18. කෘෂ්ණ ප්‍රේත කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

18  කෘෂ්ණ ප්‍රේත කථාව:-

1  ,කෘෂ්ණ ගෝත්‍ර ඇති වාසුදෙව රජතුමනි, නැගිටිනු මැනවි කුමක් සඳහා නිදන්නෙහිද, නුඹට නිදීමෙන් කුමන වැඩක් වේද, නුඹේ
හෘදය වැනිවූ දකුණෑසබඳුවූ ස්වකීය සහෝදරවූ යම් ත පණ්ඞිතයෙක් වීද. ඔහුගේ උමතුව බලවත් වෙයි. කෙශව නම් වාසුදෙවයා සාවා, සාවා කියමින් විලාප කියයි.

2  ,කෙශව නම් වාසුදෙවතෙම ඒ රොහිණෙය්‍ය නම් ඇමතියාගේ වචනය අසා සහෝදර ශොකයෙන් පෙළෙන ලදුව වෙව්ලමින් නැගීසිටියේය.

3  ,කිමෙක්ද උමතුවූවෙකු මෙන් සියලු මේ චාරවතී නුවර .සාවා සාවා. යයි විලාප කියයිද, කෙබඳු සාවෙකු කැමැත්තෙහිද?,

4  ,රනින් කළාවූද මැනික්වලින් කළාවූද සක්පබලුවෙන් කළාවූද සාවෙකු නුඹට කරවන්නෙමි.

5  ,වනය ගොදුරුකොට ඇති අනිකුදු සාමෝද අරණ්‍යයෙහි ඇත්තාහ. ඔවුනුත් නුඹට ගෙනෙන්නෙමි. කෙබඳු සාවෙකු කැමැත්තෙහිද?,

6  ,කෙශව නම් වසුදෙවය, පොළොව ඇසුරුකොට ඇති යම් සාවෝවෙත්ද, ඒ සාවුන් මම නොකැමතිවෙමි. සඳමඩලෙන් හාවෙකු කැමැත්තෙමි. ඒ සාවා මට ගෙනදෙව.

7  ,ඤ්‍රති සහෝදරය, සඳමඩලෙන් සාවා කැමැත්තෙහිය, නොපැතිය යුත්තක්පතයි. ඉතා මිහිරි ජීවිතය හරින්නෙහියයි ඒ මම සිතමි.,

8  කෘෂ්ණ ගොත්‍රවත් මහරජ යම්සේ අන්හට අනුශාසනා කෙළෙහිද, මෙසේ දන්නෙහිනම් කවරහෙයකින් පෙර මළ පුතෙකු සඳහා අදත් ශොකකෙරෙහිද,

9  ,උපන්නාවූ මාගේ පුත්‍රතෙම නොමැරේවා යන යමක් මිනිසෙකු විසින් හෝ අමනුෂ්‍යයෙකු විසින් හෝ නොලැබිය හැකිවේද, ඒ නොලැබිය හැකිදේ කවර හේතුවකින් ලැබිය හැකිද?,

10  ,කෘෂ්ණය, පරලොව ගිය යම් පුතෙකු සඳහා ශොක කරයිද ඔහු පමුණුවාගන්ට මන්ත්‍රී ප්‍රයෝගයකින් හෝ මුල් බෙහෙතකින් හෝ නානාවිධ ඖෂධ වර්‍ගවලින් හෝ ධනයකින් හෝ නොහැකිය.

11. ´´ මහත්ධන ඇත්තාවුද මහත් භොග සම්පත් ඇත්තාවුද සියලු රට ඇත්තාවුද බොහෝ ධන ධාන්‍ය ඇත්තාවුද යම් ක්ෂිත්‍රිය කේනක් ඇද්ද ඔහු තුමුත් ජරා මරණ රහිතයෝ නුවුහ.

12. ´´ ක්ෂිත්‍රියයෝද, බ්‍රහ්මණයෝය, වෛශ්‍යයෝය, ශුද්‍රයෝය, සැඩොල් හා කසල සොධකයෝය. මෙකී ක්ෂත්‍රියාදීහුද අන්‍යයෝද ඔවුහුත් ජාතිය නිමිත්තකොට ජරා මරණ රහිතයෝ් නුවුහ.

13. ´´ යමෙක් තුමු බ්‍රහ්මයා විසින් සිතන ලද හෝ කියන ලද අංග සයෙන් යුක්තවු වෙදය හදාරත්ද, විද්‍යාඥනයන් යුක්තවු මොවුහුද සෙස්සෝද යන ඔවුහුත් අජරාමර නොවුහ.

14. ´´ සන්සුන් ස්වභාව ඇති තැන්පත් සිත් ඇති තපොගුණ ඇති හික්මුනිවු යම් සෘෂිහු වෙත්ද ඔවුහුද සුදුසු කාලයෙහි ශරීර හැර දමත්.

15. ´´ වඩනාලද සිත් ඇතිව වාසය කරන්නාවු අර්හත් ඵලය පිණිස කටයුතු කොට නිමකලාවු ආශ්‍රව රහිතයෝද කුශලාකුශලයන් ක්ෂය කිරීමෙන් මේ ශරීරය හැර දමත්.

16 – 17 – 18 (8 කථාවේ 5 6 7 ඡෙද මෙනි)

19. ´´ න පණ්ඩිතතෙම වැඩිමහල් සොහොයුරා පුත්‍ර ශොකයෙන් මුදාලුවාසේ සප්‍රඥවු අනුකම්පාකාරීවු යම් කෙනෙක් වෙත්ද ඔවුහු මෙසේ කරත්.

20. ´´ න පණ්ඩිතතෙම වැඩිමහලු සහෝදරවු වාසුදේව රජු යහපත් වචනයෙන් නිශ්ශොකයට පැමිණ වුවාක් මෙන් යමෙකුට මෙබඳුවු ඇමතියෝ සේවකයො වෙත්ද ඔහුට ශොක කොයින්ද´´

19. ධනපාල ප්‍රෙතයාගේ කථාව :- 1 (මේ ඡෙදය 13 කතාවේ 1 ඡෙදය මෙනි)

2  6     ,,      2     ,,

3  6     ,,       5      ,,

4. ´´ දසන්ත නම් රජුන්ගේ එරකච්ඡ යයි ප්‍රසිධවු නුවරක් ඇත. ඒ නගරයෙහි පෙර සිටු කොනක් වීමි. ධනපාල සිටුයයි මහජනයෝ දනිත්.

5. ´´ මට අමුරන් පිරූ ගැල්වාහ අසුවක් විය. මට බොහෝ වු රත්තරංද, මුතුද වෛඩූය්‍ර්‍ය මැණික්ද බොහෝ වූහ.

6. ´´ එපමන මහා ධනවතෙක් වූද මට දන්දීමට ප්‍රියයක් නොවීය. යාචක ජනයෝ මා නොදකිත්වායි ගෙදොර වසාගෙන අනුභව කරමි.

7. ´´ ශ්‍රද්ධානැත්තෙක්ද, මසුරෙක්ද, තද මසුරෙක්ද බියෙන් තර්ජනය කරන්නෙක්ද වීමි. දන් දෙන්නාවුද, පින්කරන්නාවුද බොහෝ සත්‍වයන් වැළැක්වීමි.

8. ´´ දන්දීමේ ඵලයක් නම් නැත සීලයක හික්මීමේ කෙසේනම් විපාකයක් ලැබේද, පැන් පොකුනු හා ලිංද රෝපනය කරන ලද්දාවු උයන් වතුද,

9. ´´ පැන් ශාලාද යා නොහැකි තන්හි ඒ දඬුද වනසාලීමි. ඒ මම නොකල කුසල් ඇතිව කරණලද අකුසල් ඇතිව එයින් චුතව,

10. ´´ ප්‍රෙතයොනියෙහි උපන්නේ සා පිපාසායෙන් මඩනා ලද්දේ වෙමි. යම් දිනක මම කලුරිය කලෙම්ද එතැන් පටන් පස් පනස් අවුරුද්දක් මුලුල්ලෙහි

11. ´´ ආහාර අනුභවයක් හෝ පැන් බීමක් හෝ නොම දනිමි. යම් ශිලාදී හික්මීමක් වේද, එය මහත් වැනසීමක් වේයයිද, යම් වැනසීමක් වේද, එය හීලාදි හික්මීම යයිද සිතමි.

12. ´´ යම් දානවස්තු පරිත්‍යාග නොකිරීමක් වේද එය මහත් වැනසීමකැයි ප්‍රෙතයෝම දනිත්. මම පෙර බොහෝ ධනය ඇති කාලයෙහි පින් කිරීමෙන් වැළකුනෙමි.

13. ´´ දානවස්තු විද්‍යාමානකල්හි තමහට පිහිට නොකෙලෙමි. ස්වකීය කර්‍ම විපාකයට පැමිණියාවු ඒ මම දැන් පසුතැවිලි වෙමි.

14 – 15 – 16 – 17   (10 කථාවේ 12 – 13 – 14 – 15 ඡෙද මෙනි)

18. ´´ එහෙයින් තොපට කියමි යුෂ්මතුන්ලාට යහපතක් වේවා මෙතන්හි යම් පමන ජනයා රැස්වුවෝ වෙත්ද, ප්‍රකට වශයෙන් හෝ ඉදින් රහසිගතව හෝ ලාමකවු අකුහල කර්‍මය නොකරව්.

19. ´´ ඉදින් ඒ ලාමක කර්‍මයක් කරන්නහු නම් දැන් කරවු නම් අහස නැගීවත් යන්නාවු තොපට දුකින් මිදීමක් නැත්තේය.

20. ´´ මවුට ආදර ඇත්තෝ වව්. මවු පියන්ට ගරු කරන්නෝ වව්, කුල දෙටුවන් පුදන්නෝ වව්, මහණුන් පුදන්නෝ වව්, බමුණන් පුදන්නෝ වව්. මෙසේ කොට ස්වර්‍ග ලෝකයට පැමිණෙන්නටය.´´

24. කර්‍ණමුණ්ඩ ප්‍රෙත කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
24. කර්‍ණමුණ්ඩ ප්‍රෙත කථාව :-

1. ඒ පොකුණෙහි රනින් කළ හිනිපෙති හා පුවරුද ඇත්තාහ. රුවන්මය වැලි පිහිටියේය. රුචිරවු පවිත්‍ර ස්වඳැති සිත්කඑවු සුදු පියුම් වෙත්.

2. ´´ නොයෙක් රුක්වලින් ගැවසීගත්තිය. හාත්පස නන් වැදෑරුම් සුවඳ වෑහෙන සුළං හමන්නීය. නානාවිධ රතු උපුල් වලින් වැසුනු දිය තලා ඇත්තීය. හෙළ පියුමෙන්ද ගැවසී ගත්තීය.

3. ´´ මනොඥව වාතයෙන් කම්පා කරන ලද සුවඳ මනාව හමත්. හංසයන් හා කොස්වා ලිහිණියන් විසිනුත් මනාව නාද කරන ලද්දේය.

4. නානාවිධ පක්‍ෂි සමුහයාගෙන් ගැවසී ගත්තීය. නන්වැදෑරුම් පක්‍ෂින්ගේ සබ්ද සමුහයෙන් යුක්තය. නොයෙක් ඵල දරන්නාවු වෘක්‍ෂ ඇත්තාහ. නානාවිධ සුවඳ මල් දරණ වනයෝ ඇත්තාහ.

5. ´´ මේ නුවර යම්බඳුවීද මෙබඳු නුවරක් මිනිසුන් අතරෙහි හෙවත් මිනිස් ලොව නැත. තිගේ රන් රිදීමය බොහෝවු ප්‍රසාදයෝ

6 – 7 – 8. ´´ හාත්පස සිවුදිසාවන්හි ඉතාමත් බබලමින් හොබවත්. තිට යම් මේ වතාවත් කරන්නාවු පන්සියයක් දාස ස්ර්‍ත්‍රහු වෙත්ද, ඒ ස්ත්‍රීහු සක් වළලු ඇඟපළදනාවෙන් සැරසුන රුවන් මුදුන් මල් කඩින් මනාව සරසනලද කේශ කලාපය ඇත්තාහුය. සියලු කාමයෙන් සමෘද්Ȁdධිවු තී යම් පය්‍ර්‍යංකයක විසීමට යන්නීද කෙහෙල් මුවසම් පතුරුණු අතුරන ලද්දාවු දික් ලොම් කොඳුපිළියෙන් අතුරන ලද්දාවු සාදන ලද රන් රිදියෙන් කල ආසන තිට බොහො ්වෙත්.

9 – 10. ´´ අඩ රැය පැමිණි කලුහි ඒ ආසනයෙන් නැගිට උයන් වත්තට න්නෙහිය. ගොස් හාත්පස නිල්වු ලා තණ සමුහ ඇති ශුද්ධවු ඒ පොකුණු තෙර තී සිටින්නෙහිය. ඉන්පසු සිඳුනු කන් ඇති බල්ලෙක් තිගේ ශරීරාවයවයන් කයි.

11. ´´ යම් කලෙක සුනඛයා විසින් කනලද්දී ඇට සැකිල්ල පමණක් කරණ ලදිදී වේද, එකල පොකුණට බසින්නෙහිය. පෙරමෙන් ශරීරය ඇතිවෙයි.

12. ´´ ඉන් පසු පරිපුර්ණ අංගප්‍රත්‍යංග ඇතිව ඉතාම මනරම්වු ප්‍රිය දැකුම් ඇත්තාවු තී වස්ත්‍රයකින් පොරවාගෙන මා හමුවට එන්නෙහිය.

13. ´´ කන්සිඳුනාවුම සුනඛතෙම කිනම් කර්‍ම විපාකයකින් ශරීරාවයවයන් කයිද, සිතින් කයින් වචනයෙන් කවර නපුරක් කරන ලදද,

14. ´´ කිම්බිලා නුවර ගෘහපතියෙක් තෙම ශ්‍රද්ධාවත්වු උපාසකයෙක් විය. ඔ හට මම බිරින්ද වීමි. ස්වාමියා ඉක්මවන සිල් නැත්තියක් වීමි.

15. ´´ මෙසේ හිමියා ඉක්මවා හැසිරෙන්නාවු මා හට හිමිතෙම මෙසේ කීයේය. යම් හෙයකින් තී මා ඉක්මවා හැසිරෙයිද මෙය යුතු නොවේ. සුදුසු නොවේ.

16. ´´ ඒ මම දරුණුවුම දිවුරුම් කොට බොරු කිවෙමි. මම කයින් හෝ නොහොත් සිතින් ඔබ ඉක්මවා නොහැසිරෙමි.

17. ´´ ඉදින් මම කයින් හෝ සිතින් නුඹ ඉක්මවා හැසිරෙම් නම් කන්සිඳුනාවු මේ බලුතෙම ශරීරාවයවයන් අනුභව කෙරේවා.

18. ´´ ඒ අනාචාර අකුශලයාගේද බොරු කී අකුශලයාගේද යන කර්‍ම දෙක පිළිබඳ විපාකය අවුරුදු සත් සියයක් මුලුල්ලෙහිම විඳින ලද්දේ විය. මේ කර්ම හේතුවෙන්ම මාගේ ශරීරාවයවයන් සුන් කන් ඇතිවුම සුනඛතෙම අනුභව කරයි.

19. ´´ දෙවියන් වහන්ස, නුඹ බොහෝ උපකාර වුයෙහිය. මට වැඩ පිණිස මෙතැනට ආයෙහිය. මම කන් සිඳුනු බලුගෙන් මිඳුනෙමි. ශොක නැත්තියනක්ද බිය නැත්තියක්ද වීමි.

20. ´´ දේවයන් වහන්ස, මම ඔබ වඳිමි. ඇඳිළිබැඳ යාඥා කරමි. දේවයන් වහන්ස, අමනුෂ්‍යවු කාම සම්පත් වළඳව, මාහා සමග ඇලෙව.´´

21. ´´ තී හා සමග අමනුෂ්‍ය සම්පත් අනුභවකොට ඇලුනේ වෙමි. සුපින්වතිය, වහා මා දැන් මගේ නුවරට පමුණුවාලවයි තීගෙන් ඉල්ලමි.´´

25. උබ්බරී ප්‍රෙතයාගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
25. උබ්බරී ප්‍රෙතයාගේ කථාව :-

1. – 2. පඤචාල රට වැස්සන්ට අධිපතිවු ශ්‍රෙෂ්ඨවු බඹදත් නම් රජෙක් විය. රජ තෙම කලකට පසු කඑරිය කෙළේය. එකල්හි ඒ රජුගේ උබ්බරී නම් වු දේවි තොමෝ ආදාහන ස්ථානයට ගොස් හඬයි. බඹදත් රජු නොදක්නි බ්‍රහ්මදත්ත යයි කියා අඬයි.

3. ඒ සොහොනට යහපත් පැවැත්මෙන් යුක්ත නුවනැති තාපසයෙක් තෙම පැමිණියේය. එතන්හි යම් මිනිස්සු රැස්වුවාහුද එහිදී හෙතෙමේද ඔවුන් විචාලේය.

4. – 5. ´´ හාත්පස නන්වැදැරුම් සුවඳ හමන්නාවු මේ සොහොන කවරකුගේද, මේ භාය්‍ර්‍යාතොමෝ කවරෙකු සඳහා අඬාද? මේ මිනිස් ලොවින් දුර ගියාවු ස්වාමිවු බ්‍රහ්මදත්තයෙකු නොදක්නී බ්‍රහ්මදත්තයයි කියා අඬාද?´´ එහි යමෙක් රැස්ව සිටියෝද ඔවුහු එහිදී ප්‍රකාශ කළාහුය.

6. ´´ නිදුකාණෙනි, ඒ බඹදත් රජහට යහපතක් වේවා. ඒ බඹදත් රජුගේ නොයෙක් සුවඳ හමන මේ සොහොන වෙයි.

7. ´´ මේ බිරින්ද මිනිස් ලොවින් දුර ගියාවු ස්වාමිවු බ්‍රහ්මදත්ත රජු සඳහා බ්‍රහ්මදත්ත යයි කියමින් අඬයි.´´

8. ´´ බඹදත් යන නම ඇති අසුසාර දහසක් රජවරු මේ සොහොනෙහි දමන ලදහ. ඔවුන් ගෙන් කවරෙකු සඳහා ශෝක කරයිද,´´

9. ´´ ස්වාමීනි, චූලනී නම් රජුගේ පුත්වු මහාරථ නම් යෝධයෙක්වු පඤචාලයන්ගේ යම් රජෙක්වීද, සියලු කැමති දේ දෙන්නාවු ඒ ස්වාමියා සඳහා ශොකකරමි.´´

10. ´´ සියලු රජවරු බඹදත් නැමැත්තෝවුහ. සියල්ලෝම පඤචාලයන්ට අධිපති චූලනී පුත්‍රයෝ වූහ.

11. ´´ සියලු රජවරුන්ට පිළිවෙලින් අගමෙහෙසුන් බව තී කෙළෙහිය කවර හේතුවකින් පළමු රජුන් හැර පසුවු රජු සඳහා ශොක කෙරෙහිද ?´´

12. ´´ නිදුකාණෙනි, යම් බ්දුවු ස්ත්‍රීභාවයට පැමිණියාවු මට සසර බොහෝ ජාති කියන සේක්ද, ස්ත්‍රීභාවයට පැම්ණ බොහෝ කල්ද?´´

13. ´´ තී ස්ත්‍රීයක් වූවෙහිය. පුරුෂද වූවෙහිය. තිරිසන් යෝනියටද පැමිණියෙහිය. මේ අතීත ආත්ම භාවයන්ගේ කෙලවරක් නොදන්නා ලැබේ.

14. – 15 – 16. ( මෙහි 20 කථාවේ 5, 6, 7 ඡෙද යොදාගත යුතුයි)

17. ´´ ඒ ශ්‍රමණ තාපසයාගේ සුභාෂිතවු ධර්‍ම කථාව අසා පාත්‍ර සිවුරු ආදිය රුගෙන අනගාරිය ස්ථානයෙහි පැවිදිවිය.

18. ´´ ඕ තොමෝ ගිහිගෙන් නික්ම තපසට සුදුසු තන්හි පැවිදිවුයේම බඹ ලොව ඉපදීම පිණිස මෛත්‍රී ධ්‍යානය වැඩුවාය.

19. ´´ ගමින් ගම නියම් ගමක් පාසා රාජ ධානියක් පාසා හැසිරෙමින් උරුවෙල් නම් ඒ ගම යම් තැනෙක්හිද එහිදී කඑරිය කළේය.

20. ´´ බඹලොව ඉපදීම පිණිස මෛත්‍රීසහගත සිත වඩා ස්ත්‍රීභාවයෙහි සිත දුරු කොට බමලොවට පැමිනියේ විය.´´

(උබ්බරි වර්‍ගය නිමි)

23. සූත්‍ර ප්‍රෙතයාගේ කතාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
23. සූත්‍ර ප්‍රෙතයාගේ කතාව :-

1. ´´ මා වෙත පැමිණ ඉල්ලන ලද්දාවු මම ප්‍රව්‍රජිත නම් වු භික්‍ෂුවු පසේ බුදුන්ට පෙර නූල් දුනිමි. ඒ දානයාගේ මහත් ඵල ඇති විපාකය දැන් ලැබෙයි බොහෝ වුම කෙළ ගනන් වස්ත්‍රයෝ මට උපදිත්.´´

2. ´´ නොයෙක් මල් වලින් ගැවසුනාවු සිත් අලවන ලද නානාවිධ චිත්‍ර කර්‍ම ඇති නොයෙක් රුවනින් විසිතුරු රූ ඇති ස්ත්‍රී පුරුෂයන් විසින් සෙවුනා ලද විමන එ මම පරිභෝග කරමි. කැමති වස්ත්‍රයක් පොරවා ගනිමි. බොහෝ වස්තූපකරණ ඇත්තාහ. එය ක්‍ෂය නොවේයි.

3. ´ ඒ නූල් දානමය කුශලකර්‍මයාගේ හේතුවෙන් සැප විපාකවු සැපය මේ විමනෙහිදී ලැබේ. ඒ මම නැවතද මිනිස් ලොවට ගොස් කුසල් කරන්නෙමි. ස්වාමි පුත්‍රය මා පමුණුවනු මැනව.´´

4. ´´ තී අවුරුදු සත් සීයයකට උඩදී මේ විමනට පැමිණියාය. ඒ මිනිස් ලොවේදී ජරාජීර්‍ණවුවාත් වයොවෘද්ධවුවාත් වන්නෙහිය. තිගේ සියලුම නෑදෑයෝද කඑරිය කළෝය. මෙතැනින් එහි ගොස් කුමක් කරන්නෙහිද?´´

5. ´´ ස්වාමිපුත්‍රය, මෙතනට පැමිණියාවු දිවසැපත් වැළඳුවාවු මට අවුරුදු සතක්ම වුහ. ඒ මම නැවත මිනිස් ලොවට ගොස් පින් කරන්නෙමි. එහෙයින් මා මිනිස් ලොවට පමුණුවනු මැනවැයි´´ කීය.

6. ´´ ඒ විමාන  ප්‍රෙතතෙම වයොවෘද්ධවු අතිශයින් දුර්‍වලවු ඒ ස්ත්‍රිය බලාත්කාරයෙන් අතින් අල්වාගෙන නැවත ගමට පමුණුවා මෙතැනට පැමිනියාවු අනික් ජනයාටත් ´පින් කරව් සැප ලැබේ යයි´ කියවයි කියා ආපසු ගියේය.

7. ´´ නොකළාවු කුශල කර්‍මයෙන් ප්‍රෙතයෝද එසේම මිනිස්සුද වැනසෙත් සැප විපාක වු කුශල කර්‍මකොට සැප යෙන් දියුනුවු දෙවිවුද, මිනිස් වුද පුජාව මා විසින් දක්නාලදී.´

22. උත්තර මාතා ප්‍රේතයාගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
22. උත්තර මාතා ප්‍රේතයාගේ කථාව :-

1, 2 ´´ දුර්‍වණවු බියකරු දැකුම් ඇති ඒ ප්‍රේති තොමෝ දිවා විහාරයට පැමිණ ගංතෙර හුන්නාවු ඒ භික්‍ෂුහු වෙත පැමිණියා ඇගේ කෙශයෝද ඉතා දිගය. බිම දක්වා එල්බෙත්. ඕ තොමෝ ඒ කෙහයෙන් වැසුනි, ඒ ශ්‍රමණයන් වහන්සේට මේ වචනය කීවාය.

3. ´´ ස්වාමීනි, මම යම් දවසක කලුරිය කළේ වෙම්ද, පස් පනස් අවුරුද්දක් මුලුල්ලෙහි ආහාර ලැබීමක් හෝ පැන් බීමක් හෝ නොම දනිමි. පිපාසයෙන් මිරිකෙමි. පැන් පිනිස ඇවිදින්නාවු මට නුඹ වහන්සේ පැන් දුන මැනව.

4. ´´ සිහිල් ජලය ඇති මේ ගංගා නදී තොමෝ හිමවත් පව්වෙන් ගලා බසියි. මේ ගංගා නදියෙන් ගෙන බොව. කුමක් හෙයින් පැන් මගෙන් ඉල්වන්නීද?´´

5. ´´ ස්වාමිනි, ඉදින් ඔබ ගංගා නදියෙහි පැන් තෙමේ ගන්නේ නම් මට ඒ වා ලේවී ලැබෙයි. එහෙයින් පැන් යාච්ඤා කරමි´´

6. ´´ කිමෙක්ද? සිතින් කයින් වචනයෙන් නපුරක් කරන ලද්දේද? කවර කර්ම විපාකයකින් ගංග තොමෝ තිට ලේ වීද?´´

7., 8. ´´ මාගේ පුත්‍රවු උත්තර නම් මානවක තෙම ශ්‍රද්ධාවත්වු උපාසකයෙක් විය. හෙතෙම මා නොකමැති කල්හි මහණුන්ට සිවුරුද, පිණ්ඩපාතයද, සෙනසුන්ද, ගිලන්පසද දෙයි. මසුරු මලයෙන් පීඩිතවු මම ඔහුට පරිභව කරමි.

9. ´´ මා නොකමැති කල්හි නුඹ ශ්‍රමණයන්ට යම් බඳු සිවුරුද, පිණ්ඩපාතයද, සෙනසුන්ද, ගිලන්පසද දෙයි,

10. ´´ උත්තරය, මේ ප්‍රත්‍යය සමුහය නුඹට පරලොවදී ලේ වේවායි කීවෙමි ඒ අකුශල කර්‍මයාගේ විපාකයෙන් මට ගංගා නදි තොමෝ ලේ වෙයි.´´

21. අංගුත්තර ප්‍රෙතයාගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
21. අංගුත්තර ප්‍රෙතයාගේ කථාව:-

1. ´´ වෙළදාමෙන් ධනය හැර ගෙන යන්නාවු අපි යම් කරුණක් පිණිස කාම්බෝජ රටටයමුද, මේ දෙව් පුත්තෙම කැමති සම්පත් දෙන්නේ වෙයි. මේ දිව්‍යපුත්‍රයා ගෙනයන්නෙමු.

2. මේ දෙවියා යාඥා කිරීමෙන් හෝ මැඩ බලාත්කාරයෙන් හෝ අල්වාගෙන සැප යහනකට නංවාගෙන වාරවතී නුවරට වහායමු.

3. ´´ යම් ගසක්හුගේ සෙවනෙහි හිඳිනේ හෝ නිදන්නේ හෝ වේද, ඒ රුකගේ අත්ත නොබිඳින්නේය. යම් හෙයකින් මිත්‍ර ද්‍රෝහය ලාමකවේද එහෙයිනි.

4. ´´ පින්වත් අංකුරය යම් ගසක්හුගේ සෙවනෙහි හිඳිනේ හෝ නිදන්නේ හෝ වේද එබඳු දැව සම්භාරයකින් පුයෝජනයක් වේනම් ඒ රුකේ කඳ පවා කපාගන්නේය. අතු ආදිය ගැන කියනුව කවරේද,

5. ´´ යම් ගසක සෙවන යට හිඳිනේ හෝ නිදන්නේ හෝ වේද, ඒ ගසේ කොල පතක් පමණවත් නොකඩන්නේය. ශාඛාදිය කැඩීම ගැන කියනුම කවරේද, එසේ සින්දේනම් ලාමක මිත්‍රද්‍රෝහියෙක් වන්නේය.

6. ´´ යම් ගසක්හුගේ සෙවනෙහි හිඳිනේ හෝ නිදන්නේ හෝ වේද, එබඳු ප්‍රයොජනයක් ඇත්තේ නම් මුලුත් සමගම රුක උදුරන්නේය.

7. පුරුෂයෙක් තෙම යමෙකුගේ ගෙයි එක රැයක් පමණවත් වසන්නේද, යමෙකු සමීපයෙහි ආහාරපාන වර්‍ග ලබන්නේද, ඒ පුරුෂයාට සිතින්වත් නපුරක් නොසිතන්නේය. බුද්Ȁdධාදී උතුමන් විසින් කෙළෙහිගුණ සැළකීම වර්‍ණනා කරන ලදී.

….. 8. ´´ යමෙක්හුගේ ගෘහයෙහි එක රැයක් පමණවත් යමෙක් වාසය කරන්නේද, ආහාරයෙන් හා පාන වර්‍ගයෙන් උපස්ථාන කලේද, ඹුහුට සිතින්වත් අයහපතක් නොසතන්නේය. අහිංසක හස්තය තෙමේ ඒ මිත්‍රද්‍රෝහී පුද්ගලයා විනාශ කරයි.

9. ´´ යම් පුද්ගලයෙක් තෙම පෙරකාලයෙහි කරණලද උපකාර ඇත්තේ පසුකලෙක නපුරකින් පෙළාද උපකාර කිරීමට යෙදු අත නසන පුරුෂයෙක් වේද, ඒ පුරුෂතෙම යහපත නොදකී.

10. ´´ මම දෙවියෙකු විසින් හෝ මනුෂ්‍යයෙකු විසින් හෝ අතිශයින් මැඩ පැවැත්විය නොහැකි වෙමි. දිව්‍ය මනුෂ්‍ය ඓශ්චය්‍ර්‍යයකින් හෝ මැඩලිය නොහැක්කේ වෙමි. මම උත්තම සෘද්Ȁdධියට පැමිණි යක්ෂයෙක් වෙමි. සැනෙකින්ම දුරට යන්නේ වෙමි. රූප සම්පත්තියෙන් හෝ ශරීර ශක්තියෙන් යුක්තවූයේ වෙමි.

11. ´´ යුෂමත්හුගේ දකුණත හැම ලෙසින් රන්වන් වෙයි මිහිරි රස වෑහෙන්නාවු ධාරා ඇඟිලි පසක් ඇත්තේය. නන් වැදෑරුම් රසයෝ වැගිරෙත් නුඹ ශක්‍රයායයි මම සිතමි.´´

12. ´´ ප්‍රකට දෙවියෙක් නොවෙමි. ගන්‍ධර්‍ව කායික දෙව්යෙක්ද නොවෙමි. පුරින්‍දද නම් වු ශක්‍රදේවෙන්‍ද්‍රයාද නොවෙමි. පින්වත් අංකුරය, හෙරුව නුවරින් චුතව මෙහි උප්පත්ති වශයෙන් පැමිණියාවු ප්‍රේතයෙකැයි දනුව-´´

13. ´´ නුඔ පෙර ආත්මභාවයෙහි හෙරුව නගරයෙහි කෙබඳු ශීල ඇත්තෙක් වීද, කෙබඳු සමාචාර ඇත්තෙක් වීද, කෙබඳු බ්‍රහ්මචය්‍ර්‍යාවක් හේතුකොට ගෙන යුෂ්මතුන්ගේ අත්හි ප්‍රත්‍ය ඵලය දැන් නිපදීද?´´

14. ´´ පෙර එක්කලෙක්හි මම හෙරුව නුවර සන්නාලියෙක් වීමි. ඉතා දුකසේ දිවිපැවැත්ම ඇති බැගෑපත් කෙනෙක් විමි. දන්දීමට මට කිසිවක් නැත.

15. ´´ කර්‍මඵල විශ්වාශයෙන් යුක්තවු දන්දීමෙහි ස්වාමීවු පෙරකරන ලද පින් ඇති පාපයට පිළිකුල් කරණ සුලුවු අසය්හ සිටුහුගේ ගෙය සමීපයෙහි මාගේ ගෙය හෝ කර්‍මාන්තශාලාව විය.

16. ´´ එතැනට නොයෙක් ගොත්‍ර ඇති යාචක ජනයෝද ගුණ කියා ඉල්වන්නෝද පැමිණෙත්. ඔවුහු අසය්හ සිටුහුගේ ගෘහය මා විචාරති´´

17. ´´ නුඹට යහපතක් වේවා. දානය කොතැන්හි දෙනු ලැබේද, කොතැන්හි යමුද ඔවුන් විසින් විචාරන ලද්දාවු මම අසය්හ සිටුවරයාගේ ගෘහය කියමි.

18. ´´ අසය්හ සිටුවරයාගේ මේ නිවාසයෙහි දන් දෙනු ලැබේ.  මෙතනට යව. යුෂ්මතුන්ට සෙතක් වේ යයි´´ දකුණත දිගුකොට කීවෙමි.

19. ´ ඒ හේතුවෙන් අත දැන් කැමති කැමති සම්පත් දෙන්නේ වෙයි. ඒ හේතුකොට අතින් මිහිරි රස වැහෙන්නේ වෙයි. ඒ උතුම් හැසිරීම් හේතුවෙන් මාගේ අතෙහි පුණ්‍ය විපාකය පහළ වෙයි.´´

20. ´´ නුඹ කිසිවෙකුට සිය අතින් නුදුන්නෙහිය. අනිකෙකුගේ දානය අනුමොදම් වෙමින් අතදිගු කොට නොකීයෙහිය.

21. (මේ කථාවේ 19 වෙනි ඡෙදය මෙනි)

22. ´´ යම් ඒ අසය්හ සිටුකෙනෙක් පහන් සිත් ඇතිව සිය අතින් මහදන් දුන්නේද හෙතෙම මිනිසත් බව හැර පියා කෙබඳු තැනකට ගියේද.

23. ´´ බුදුරජානන් වහන්සේ දන්නා යාම හෝ ඊම මම නොදනිමි. අසය්හ තෙම ශක්‍රයාගේ සහවාසයට ගියේ යයි වෛශ්‍රවනයා සමීපයෙහිදී ඇසුවෙමි.

24. ´´ යහපත කිරීමට සුදුසුමය සම්පත් බල පරිද්දෙන් දානය දීමට සුදුසුමය. කැමති සම්පත් දෙන අත දැක කවරෙක් පින් නොකරන්නේද,

25. ´´ ඒ එසේමැයි ඒ මම මේ වාලුකා කාන්තාරයෙන් පහව ගොස් චාර්වතී නුවරට නැවත පැමිණ යම් පිනක් මට සැපදෙන්නේද, ඒ දානය දෙන්නෙමි.

26. ´´ ආහාරයද පාන වර්ගද වස්තුහා සෙනසුන්ද දෙන්නෙම්, පැන්හල් ද ළිංද දුර්ගම ස්ථානයන්හි හේදඬුද පිහිටුවන්නෙමි.

27. ´´ කවර හේතුවකින් තොපගේ ඇඟිලි කුණුව වකුටු වීද මුහුණද විරූප කෙළේද ඇස්වලින් අශුචි වගුරුවන්නේද තා විසින් කෙබඳු පවක් කරන ලද්දේද?´´

28. ´´ සිරුරෙන් රැස්විහිදුනාවු ගෘහපතියෙක්වු ගෘහ වාසිවු ඒ අසය්හ සිටුහුගේ දන්දෙන තැන දන්දීමෙහි මම අධිකාරියෙක් කරණ ලද්දේ වෙමි.

29. ´´ එහි ආහාරයෙන් ප්‍රයෝජන ඇතිව පැමිණියාවු යාචකයන් දැක එකත් පසෙක ඉවත්වි මුව හකුලුවා ගැනීම කෙලෙමි.

30. ´´ එහෙයින් මාගේ ඇඟිලි වකුටු වූහ. මුහුණද විකාර යෙන් හැකූලුනේය.  ඇස්ද අශුචි වගුරත්. මා විසින් මෙබඳු පවක් කරණ ලද්දෙමි.

31. ´´ නින්දිත පුරුෂය, තෝ යම් හෙයකින් අනුන්ගේ දානයෙහි මුව හකුලුවා ගැනීම කළෙහිද යුතුවුම කරුණෙන් තාගේ මුහුණද හැකිලී ගියාක් මෙන් කරණ ලදී. ඇස්ද අශුචි වගුරත්.

32. ´´ ආහාරපානද කෑ යුතු දේද වස්ත්‍ර හා සෙනසුන්ද යන දානය දෙන්නාවු පුරුෂතෙමේ අනුන් විසින් සිදුකල යුත්තක් කොට කෙසේ නම් කරන්නේද?´´

33 – 34 ( මේ කථාවේම 26 – 27 ඡෙද මෙනි )

35. ඒ අංකුර තෙම ඒ මරු කතරින් නික්මී චාර්වතී නුවරට පැමිණ යම් දානයක් තමහට සැප එළවන්නේද ඒ දානය පිහිට විය.

36. පහන් සිතින් ආහාර පාන වර්ගද වස්ත්‍ර හා සෙනසුන්ද දුන්නේය. පැන්හල්ද ළිංද පිහිටවී.

37. කවරෙක් සාගිනි ඇත්තේද, කවරෙක් පිපාසා ඇත්තේද, කවරෙක් වස්ත්‍ර වැළඳ ගන්නේද, රථ යුග වාහනයෝ විඩාවට පැමිණියෝ වෙත්ද, මේ වාහන සමුහයෙන් රුචි වාහනයක් යොදත්වා.

38. කවරෙක් තෙම කුඩ කැමතිවේද, කවරෙක් තෙම සුවඳඳ මල් මාලාද කැමතිද, කවරෙක් වහන් කැමතිද, මෙසේ වනාහි ඒ අංකුරයාගේ නිවසෙහි කපුවොද අරක් කැමියොද සුවඳ දෙන්නොද හැමකල්හිම සවසද උදයද ාෙෂා කරත්.

39. ´´ අංකුර තෙම සුවසේ සයනය කෙරේ යයි ජන තෙමේ මා දනියි. සින්‍ධකය යම් හෙයකින් යාචකයන් නොදක්නෙම්ද දුකසේ නිදමි.

40. ´´ අංකුරතෙම සුවසේ සයනය කෙර්යයි ජනතෙම මා දනියි සින්‍ධකය ස්වල්පවු ගුණ කියා ඉල්වන ජනයා ඇති කල්හි වනාහි දුකසේ සයනය කරමියි.

41. ´´ තවුතිසා වැසි දෙවියන්ටද සියලු ලොකයාටද ඊශ්වරවු සක්දෙවි රජතෙම නුඹට වරයක් ඉදින් දෙන්නේ නම් ප්‍රාත්‍ර්‍ථනා කරන්නාවු නුඹ කෙබඳු වරයක් පතන්නේද.

42 – 43 ´´ තව්තිසා වාසී දෙවියන්ට ස්වාමිවු සක්දෙව් රජ මට වරයක් ඉදින් දෙන්නේ නම් අදය කාලයෙහි නැගිසිටි යාවුම මට සූය්‍රේ‍යාදය කාලයෙහි දෙව්ලොවට ඇතුළත්වු ආහාරයෝ උපදින්නාවු නම් යාචකයෝ සිල්වත් වන්නාහු නම් දන්දෙන්නාවු මාගේ දාන වස්තුව ක්‍ෂය නොවේ නම් මම දන්දී පසු තැවිලි නොවන්නෙම් නම් දන් දෙමින් සිත පහදා වන්නෙම් නම් මෙබඳුවු වරය ශක්‍රයාගෙන් ප්‍රාත්‍ර්‍ථනා කරමි.

44. ´´ සියලු ධනයත් අන්හට නොදෙන්නේය. දානයද දෙන්නේය. ධනයද දකින්නේය එහෙයින්ම දීමට වඩා ධනයම ශ්‍රෙෂ්ඨ වෙයි. අධික කොට දීමෙන් කුලයෝ නොපවතිත්.

45. ´´ පණ්ඩිතයෝ නොදීමද පමණ ඉක්මවා දීමද නොපසසත්. එහෙයින් දීමට වඩා වස්තුව රැකීමම උතුම්වේ. සමවිදියෙන් දීම නොදීම දෙක්හි පවත්නේය. එය බුද්ධිමතුන්ගේ ධර්‍මය වේ.

46. ´´ එම්බල මාණවකය, මම දෙන්නෙම්මය සන්හුන්කාය වාක් මනො සමාචාර ඇති සත්පුරුෂයෝ මා ආශ්‍රය කරන්නාහුය. පහත් ස්ථානයන් මනාව පුරවමින් වර්‍ෂා කරණ මහාමේය මෙන් සියලු යාචක ජනයන්ගේ අදහස සම්පූර්ණ කරන්නේ නම් යෙහෙක.

47. ´´ සිඟන්නන් දැක යමෙකුගේ මුඛවණූය පහදීද දන්දී සතුටු සිත් ඇතිවේද, ඒ ගෙයි වසන්නාහට සැපවේ.

48. ´´ යාචකයන් දැක යමෙකුගේ මුඛවණූය පහදීද දන්දි සතුටුසිත් ඇතිවේද, මෝ තොමෝ කුශලයාගේ පිරීම වේ.

49. ´´ දන්දීමෙන් පෙරම සතුටු සිත් ඇති වේද, දන් දෙමින් සිත පහදවන්නේද දන්දී සතුටු වේද, මෝ තොමෝ පුණ්‍යයාගේ සම්පත්ති යයි.

50. ´´ දනාධ්‍යශය ඇති අංකුර රජුගේ ගෘහයෙහි ගැල් හැටදාහක ආහාර සත්‍ව සමුහයිට නිතර දෙනු ලැබේ.

. 51. ´´ මහායාගයෙහි සංඥ කරණ ලද දානයෙහි යෙදුනාවු නොයෙක් වර්න කොඩොල් දැරූ තුන් දහසක් පමණ භත්ත කාරකයෝ අංකුර රජු නිසා  ජීවත් වෙත්.

52. ´´ පැළඳගත් මාණික්‍ය කුණ්ඩලාභරණ ඇති සැටි දහසක් තරුණ පුරුෂයෝ අංකුරයාගේ මහා දානයෙහි දර පලත්.

53. ´´ අංකුරයාගේ දානයෙහි සර්‍වාලංකාරයෙන් සැර සුනාවු සොළොස් දහසක් ස්ත්‍රීහු කුලු බඩු පිටි කරත්.

54. ´´ අංකුරයාගේ මහා දානයෙහි සියලු අලංකාරයෙන් සැරසුනාවු සොළොස් දහසක් ස්ත්‍රිහු හැඳිගෙන පැමිණ සිටියාහ.

55. ´´ අංකුර  රජතෙම බොහෝ දාන වස්තු නොයෙක් ජනයන්ට බොහෝ කලක් මුලුල්ලෙහි ඉතා උසස්ව දුන්නේය. සකස්කොට සිතින්ද ගරුබුහුමන් සිත් ඇතිකොට නැවත නැවත බොහෝසෙයින් ප්‍රදාන කෙළේය.

56. ´´ අංකුර තෙමේ බොහෝ මාසයන් මුලුල්ලෙහිද නොයෙක් පක්‍ෂයන් මුලුල්ලෙහිද නොයෙක් සෘතු මුලුල්ලෙහිද බොහෝ අවුරුදු මුලුල්ලෙහිද දීර් කාලයක් මහත් දානය පැවැත්වීය.

57. ´´ මෙසේ ඒ අංකුර රජ තෙමේ දර්‍ී කාලයක් මුලුල්ලෙහි දන්දී මහත් යාග කොට මනුෂ්‍ය දෙහය හැරපියා තව්තිසා දෙව්ලොවට පැමිණියේවිය.

58. ´´ ඒ ඉන්‍දකතෙමේ අනුරුද්ධ තෙරුන්ට හැන්දක් පමණ බත්දී මිනිස් බව හැරපියා තව්තිසා දෙව් ලොවට ගියේය.

59.,60. ´´ ඉන්ද්‍රක දිව්‍යපුත්‍රතෙම අංකුර දිව්‍යපුත්‍රයාට වඩා සම්පත් කරුණු දහයකින් අධිකව බබලයි. සිත්කලුවු රූප සම්පත්තියෙන්ද, ශබ්දයෙන්ද, ගන්‍ධයෙන්ද, රසයෙන්ද ස්පර්ශයෙන්ද, ආයුසම්පත්තියෙන්ද, සැප සම්පත්තියෙන්ද ඓශ්චය්‍ර්‍ය සම්පත්තියෙන්ද, ඉන්‍දකතෙමේ අංකුරයා මැඩ බබලයි.´´

61. ´´ අංකුරය තොප විසින් බොහෝ කලක් මුලුල්ලෙහි මහ දන් දෙන ලදී. ඉතාදුර තන්හී සිටියෙහිය. මාගේ සමීපයට එවයි´´ භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

62. පුරුෂොත්තමවු සර්‍වඥතෙම තව්තිසා භවනෙහි පරසතු රුක්මුල පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි යම් කලෙක වාසය කළේද

63. දසදහසක් චක්‍රවාටයන්හි දෙවියෝ රැස්ව මෙර මුදුනෙහි වසන්නාවු සම්බුදුන් සේවනය කරත්.

64. කිසි දෙවියෙක් ශරීර වර්නයෙන් සම්බුදුන්ට වඩා නොබබලයි. සියලු දෙවියන් අභිභවනයකොට බුදුහුම බබළයි.

65. මේ අංකුර තෙම එකල්හි දොළොස් යොදුන් අතර විය. ඉන්‍දකතෙම බුදුන්ට නුදුරු තැනම අධිකව බබළයි.

66. සම්‍යක් සම්බුද්ධතෙමේ අංකුරයාද, ඉන්‍දකයාද බලාවදාරා දක්‍ෂිණාර්භයා ප්‍රකාශ කරමින් මේ වචනය වදාලේය.

67. පුරුෂොත්තමවු සර්‍වඥතෙම තව්තිසා භවනෙහි පරසතු රුක්මුල පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි යම් කලෙක වාසය කළේද

දියුනු කරන ලද සිත් ඇති බුදුන් විසින් මෙහෙයන ලද්දාවු අංකුර තෙම මගේ දානය දක්‍ෂිණාර්භයාගෙන් හිස් විය. ඒ දානයෙන් කවර ප්‍රයෝජනදැයි´´ කියේය.

68. ´´ ඒ මේ ඉන්‍දක දෙවිතෙම සුලු දනක් දී තරු සමූහයන් මැද, චන්ද්‍රයාමෙන් අප ඉක්මවා බබළයි.

69. ´´ යම්සේ ඉතා තද භූමි භාගය ඇති කතෙහි වපුරණ ලද බීජ බොහෝ වුවත් මහත් ඵල නොවේද, ගොවියා නොමසතුටු කෙර්ද,

70. ´´ එසේම දුශ්ශීලයන් විෂයෙහි පිහිටුවන ලද මහත් දානය උදාර විපාක ඇත්තේ නොවේ. දායකයා සතුටු නොකරයි.

71. ´´ යම්සේ යහපත් කෙතක වපුරණ ලද බීජය සුලු වුවත් වැස්ස මනා කොට පවත්නා කල්හි ශස්‍යඵලය ගොවියා සතුටු කෙරේද,

72. ´´ එසේම ධ්‍යානාදී ගුණවත්වු අටලෝ දහමින් කම්පා නොවන ලක්‍ෂන ඇති සිල්වතුන් විෂයෙහි කරන ලද පුණ්‍යෙපකාරය ස්වල්ප වුවත් මහත් ඵල වෙයි.

73. ´´ යම් පුද්ගලයෙකු කෙරෙහි දෙනලද දානය මහත් ඵල වේද පින් කෙත නුවනින් සොයා දානය දිය යුතුය. දායකයෝ නුවණින් සොයා දන් දී ස්වර්ගයට යත්.

74. ´´ මේ මනුෂ්‍ය ලොකයෙහි යම් දක්‍ෂිණාර්භයෝ වෙත්ද, නුවණින් පර්ක්‍ෂාකොට දීම බුදුන් විසින් ප්‍රශංසා කරණ ලදී. යහපත් කෙතෙහි වපුරනලද බීජයෝ යම්සේද, එමෙන් මේ දන් පිළිගැනීමට සුදුස්සන් කෙරෙහි දෙන ලද්ද මහත් ඵල ඇත්තාහුවෙත්.´´

20.චුල්ලසෙට්ඨි ප්‍රෙතයාගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
චුල්ලසෙට්ඨි ප්‍රෙතයාගේ කථාව :-

1. ´´ ස්වාමීනි, වස්ත්‍ර සහිතවු කෘශවු පැවිද්දෙක් වූයෙහිද කවර හේතුවකින් රාත්‍රියෙහි කොහියේද, ඒ කරුනමට කියනු මැනව. හැකිවන්නෙමුනම් නුඹට සියලු භොගයෙන් වස්තුව සම්පාදනය කරන්නෙමි.

2. ´´ සියලු තන්හි ප්‍රකට වු බරණැස් නුවරක් ඇත. ඒ නගරයෙහි මම මහත් සම්පත් ඇති නිහීන සිත් ඇති දන් නොදෙන්නාවු කාය සැපතෙහි ගිජු සිත් ඇති ගෘහ පතියෙක් වීමි. දුශ්ශීල කර්‍මයෙන් ප්‍රෙතලෝකයට පැමිනියේ වෙමි.

3. ´ ඒ මම යථොක්ත පාප කර්‍ම හේතුකොට ගෙන ඉදිකටුවලින් විදින්නසේ සාගින්නේන් පීඩිත වූයේ වෙමි. එහෙයින්ම කිසි ආහාරයක් ප්‍රාත්‍ර්‍ථනාකොට නෑයන් සමීපයට යමි. දන් නොදෙන සුල්ලෝ පරලොවදී දානයාගේ විපාක වේයයි නොම අදහත්.

4. ´ මාගේ දියණිතොමෝද මවුපියන් උදෙසාද මුතුන් මී මුතුන් උදෙසාද දන් දෙන්නෙමැයි නිතර කියයි. දාන වස්තු සදා බමුණන් වළදවන්නී වෙයි. මම අන්‍දකවින්‍ද නම් නුවරට කෑමට යමි´´

5. අජාසත් රජ තෙම ඒ ප්‍රෙතයාට මෙසේ කීය. ´´ ඒ දානයද අනුභව කොට වහා එන්නෙහිය මමත් පූජාවක් කරන්නෙමි ඉදින් කිසිකරුනක් ඇත්නම් ඇදහිය යුතුවු ඒ හේතුයුක්ත වචනය මට කියව එය මම අසමි´´

6. ´´ එසේයයි´´ කියා ඒ වළඳවන තැනට ගියේය. බත බමුණෝ වැළඳුවාහුය. දක්‍ෂිනාර්හයෝ නොම වැළඳුවාහුය. නැවත අනික්වර රජගහ නුවරට ආපසු ආයේය. රජහුගේ ඉදිරියෙහි පහළවිය.

7. රජ තෙම නැවතද පැමිණියාවු ප්‍රෙතයා දැක ´´ මමත් කෙබඳු දානයක් දෙන්නෙම් දැයි´´ කීය. යම් කරුනකින් නුඹ බොහෝ කලක් මුලුල්ලෙහි සම්පතින් සෑහෙන්නේ වෙයිද ඉදින් එබඳු කිසි කාරනයක් ඇත්නම් එය මට කියව´´.

8. පින්වත් රජ තුමනි බුදුන්ද සංයාද ආහාරයෙන් හා පාන වර්ගයෙන්ද වළඳවා සිවුරෙන්ද පූජා කොට ඒ පින මා පිණිස දුන මැනව. එසේ කල කල්හි මම බොහෝ කල් මුලුල්ලෙහි සෑහිමට පත්වන්නෙමි´´

9. ´´ ඒ වචනයෙන් රජතෙම එකෙනෙහිම නික්ම උදාරවු දානය සියතින් සංයාට දී තථාගතයන් වහන්සේට ප්‍රවෘත්තිය සැළකලේය. ඒ ප්‍රෙතයාටද පින්දුනි.

10. පුදන ලද්දාවු ඒ ප්‍රෙතතෙම ඉතාමත් බබළමින් රජුගේ ඉදිරියෙහි පහළවිය, ´´ මම උතුම් සෘද්ධියට පැමිණියාවු දෙවියෙක් වෙමි. මහා ආනුභාව සම්පත්තියෙන් සමවු මනුෂ්‍යයෝ නොවෙත්.

11. ´´ මගේ අප්‍රමාණවු මේ දිව්‍යානුභාවය බලනු මැනවි. නුඹ විසින් ආය්‍ර්‍ය සංයාට මහ දන් දී මට පින් පමුණුවන ලදී. මිනිස් දෙවිවු මහරජ සෑමකල්හි නිරන්තරයෙන් බොහෝ දාන වස්තුවෙන් පිනවන ලද්දාවු මම සුවපත්වූයේ වෙමි´´

15. මත්තා ප්‍රේතියගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
15. මත්තා ප්‍රේතියගේ කථාව:-

1  ,වෙන්ව පෙනෙන ඉල ඇට ඇත්තී, කාශවනීර්‍වස්ත්‍රවූවාය. දුර්‍වණී වූවාය. නහර වැල් ඉලිප්පී ගියාය. මෙහි සිටින තී කවරියක්ද?,

2  ,පූර්‍ව ජන්මයෙහි මම මත්තා නම් වීමි. තී තිස්ස නම් විය. තීට සම හිමියෙක් ඇත්තියක් වීමි. පව් කම් කොට මේ මිනිස් ලොවින් ප්‍රේත ලොකයට පැමිණියා වෙමි.,

3  යම් හෙයකින් මෙබඳු වූ විළිවැස්මක් නැතිව බඩගින්නෙන් හා පිපාසයෙනුත් පෙළනු ලබමින් මෙතැන් පටන් අවුරුදු පන්සියයක් මුථල්ලෙහි මම හැසිරෙම්ද මාගේ පාපකර්‍මයාගේ මේ විපාකය වේ.

4  ,ක්‍රෝධ ඇත්තියක්ද ඵරුෂ බස් කියන්නියක්ද ඊෂ්‍යා කරන්නියක්ද මසුරු සිත් ඇත්තියක්ද කෛරාටික ගුණ ඇත්තියක්ද වීමි. මම ඒ දුර්භාෂිත නීරන්‍ර්‍ථක වචන කියා මෙලොවින් ප්‍රේත ලෝකයට පැමිණියා වෙමි.,

5  ,යම්සේ තී ක්‍රෝධ කරන්නියක් වීද, සියල්ල මමත් දනිමි. තීගෙන් අනිකක්ම විචාරමි. කවර කර්‍මයක් හේතුකොට ගෙන කසල පස් වලින් ගැවසුන සිරුර ඇතිවීද,

6  ,තී ඉස් සෝද්‍ර නෑවේ පිරිසිදු වස්ත්‍ර ඇන්දේ සැරසුනිවිය මමද පින්වතියට වඩා ඒ ඉතා වැඩියෙන් අතිශයින් සැරසුනි වීමි.,

7  ,ඒ මා බලාසිටියදී ස්වාමියා සමඟ කථා කළාය. ඒ හේතුවෙන් මාගේ ඊෂ්‍යාව වහත් විය. මට ක්‍රෝධය උපන.

8  ,එහෙයින් කුණුපස් ගෙන පයින් තිට දමාගැසුවෙමි. ඒ අකුශල කර්ම විපාකය හේතුකොට ගෙන පස්වලින් ගැවසුන ශරීර ඇත්තියක් වීමි.

9  තී මට පයින් දමා ගැසීය. ඒ සියල්ල මමත් දනිමි. තීගෙන් අතීතයක්ද විචාරමි. කවර හේතුවකින් කැසීම් රෝගයකින් පෙළේද?,

10  ,බෙහෙත් ගෙනෙන්නාවූ අපි දෙදෙන වනයට ගියෙමු. තී බෙහෙත් ගෙනායෙහිය. මම වනාහි කසඹිලියා ගෙඩි ගෙනාවෙමි.

11 ,ඒ තී නොදන්නා කල්හි තිගේ සයනයෙහි මම ඒ කසඹිලියා ගෙඩි හාත්පස විසුරුවා දැමීමි. ඒ අකුශල කර්මයාගේ හේතුවෙන් කැසීම් රෝගයෙන් පෙළෙමි.,

12  ,තී මාගේ සයනයෙහි කසඹලියා කොළ ගෙඩි දැමූ බව දනිමි. තීගෙන් අනිකක් විචාරමි. කවර කාරණයකින් නුඹ නග්න වූවාද?,

13  ,මිත්‍රයන්ගේ සමාගමක් විය. නෑයන්ගේ රුස්වීමක් විය. සැමියා සහිතවූ තීද කැඳවන ලද්දේ විය. මම වනාහි නොකැඳවන ලදිමි.

14  ,ඒ තී නොදැනුවත්වම තීගේ වස්ත්‍රයක් සොරාගතිමි. ඒ අකුශල කර්‍මයාගේ විපාකයෙන් මම නග්න වීමි.,

15  ,තී මාගේ වස්ත්‍රය සොරකම් කළෙහිය යන මේ සියල්ල මමත් දනිමි. වෙනත් කරුණක් තීගෙන් මම අසමි. කවර කර්මයකින් ශරීරයෙන් අශුවි ගඳ හමන්නේද?,

16  ,තීගේ සුවඳද අථත් වටිනා මල් මාලාවක්ද විලවූන්ද අශුවි වලෙක බහාලීමි. මා විසින් ඒ පාපකර්මය කරණ ලදී.

17   ,ඒ අකුශල කර්මයාගේ විපාකයෙන් අශුචි දුගඳ හමන ශරීර ඇතිවීමි. තී විසින් කරණලද ඒ පාප කර්මය සැබෑය. එය මමත් දනිමි.

18  ,තිගෙන් අනිකක්ද විචාරමි. තී කවර හේතුවකින් දුක්පත් වූයෙහිද?, ,ගෙයි යම් ධනයක් විද්‍යමාන වීද, එය දෙදෙනාටම ඍමාන විය.

19  ,ද්‍රන වස්තුව ඇති කල්හි තම හට පිනක් නොකෙළෙමි. ඒ අකුශල කර්ම විපාකයෙන් මම දුක්පත් වීමි.,

20  ,ඒ කාලයෙහිම තී මට මෙසේ කීය. පව්කම් සේවනය කෙරෙහි පව්කම් වලින් සුගතිය සුවසේ ලැබිය හැකි නොවේමය.

21  ,තී මා විරුද්ධ වශයෙන් සැළකුවෙහිය. නැවත මට ඊෂ්‍යා කෙළෙහිය. ලාමක කර්මයන්ගේ යම් බඳු විපාකයක් වේද එය බලව,

22  ,තිගේ ගෘහ ද්‍රසියෝද එම ආභරණයෝත් වූවාහුද මේ ආභරණද ඒ ද්‍රසියනුත් අනික් ජනයෝද පරිභෝග කෙරෙත්, භොග සම්පත් සද්‍රකාලික නොවෙත්,

23  ,දැන් භූත නම් පුතාගේ පියතෙමේ සල්පිළෙන් ගෙදර එන්නෙය. තිට කිසිවක් දෙන්නේ නම් යෙහෙක. ඒතාක් මෙතනින් නොයව,

24  ,නග්නවූ දුර්‍වණ ශරීර ඇත්තාවූ කෘශවූ ඉල්ප ගිය නහර වැල් ඇත්තියක් විමි.  මෙය ස්ත්‍රීන්ට ලඡ්ඡාවෙක, භූත නම් පුත්‍රයාගේ පියතෙමේ මා නොදක්වා .,

25  ,එසේ නම් යමක් හේතුකොට ගෙන සියලු කාම සෑපතින් සමෘද්ධ වූවා සුවපත් වන්නේද එබඳුවූ කුමක් තිට මම දෙම්ද, තිට මම මේ කාලයෙහි කිනම් උපකාරයක් කරම්ද?,

26  , භික්‍ෂු සංයා කෙරෙන් සතර නමක්ද පුද්ගල වශයෙන් භික්‍ෂු සතර නමක්දැයි භික්‍ෂූන් අට නමක් වළඳවා මට පින් දුන මැනව. එසේ කළ කල්හි මම සුවපත් වූවා සියලු කාමයෙන් සමෘද්ධවූවා වන්නෙමි,

27  ,ඕතොමෝ මැනවැයි පිළිවදන්දී භික්‍ෂූන් අට නමක් වළඳවා වස්ත්‍ර වලින් හඳවා ඈට පින්දුනි.

28 දීමට අනතුරුවම විපාක උපනී. නානාප්‍රකාර දිව්‍යභොජන සමාන වූභොජනද, දිව්‍ය වස්ත්‍ර සමාන වස්ත්‍රද නොයෙක් පාන වර්‍ගද උපන, දානයාගේ මේ විපාකයයි.

29  පසුව පිරිසිදු ශරිර ඇතිව පිරිසිදු වස්ත්‍ර හැඳ කසී සලු වලටත් වඩා උතුම් වස්ත්‍ර දරන්නීව විසිතුරු වස්ත්‍රාභරණ ඇතිව සැරියුත් කෙරුන් වෙත පැමිණ සිටියාය.

30  පින්වත් දෙව්දුව යම්බඳුවූ තී යහපත් ශරීර වර්‍ණයෙන් ඔසධී තරුව මෙන් සියලු දිශාවන් බබුථවමින් සිටින්නෙහිය. කවර හෙයකින් තිගේ මෙබඳුවූ ශරීරවර්‍ණයක් ඇතිවේද, කවර කුශල විශේෂයකින් තිට මෙතැන්හි සුචරිත ඵල නීපදීද, තිට සිත් පිනවන යම්කිසි වස්තුපකරණ විශේෂයෝ උපදිත්ද.,මහත් ආනුභාව ඇති දේවතාව තිගෙන් මම විචාරමි. මිනිස් වූවා කිනම් පිනක් කළෙහිද, කවර කුශල හේතුවකින් මෙසේ දිළිසෙන ආනුභාව ඇත්තීද, තීගේ ශරීර වර්‍ණයද සියලු දිශා බබුථවයි.,

31  ස්වාමීනි, ලෝකයෙහි කරුණා සම්පන්න වූ ස්ථවිර තෙම පඬුවන්වූ කෘශවූ බඩ සයින් පීඩිතවූ නග්නවූ සුන්බුන් සිරුරු සිවිය ඇති දුක්පත්වූ ඒ මා දුටුවේය.

32  ,මම බැහැර දමනලද කෙළද සොටුද සෙමද සෑයෙහි දවනු ලබන මෘතශරීරයාගේ වුරුණු තෙලද වැදූ ස්ත්‍රීන්ගේ ලේ හා ගර්භ මළද.

33  ,නැගෙණිය තී විසින් දෙනලද ද්‍රනය හේතුකොට ගෙන බිය නැතිව සතුටු වෙමි. සියථ නෑයන් සමග බොහෝ කලක් මුථල්ලෙහි ජීවත් වෙව.

34  ,සුන්‍දරිය, ලොභ ෙවෂ සහිතවූ මසුරුමලය දුරුකොට මෙහිදී ධර්‍මයෙහි හැසිර දන්දී ශොක රහිතවූ රජස් නැති දිව්‍යස්ථානයවූ කාමභොගීන්ගේ වාසස්ථාන වූ දෙව්ලොවට නින්‍ද්‍ර නැතිව පැමිණෙව.,

13.සංසාර මොචක ප්‍රේතයාගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

1 ,වෙන්ව පෙනෙන ඉල ඇට ඇත්තී, කාශවනීර්‍වස්ත්‍රවූවාය. දුර්‍වණී වූවාය. නහර වැල් ඉලිප්පී ගියාය. මෙහි සිටින තී කවරියක්ද?,

2 යම් හෙයකින් මෙබඳු වූ විළිවැස්මක් නැතිව බඩගින්නෙන් හා පිපාසයෙනුත් පෙළනු ලබමින් මෙතැන් පටන් අවුරුදු පන්සියයක් මුථල්ලෙහි මම හැසිරෙම්ද මාගේ පාපකර්‍මයාගේ මේ විපාකය වේ.

3  යම් හෙයකින් මෙබඳු වූ විළිවැස්මක් නැතිව බඩගින්නෙන් හා පිපාසයෙනුත් පෙළනු ලබමින් මෙතැන් පටන් අවුරුදු පන්සියයක් මුථල්ලෙහි මම හැසිරෙම්ද මාගේ පාපකර්‍මයාගේ මේ විපාකය වේ.

4  ,ස්වාමීනි, පියා හෝ මව් හෝ නොහොත් නෑකෙනෙක් හෝ පැහැදුන සිතින් මහණ බමුණන්ට දන් දෙවයි කියා යම් කෙනෙක් මට නියම කරන්නාහුද, එබඳුඅනුකම්පා කරන කෙනෙක් මට නුවූහ.

5  ,යම් හෙයකින් මෙබඳු වූ විළිවැස්මක් නැතිව බඩගින්නෙන් හා පිපාසයෙනුත් පෙළනු ලබමින් මෙතැන් පටන් අවුරුදු පන්සියයක් මුථල්ලෙහි මම හැසිරෙම්ද මාගේ පාපකර්‍මයාගේ මේ විපාකය වේ.

6  ,ආය්‍ර්‍යයන් වහන්ස, සතුටු සිත් ඇතිව නුඹවහන්සේ වඳිමි. මහත් ආනුභාව ඇති ධීරයන් වහන්ස, මට අනුකම්පා කරණු මැනව. යම්කිසි දාන වස්තුවක්දී මට පින් දුන මැනව. ස්වාමීන් වහන්ස, දුගතියෙන් මා මුදනු මැනව.,

7  අනුකම්පා සිත් ඇත්තාවූ ඒ ශාරිපුත්‍ර ස්ථවිර තෙම ඇගේ කීම ,මැනවයි, පිළිගෙන භික්‍ෂුනමකට එක් බත් පිඬක්ද. එක් රියනක් පමණ රෙදි කඩක්ද. එක පැන් තැටියක්ද දී ඒ ප්‍රේතියට දක්‍ෂිණාව දුන්කේය.

8  ඉක්බිති නෑමෙන් පිරිසිඳු වූවා පිරිසිඳු කසීසථ වලටත් වඩා උතුම් වස්ත්‍රධාරීව සිනාසෙමින් විමානයෙන් නික්මුණාය. දානයාගේ මේ විපාකය වේ.

9  පසුව පිරිසිදු ශරිර ඇතිව පිරිසිදු වස්ත්‍ර හැඳ කසී සලු වලටත් වඩා උතුම් වස්ත්‍ර දරන්නීව විසිතුරු වස්ත්‍රාභරණ ඇතිව සැරියුත් කෙරුන් වෙත පැමිණ සිටියාය.

10  ,පින්වත් දෙව්දුව යම්බඳුවූ තී යහපත් ශරීර වර්‍ණයෙන් ඔසධී තරුව මෙන් සියලු දිශාවන් බබුථවමින් සිටින්නෙහිය. කවර හෙයකින් තිගේ මෙබඳුවූ ශරීරවර්‍ණයක් ඇතිවේද, කවර කුශල විශේෂයකින් තිට මෙතැන්හි සුචරිත ඵල නීපදීද, තිට සිත් පිනවන යම්කිසි වස්තුපකරණ විශේෂයෝ උපදිත්ද.,

11  ,මහත් ආනුභාව ඇති දේවතාව තිගෙන් මම විචාරමි. මිනිස් වූවා කිනම් පිනක් කළෙහිද, කවර කුශල හේතුවකින් මෙසේ දිළිසෙන ආනුභාව ඇත්තීද, තීගේ ශරීර වර්‍ණයද සියලු දිශා බබුථවයි.,

12  ,ස්වාමීනි, ලෝකයෙහි කරුණා සම්පන්න වූ ස්ථවිර තෙම පඬුවන්වූ කෘශවූ බඩ සයින් පීඩිතවූ නග්නවූ සුන්බුන් සිරුරු සිවිය ඇති දුක්පත්වූ ඒ මා දුටුවේය.

13  ,භික්‍ෂූන් වහන්සේට බත් පිඩක්ද රියනක් පමණ රෙදි කඩක්ද පැන් තලියක්ද දී මට දක්‍ෂිණාව දුනි.

14  , බත් පිඩේ විපාකය බලනු මැනවි. අන්‍යයන් විසින් කැමති වියයුතුවූ කාම සැපතින් යුක්තව දහසක් අවුරුදු මුථල්ලෙහි නොයෙක් රසමසවුලෙන් යුත් දිව බොජුන් මම වළදමි.

15  ,රියනක් පමණ රෙදිකඩේ යම්බඳු විපාකයක් ඇත්ද බලනු මැනවි. නන්ද රජුගේ රටෙහි යම් පමණක් වස්ත්‍රයෝ වෙත්ද.

16  ,ස්වාමීනි, මට කොසෙය්‍ය වස්ත්‍රා හා කම්බිලිද කොමුපිලි හා කපුපිලිද යන හඳනා පොරෝනා වස්ත්‍ර ඊට වඩා බොහෝ වෙති.

17  ,මහත් වූද මාහැඟි වූද ඒ වස්ත්‍රයෝ අහසෙහිම එල්බෙත්. ඒ මම යම් යම් වස්ත්‍රයක් සිතට ප්‍රිය වේ නම් එය හැඳ පොරවා ගනිමි.

18  ,පැන් තලියේ යම් බඳු විපාකයක් ඇත්ද එය බලනු මැනවි. ගැඹුරු වූද සතරුස්වූද පොකුණු මනාව මැවුනේය.

19  ,සුදුවැල්ලෙන් ගැවසීගත් යහපත් තොටුපල ඇති, සිසිල් ජලය ඇති, සුවඳ ඇති, පියුම් හෙල පියුම් ඇති, මල් රේණුවෙන් ගැවසුණු ජලයෙන් පිරුනේය.

20  ,එහි මම ඇලෙමි. ක්‍රීඩා කරමි. සතුටු වෙමි. කිසි බියක් නැතිව ස්වාමීනි, ලෝකයෙහි කරුණාන්විතවූ නුවණැති ඔබ වහන්සේ වැඳීමට පැමිණියෙමි.

5. (තිරොකුඞ්ඪ) ප්‍රාකාරාදියෙන් පිටත සිටි ප්‍රේතයන්ගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

1.  ,වස්ත්‍ර නැතිව නපුරු වර්‍ණ ඇතිව කුණු ගඳ ඇත්තියක් වෙහිය. මැස්සන් විසින් වසාගත් මෙහි සිටින ඔබ කවර තැනැත්තියක් වන්නෙහිද?,.

2. ,ස්වාමිනී, මම නපුරු ගති ඇති යම ලොකයෙහි වූ ප්‍රේතියක් වෙමි. පාපකර්‍මයක් කොට මෙයින් ප්‍රේතලෝකයට ගියේ වෙමි.

3. ,උදය කාලයෙහි පුත්‍රයන් සත්දෙනෙක්ද සවස නැවත අනික් සත්දෙනෙක්ද වදා කන්නෙම. ඔවුන්ද මට ප්‍රමාණ නොවෙත්.

4. ,මාගේ ළය බඩගින්නෙන් දැවෙයි. දුම් නගියි. අව්වෙහි ගින්නෙත් දැවුනාක් මෙන් නිවීමක් නොලබමි.

5.  කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරු කමක් කරන ලද්දේද? කවර කර්‍ම විපාකයකින් පුත්‍රයන්ගේ මස් කන්නෙහිද?,.

6. ,මාගේ පුත්‍රයන් දෙදෙනෙක් වූහ. දෙදෙනම වැඩුන තරුණයෝය.  පුත්‍රයන් ගේ බලයෙන් යුත් ඒ මම ස්වාමියාට අවමන් කළෙමි.

7.  ,ඉන් මගේ සැමියා කිපී අනික් ස්ත්‍රියක් ගෙනාවේය. ඈද ගර්භයක් ලැබුවාය. ඈට පාපයක් සිතුවෙමි.

8.  ,ඒ මම ක්‍රොධ සිතින් ගැබ් හෙළීම කළෙමි. ඇගේ තුන්මසක් වූ ගර්භය කුණු ලේ වී වැටුනේය.

9. ,ඇගේ දෙමාසයක් වූ ගර්‍භය ලේම වැගිරවූයේය. ඇගේ ඒ මව තරහවූවා මගේ ක්‍ඳාතීත් කැඳවූයේය. මා (11) දිව්රීමද කරවූයේය. මට නින්‍ඳාද කළේය. ඒ මම බොරු වූ දරුණු දිව්රීමක් දිවුරු වෙමි.

ඉදින් මා විසින් එය කරන ලද්දේද දැන් පුත්‍රයන්ගේ මස් කමි.