) එතෙර මෙතෙර දුරු කරන්නේය.

6) යම් භික්‍ෂුවක්හුගේ සිත්හි ක්‍රොධයෝ තැන්නේද, මෙසේ වීම හා නොවිමද ඉක්මවීද, ඒ මහණ පුරාණවු සැවය හැරයන සථියාමෙන් (සසර) එතර මෙතර අත් හරි.

7) යම් භික්‍ෂුවත් හුගේ නව විධ විතර්‍කයේ සම්පුරණයෙන් දවන ලද්දාහුද සිතද සම්පුරණීයෙන් මනාව සින්දේද ඒ මහණ තෙම සැවය හැරයන සථියාමෙන් (සසර) එතෙර මෙතර අත්හරි.

8 ) යමෙක් ඉතා දිවීම නොකරන්නේ පසු නොබසින්නේ මේ සියලු ප්‍රමාදය, (තෟෂ්ණාව) ඉක්ම ගියේද. ඒ මහණතෙම සථියා සැවය හැර යන්නා මෙන් එතෙර හා මෙතෙර අත්හරි.

9)යමෙක් ලෙව මේ සියල්ල බෙරුයයි දැන් පහ කළ ලෙභ ඇත්තේ වේද. ඉතාදිවීම නොකෙරේද, පසු නොබසින්නේද. ඒ මහණතෙම සර්පයා සැවය හැර යන්නො මෙන් (සසර7 එතෙර මෙතෙර හැරයයි.

10) යමෙක් අතිධාවනය නොකෙරේද, නොපසුබසිද, මේ සියලු දෙය බොරුයයි පහවු ලොභ ඇත්තේද, ඒ මහණ තෙමසැවය හැර යන සථියා මෙන් (සසර) එතෙර මෙතෙර හරණේය.

11) යමෙක් අතිධාවනය නොකෙරේද? නොපසුබසීද මේ සියලු දෙය බොරුයයි පහවු රාග ඇත්තේද? ඒ මහණ තෙමසැවය හැරයන සථියා මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.

12) යමක් අතිධාවනය නොකෙරේද, නොපසුබසීද, මේ සියලු ලොෟතිකදෙය බොරුයයි පවු වෙෂ ඇත්තේ වේද, ඒ මහණතෙමසැවය හැර යන සථියා මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.

13) යමෙක් අතිධාවනය නොකෙරේද නොපසුබසීද, මේ සියලු දෙය බොරුයයි පහවු මෙහෙ ඇත්තේ වේද? ඒ මහණතෙම සැවය හැර යන සථියා මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.

14) යමෙකුට කිසිම ක්ලේශයක් නැත්තේද අකුසල් මුලයෝ මොනවට නසන ලද්දේ වෙත්ද, ඒ මහණතෙමසැවය හැරයන සථියා මෙන් (සසර) එතෙර මෙතර අත්හරිය.

15) යමකුට මෙතෙරට ඒමට කරුණු වු (සිතේ කයේ ) මෙහෙසක් නැත්තෙද ඒ මහණ සැවය හැරනසථියා මෙන් සසර එතෙර මෙතෙර අත් හරිය.

16) යම් භික්‍ෂු්වක් හුගේ තෟෂ්ණාවෙන් උපන් භවයෙහි උත්පත්තියට කාරණ වු කිසි පවක් නොවේද ඒ භික්‍ෂුව සැවය හරයන සථියකු මෙන් (සසර) එතෙර මෙතෙර හරන්නේය.

17) යමෙක් නිවරණ පස ප්‍රහින කොට නිදුක්වුයේ සැකයෙන් එතෙර වුයේ පහව ගිය හුල් ඇත්තේද ඒ මහණතෙමේ සැවය හැර යන සර්පයා මෙන් (සසර) එතෙර මෙතර අත් හරියි.