1. සනිමිත්ත සූත්‍රය.
´´මහණෙනි, ලාමකවූ අකුසල ධර්‍මයෝ කරුණු සහිතවම උපදිත්. කරුණු රහිතව නූපදිත්. එම කාරණයාගේ දුරුකිරීමෙන් මෙසේ ලාමකවූ අකුශල ධර්‍මයෝ නූපදිත්.´´
Continue reading
1. සනිමිත්ත සූත්‍රය.
´´මහණෙනි, ලාමකවූ අකුසල ධර්‍මයෝ කරුණු සහිතවම උපදිත්. කරුණු රහිතව නූපදිත්. එම කාරණයාගේ දුරුකිරීමෙන් මෙසේ ලාමකවූ අකුශල ධර්‍මයෝ නූපදිත්.´´
Continue reading
1. චෙ පුග්ගල සූත්‍රය.
´´මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් ලොකයෙහි උපදින්නාහු, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදිත්. කවර දෙදෙනෙක්ද යත්. අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, තථාගතයන් වහන්සේද, සක්විති රජ තෙමේද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙන වනාහි ලොව උපදින්නාහු, බොහෝ දෙනාට හිත පිණිස, බොයෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදිත්.´´
Continue reading
1. පබ්බජ්ජාසුඛ සූත්‍රය.
1. ´´මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
2. ´´ගිහි සැපයද, පැවිදි සැපයද (යන දෙක) වෙත්.
3. ´´මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්.
4. ´´මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ පැවිදි සැපයක් වේද, මේ සැපය අග්‍රය.´´
Continue reading
1. ´´මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්. මහණෙනි, අධර්මවාදී පිරිසද, ධර්මවාදී පිරිසද (යන දෙක) වෙත්.
Continue reading
1. ´´මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්. අධාර්මික පිරිසද, ධාර්මික පිරිසද (යන දෙක) වෙත්.
2. ´´මහණෙනි, අධාර්මික පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි අධර්ම කර්‍මයෝ පවතිත්ද, ධර්ම කර්මයෝ නොපවතිත්ද, විනයට විරුද්ධ කර්මයෝ පවතිත්ද, විනය කර්මයෝ නොපවතිත්ද, අධර්ම කර්මයෝ බබලත්ද, ධර්ම කර්මයෝ නොබබලත්ද, විනයට විරුද්ධවූ කර්මයෝ දීප්තියට පැමිණෙත්ද, විනය කර්මයෝ දීප්තියට නොපැමිණෙත්ද, මහණෙනි,මේ විෂමවූ පිරිසයයි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස විෂම බැවින් අධර්ම කර්මයෝ පවතිත්. ධර්‍ම කර්මයෝ නොපවතිත්. විනයට විරුද්ධ කර්‍මයෝ පවතිත්. විනය කර්මයෝ නොපවතිත්. අධර්ම කර්මයෝ දීප්තියට පැමිනෙත්. ධර්ම කර්මයෝ නොබැබලෙත්. විනය විරුද්ධ කර්මයෝ දීප්තියට පැමිණෙත්. විනය කර්මයෝ දීප්තියට නොපැමිනෙත්.
3. ´´මහණෙනි, ධාර්මික පිරිස කවරීද? මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි ධර්ම කර්මයෝ පවතිත්ද, අධර්ම කර්මයෝ නොපවතිත්ද, විනය කර්මයෝ පවතිත්ද, අවිනය කර්මයෝ නොපවතිත්ද, ධර්ම කර්මයෝ බැබලෙත්ද, අධර්ම කර්මයෝ නොබැබලෙත්ද, විනය කර්මයෝ බැබලෙත්ද, විනය විරුද්ධ කර්මයෝ නොබැබලෙත්ද, මහණෙනි, මේ සම පිරිසයයි කියනු ලැබේ. මහණෙනි, පිරිස සම බැවින් ධර්ම කර්මයෝ පවතිත්. අධර්ම කර්මයෝ නොපවතිත්. විනය කර්මයෝ පවතිත්. අවිනය කර්මයෝ නොපවතිත්. ධර්ම කර්මයෝ බැබලෙත්. අධර්ම කර්මයෝ නොබැබලෙත්. විනය කර්මයෝ බැබලෙත්. විනය විරුද්ධ කර්මයෝ නොබැබලෙත්.
4. ´´මහණෙනි, මේ පිරිස් දෙකක්වේ. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ ධාර්මික පිරිසක් වේද, මෙය අග්‍රවේ´´
1. ´´මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, විසමවූ (පැකිලීම් ඇති) පිරිසද, සමවූ (නොපැකිලෙන) පිරිසද (යන දෙක) වෙත්.
Continue reading
1. ´´මහණෙනි, මේ පිරිස දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපසය ගරු කොට ඇත්තාවූ දහම් ගරුකොට නැත්තාවූ පිරිසද, දහම් ගරුකොට ඇත්තාවූ, ආමිෂය (සිවුපසය) ගරුකොට නැත්තාවූ පිරිසද වෙත්.
Continue reading
1. ´´මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, කසට (හිස්) පිරිසද, මණ්ඩ (සාර) පිරිසද (යන දෙදෙනයි.)
2. ´´මහණෙනි, කසට (බොල් හෙවත් නිස්සාර) පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු ඡන්‍දයෙන් අගතියට යෙත්ද, ෙවෂයෙන් අගතියට යෙත්ද, මොහයෙන් අගතියට යෙත්ද, භයින් අගතියට යෙත්ද, මහණෙනි, මේ කසට (හිස්) පිරිස යයි කියනු ලැබේ.
3. ´´මහණෙනි, ප්‍රසන්න (සාර) වු පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු ඡන්‍දයෙන් අගතියට නොයත්ද, ෙවෂයෙන් අගතියට නොයත්ද, මොහයෙන් අගතියට නොයත්ද, භයින් අගතියට නොයත්ද, මහණෙනි, මේ ප්‍රසන්නවූ පිරිසයයි කියනු ලැබේ.
4. ´´මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ ආය්‍ර්‍ය පිරිසක් වේද, ඒ අග්‍රයි.´´
1. ´´මහණෙනි, පිරිස් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, හික්මවන්නට නොහැකිවූ, ධර්මය අසා දැන නොගෙන නොහික්මුනාවූ පිරිසද, ධර්‍මය අසා දැනගෙන හික්මුනාවූ, සුවිනීතවූ පිරිසද වෙත්.
2. ´´මහණෙනි, හික්මවන්නට නොහැකිවූ, ධර්මය අසා දැන නොගෙන නොහික්මුනාවූ පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද ගැඹුරුවූ, ගැඹුරු අත්‍ර්‍ථ ඇත්තාවූ, ලෝකෝත්තරාර්‍ථ දක්වන්නාවූ, ශුන්‍යතාප්‍රතිසංයුක්තවූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්නම් ඒ සූත්‍රාන්තයන් කියනු ලබන කල්හි සතුටින් නො අසත්ද, කන් යොමු නොකරත්ද, දැනගැණීම පිණිස සිත එළවා නොතබද්ද, ඒ ධර්මයන් ඉගෙණ ගතයුතුය, පුහුණු කළ යුතුයයි නොහඟිද්ද, (බාහිර) කවීන් විසින් කරන ලද. කවීන් පිළිබඳ විසිතුරු අකුරු ඇත්තාවූ. විසිතුරු ව්‍යඤ්ජනයන් ඇත්තාවූ. ශාසනයෙන් බැහැරවූ බාහිරක ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම්, ඒ සූත්‍රාන්තයන් කියනු ලබන කල්හි සතුටින් අසත්ද. කන් යොමු කරත්ද. දැනගැණීම පිණිස සිත එළවා තබත්ද. ඒ ධර්මයන් ඉගෙණගතයුතුයයි ප්‍රගුණ කටයුතුයයි හගිත්ද. ඔවුහු ඒ ධර්මය ප්‍රගුණකොට, ´කෙසේද, මේ පද වචනාදිය කුමක්ද? මෙහි අත්‍ර්‍ථය කවරේදැ?´ යි ඔවුනොවුන්ගෙන් නොවිචාරත්ද, (එසේ විචාරීම පිණිස) ඔබ මොබ නොහැසිරෙත්ද, ඔවුහුතුමූ වැසුණාවූ අත්‍ර්‍ථ විවෘත නොකෙරෙත්ද, නොයෙක් ආකාරවූ, සැකයට කරුණුවූ, ධර්මයන් කෙරෙහි සැකය පහ නොකෙරෙත්ද, මහණෙනි, මේ (පිරිස) දුර්විනීතවූ (අසා දැනගැනීමෙන්) නොහික්මුනාවූ පිරිසයයි කියනු ලැබේ.
3. ´´මහණෙනි, අසා දැනගැනීමෙන් හික්මුනාවූ, සුවිනීතවූ පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහිවූ යම් පිරිසෙක්හි භික්‍ෂූහු කවීන් විසින් කරණලද, කවීන්ට හිතවූ, (කවීන් පිළිබඳවූ) විසිතුරු අකුරු හා විසිතුරු පද වචනාදිය ඇත්තාවූ, බාහිරක ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම්, ඒ සූත්‍රාන්තයන් කියනු ලබන කල්හි සතුටින් නොඅසත්ද, කන් යොමු නොකරත්ද, දැනගැනීම පිණිස සිත එළවා නොතබත්ද, ඒ ධර්මයන් ඉගෙන ගත යුතුයයි, ප්‍රගුණ කටයුතුයයි නොහඟිත්ද, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද ගැඹුරුවූ, ගැඹුරු අත්‍ර්‍ථ ඇත්තාවූ, ලොකොත්තරාත්‍ර්‍ථ දක්වන්නාවූ, ශූන්‍යතා ප්‍රතිසංයුක්තවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම් ඒ සූත්‍රාන්තයන් කියනු ලබනකල්හි සතුටින් අසත්ද, කන් යොමු කරත්ද, දැනගැනීම පිණිස සිත එලවා තබත්ද, ඒ ධර්මයන් උද්ග්‍රහණය කටයුතුය, ප්‍රගුණ කටයුතුයයි හඟිත්ද, ඔවුහු ඒ ධර්මය ප්‍රගුණකොට මේ පද වචනාදිය කුමක්ද, මෙහි අත්‍ර්‍ථය කවරේදැයි ඔවුනොවුන් විචාරත්ද, ඔබ මොබ හැසිරෙත්ද, ඔවුහු වැසුනාවූ අත්‍ර්‍ථ විවෘත කෙරෙත්ද, ප්‍රකට නොවූවක් (ගැඹුරු වූවක්) ප්‍රකට කෙරෙත්ද, නොයෙක් ආකාරවූ, සැකයට කරුණුවූ, ධර්මයන් කෙරෙහි සැකය පහ කෙරෙත්ද, මහණෙනි, මේ පිරිස පිළිවිසීමෙන් හික්මුනාවූ, හික්මවන්ට හැකිවූ, පිරිස යයි කියනු ලැබේ.
4. ´´මහණෙනි, මේ වනාහි පිරිස්හු දෙකකි. මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ පිළිවිසීමෙන් හික්මුනාවූ, සුවිනීතවූ පිරිසක් වේද, මේ පිරිස අග්‍රවේ.´´
1. ´´මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආය්‍ර්‍යවූ පිරිසද, අනාය්‍ර්‍ය (පෘථග්ජන) වූ පිරිසද (යන දෙදෙනයි.)
2. ´´මහණෙනි, අනාය්‍ර්‍ය (පෘථග්ජන) පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු මේ (පඤ්චස්කන්‍ධය) දුක්යයි ඇතිසැටියෙන් නොදනිත්ද, මේ (තෘෂ්ණාව) දුක් හටගැනීමේ හේතුවයයි ඇතිසැටියෙන් නොදනිත්ද, මේ (තෘෂ්ණා නිරෝධය) දුක් නැසීමයයි ඇති සැටියෙන් නොදනිත්ද, මේ (ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගය) දුක් නිරුදධ කිරීමට පමුණුවන පිළිවෙතයයි ඇතිසැටියෙන් නොදනිත්ද, මහණෙනි, මේ ආය්‍ර්‍ය නොවූ පිරිසයයි කියනු ලැබේ.
3. ´´මහණෙනි, ආය්‍ර්‍ය පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු තුමූ මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනිත්ද, මේ දුක් උපදින හේතුවයයි තතුසේ දනිත්ද, මේ දුක් නැති කිරීමයයි තතුසේ දනිත්ද, මේ දුක් නැති කිරීමේ පිළිවෙතයයි තතුසේ දනිත්ද, මහණෙනි, මේ ආය්‍ර්‍ය පිරිසයයි කියනු ලැබේ.
4. ´´මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි. මහණෙනි, මේ පිරිස දෙක අතුරෙන් යම් මේ ආය්‍ර්‍ය පිරිසක් වේද, ඒ අග්‍ර වේ.