1 පියශීලී භික්ෂූන්ට සැප ගෙන දෙන්නාවූ, පවිටු භික්ෂූන්ට නිග්‍රහ කිරීමට හේතු වූ, ලජ්ජීන්ට අනුග්‍රහ කරන්නාවූ, ත්‍රිවිධ ශාසනය දරන්නාවූ, සියල්ල දත් බුදුරදුන්ට ගෝචරවූ, අන්‍යයන්ට විෂය නොවූ, නිර්භයවූ , මනාකොට පණවන ලද්දාවූ, සැක නැත්තාවූ මහත් අභිවෘද්ධිදායීවූ, විනය පිටකය ඇති කළ චුල්ල වග්ග මහා වග්ග නම්වූ, ඛත්දක විනයෙහිද පරිවාර විනයෙහිද පාරාජික පචිති නම් වූ මාතෘකා විනයෙහිද ඇති සැටි අන්‍ර්‍ථය අවබෝධ කළාවූ දක්ෂ පුද්ගල තෙමේ නුවණින් පිළිපදියි.
2 යමෙක් තමන්ගේ ගෙරි රැල මෙතෙකැයි නොදනී නම් හේ තෙමේ ගව සමූහය රැකීමට අසමත් වන්නේද එසේම තමන් අයත් සිල් කොටස් මෙතෙකැයි නොදන්නාවූ ඒ පුද්ගල තෙමෙ කිනම් සංවරයක් රක්නේද ?.
3 සූත්‍ර පිටකය පිරිහී ගගියත් එසේම අභිධර්ම පිටකය පිරිහී ගියත් විනය පිටකය නොපිරිහී පවත්නා කල නැවත සස්න පවත්නේ නම් වේ.
4 එබැවින් සංග්‍රහ කිරීමට හේතුවූ උද්දානය පිළිවෙලින් න්යායකූලව කියන්නෙමි, කියන්නාවූ මාගේ කීම අසව්.
5 වස්තුද, නිදානද, ආපත්තිද, නයද, පෙය්යාලම්ද යන එය ඉතිරි නොකොට කීම දුෂ්කර වේ. ක්‍රම වශයෙන් ( තෙපි ) එය දැනගනිව්.
6 බෝධි කථාවද, මුචලිත්ද කථාවද, රාජායතන කථාවද, අජපාල කථාවද, සහම්පතී බ්රහ්මායාචන කථාවද, දහම් දෙසනු
පිණිස ආලාර කාලාම තවුස් බැලීමද, උද්දකරාමපුත්‍ර තවුස් බැලීමද, පඤ්චවර්ගික භික්ෂූන් බැලීමද, උපක නම් ආජීවකයා සමඟ පිළිසඳර කථාවද වෙයි.
7 ඒ සර්වඥයන් වහන්සේ කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, අස්සජි, මහානාම යස යන ස්ථවිර කථාද( ඒ තෙරුන්ගේ ) සිව් යහළු තෙරවරුද, පණස් යහළු තෙරවරුද, යන සැට නමක්වූ සියළු රහත් තෙරවරුන් ( දම්දෙසනු පිණිස ) දිශාවන්ට පිටත් කළසේක.
8 රත්නත්‍රය සරණගමන කථාද, මාර කථාවද, තිසක් භද්‍රවර්ගීය වස්තුවද, උරුවෙල් තුන්බෑ ජටිලයන්ගේ දමනයද, ගිනිහල් ගෙයි වැඩහිඳීමද, සිව්වරම් මහරජුන් උපස්ථානයට පැමිණීමද, සක් දෙව් රජුගේ පැමිණීමද, මහබඹු උපස්ථානයට පැමිණීමද, අඟුමගධ දෙරට වැසියන්ගේ යාග පිණිස පැමිණීමද වෙයි.
9 සෘද්ධියෙන් පාංශකූලයක් ඉපදීමද, සක්දෙවිඳු පොකුණක් මැවීමද, සිවුරු මැඬීමට ගලක් තැබීමද, දෙවියාගේ කුඹුක් අත්ත නැමීමද, සිවුර දිගහැරීමට සක්දෙවිඳු ගලක් ගෙන ඊමද, ජම්බු ගෙන ඊමද, අඹ ගෙන ඊමද, නෙල්ලි ගෙනඊමද, පරසතුමල් ගෙනඊමද, වෙයි.
10 එක්වරම දැව දඬු පන්සීයක් පැලීමද, එක්වරම ගිනි බඳුන් පන්සීයක් ඇවිලීමද,ගිනි බඳුන් පන්සීයක් නිවීමද, හිම වැටෙන කාලයෙහි දිය ගිලීමද, ගිලී ආ තවුසන්ට ගිනි බදුන් පන්සීයක් මවාදීමද, අකාල ඛේසයද,( ගගයා ශීර්ෂයෙහි වැඩවිසීමද, ලට්ඨි වනයෙහි විසීමද, මගධෙශ්වර බිම්සර රජු සරණ යෑමද වෙයි.
11 උපතිස්ස හා කොලිත පරිබ්‍රාජකයන්ගේ හා අනිකුත් ජනයන්ගේ පැවිදිවීමද, වැරදි සේ හැඳපෙරවීමද, පණාමනයද, කෘෂවූ රූක්‍ෂවූ රාධ නම් බමුණු තෙමේද පැවිද්ද වෙයි.
12 උපසම්පදා ලබා අනාචාරයෙහි හැසිරීමද, බඩ නිසා මහණ උපසපන්වීමද, මාණවකයෙක් සතර නිශ්‍රයට පිළිකුල් කොට පැවිදි නොවීමද, ගණ උපසපන් තහනම් කිරීමද, දසවස් නොපිරුණු භික්ෂූන්ට සද්ධිවිහාරික නමක් උපසපන් කොට නොගැනීමද, දසවස් පිරුණ වූද ධර්මවිනය නොදත් භික්ෂූන්ට උපසපන් කොට නොගැනීමද, උපාධ්‍යායන්ගේ බැහැර යාම් ආදියෙහි පිළිපදිනාසැටිද, දසවසක් නිස සමාදන් වීම හා දසවස් පිරුණු වියත් මහණ නිස දිය යුතු බවද වෙයි.
( පෙල හා සසඳන්න.
13 අතැවැසියන් ඇදුරන් කෙරෙහි නොමනාව පැවැතීමද, ඇදුරන්ගේ අතවැසියන් පණාමනයද, බාල නිස්සයාචාය්ර්යවරුද, උපාධ්‍යාය තෙරුන් කෙරන් නිස්සය සංසිඳීම් පස හා ආචාය්ර්යවරයන් කෙරෙන් නිස්සය සංසිඳීම් සයාකාරයද, තීන්ර්ථය පක්කන්තයන් උපසපන් නොකිරීමද, අන්‍ය තීන්ර්ථකයන්ට සිව්මස් පිරිවෙස් දීමද, නග්නව ආවුන්ට සිවුරු සපයන සැටිද, හිසකේ නොකැපූවන් සඳහා භණ්ඩු කර්මයද, කර්මවාදී ක්‍රියාවාදී ජටාධරයන් පැවිදි උපසපන් කිරීමද, අන්‍ය තීන්ර්ථකවූ ශාක්‍යයන්ට පැවිදි උපසපන්දාවට විශේෂ නිදහසද වෙති.
14 මගධ දනව්වෙහි පඤ්ච ආබාධයෝද, පඤ්ච ආබාධ ඇතියන්ට මහණ උපසම්පදා තහනමද, රාජ භඨයන්ට පැවිදිකම තහනමද, අඟුල් මල් සොරද, බිම්සර මහරජුගේ පැවිදිවූවන්ට රජදඬුම තහනමද, සිරෙන් පැන ආවුන් පැවිදි නොකිරීමද, ලිඛිතක සොරුට පැවිදිවීම තහනමද, කසාහත සොරු පැවිදි නොකිරීමද වෙයි.
15 ලක්කනාග සොරුට පැවිදිකම තහනමද, ණයගැතියන් පැවිදි නොකිරීමද, දාසයන් පැවිදි නොකිරිමද, කම්ඛාර භණ්ඩුහුගේ පැවිදිවීමෙන් භණ්ඩු කර්මය අනුදැනීමද, උපාලී ඇතුළු සත්තරස වර්ගිකයන් උපසපන් කිරීමෙන් විසිවස් නොපිරුණුවුන්ට උපසපන් තහනමද, අන්‍යතර කුලයක් අහිවාතක රෝගයෙන් මිය ගිය කල දරු දෙදෙනෙකු මහණ කිරීමද, කණ්ඨක මහක යන හෙරණ දෙනම ඔවුනොවුන් දුෂ්‍ය කිරීම් හේතුවෙන් එක තෙර නමකට පැවිදි කර නො ගැනිමද, ආහුත්දරික වස්තුවද වෙයි.
16 නිස සමාදන්ව විසිය යුතු නොවිසිය යුතු කාල පරිච්ඡේදයද, මව්පියන්ගෙන් අවසර ලත් දරුවන් පැවිදි කිරීමද, හෙරණුවන්ට දස සික පද අනුදැනීමද, හෙරණුන් උපසපන් මහණුන් කෙරෙහි ගගරුබුහුමන් නැතිව විසීමද, හෙරණුන්ට කළයුතු දඬුවම් කුමක්දැයි පිළිවිසීමද, හෙරණුන්ට සියල් සඟරම ආවරණය කිරීමද, හෙරණුන්ට මුඛචාරික ආහාර ආවරණය කිරීමද, උපාධ්‍යායන් නොවිචාරා හෙරණුන්ට ආවරණය කිරීමද, අන් හෙරණුන් සිත් ගෙන තමන් නතු කරගැනීමද, කණ්ඨක හෙරණ කණ්ඨකී නම් මෙහෙණ දුෂ්‍ය කිරීමද, වෙයි.
17, 18 පණ්ඩක, ථෙය්‍යසංවාසක, තීන්ර්ථය පක්කන්තක, නාග, මාතෘාතක, පිතෘාතක අරහන්තාතක භික්ෂුණී
දුෂ්යක, සංභෙධක, ලොහිතුප්පාදක, උභතොභ්යඤ්ජක, යන මොවුන්ට මහණ උපසපන් නොකිරීමද උපසපන්ව සිටියවුන් සිවුරු මුදා හැරීමද, උපාධ්‍යාය නමක් නැතිව උපසපන් නොකිරීමද, සං ගණ පණ්ඩකාදී උපධ්යායන්ගෙන් යුක්තව උපසපන් නොකිරීමද, තාවකාලික පාත්‍රය, තාවකාලික චීවරය, තාවකාලික පාත්‍රචීවරය යන මෙයින් යුක්තව උපසපන් නොකිරීමද වෙයි.
19 අත්කැපූ, පාකැපූ අත්පාකැපූ- කන්කැපූ නාසා කැපූ කන්නාසා කැපූ-ඇඟිලිකැපූ, මාපටඇඟිලි කැපූ, මහනහර කැපූ, ඵණහන්ථක ඛුජ්ජවාමන යන මොවුන් පැවිදි නොකිරීමද වෙයි.
20 ගගලගණ්ඩක-ලක්ඛණහත-කසාහත-ලිඛිතක-සීපදී-පාපරෝගී-පිරිස
දුෂක-කාණ-කුණී-යන මොවුන් පැවිදි නොකිරීමද වෙයි.
21 ඛඤ්ජ-පක්ඛහත-ජින්නිරියාපථ-රජාදුබ්බල-අත්ධ-මුග-බධිර–අන්ධමුග-යන මොවුන් පැවිදි නොකිරීමද අලජ්ජීන්ට නිස නොදීමද වෙයි.
22 අලජ්ජීන්ගෙන් හා දික් මඟදී නිස සමාදන් නොවීමද, ගිලනුන්ගේ යාඥාවෙන් ගිලන් උපස්ථායකයන්ගේ නිස සමාදන් නොවීමද, සැප විහරණය බලාපොරොත්තුවන අරණ්‍යක භික්ෂූන්ට සුදුසු තෙර නමකගේ පැමිණිම තෙක් නිස සමාදන් නොව විසීමද, අනඳ තෙරුන් ආනුශ්රවණයට කැඳවීමද, විවාදයක් ඇති කල එක උපාධ්‍යාය නමකගෙන් යුක්තව දෙනමක් හෝ තුන් නමක් එකවිට අනුශ්‍රාවණය කිරීමද, කුමාර කසුප් තෙරුන්වහන්සේ ගැබ පටන් විසි වයස් පිරුණවුන් උපසපන් කිරීමද වෙයි.
23, 24 පඤ්චාබාධයෙන් පෙළෙන උපසපන් භික්ෂූන් ඇතිවූයෙන් ඒ වළකනු පිණිස උපසම්පදාපෙක්ෂකයන්ගෙන් තෙළෙස් අන්තරායික ධර්මයන් විචාරීමද, සඟමැද අනුශාසනය කිරීමෙන් පිළිතුරු නොලත් හෙයින් ඉන් ඉවත්ව අනුශාසනය කිරීමද, බාල(අව්‍යක්ත ) යන්ට අසම්මත තෙරුන්ටත් අනුශාසනය තහනම් කිරීමත්, අනුශාසක භික්ෂූන්ගේ උපසම්පදාපෙක්ෂකයන් හා එක්ව පැමිණීමත් තහනමද, උපසපන් පිණිස යාඥා කරවීමද, සතර නිශ්‍රය කීමද උපසපන් ලත් භික්ෂූන් ( නිශ්‍රය හා අකරණීය කීමට පළමු ) තනිව නොයැවීමද, උක්ඛිත්තකයන් තිදෙනද යන මොවුහු වෙත