1. ´´මහණෙනි, අංග තුනකින් යුක්තවූ වෙළඳතෙම නොබෝ කලකින්ම ධනයෙහි මහත් බවටද, විපුල බවටද පැමිණේ. කවර තුනකින්ද? මහණෙනි, වෙළඳ තෙම නුවණ ඇත්තේ වේද, නුවණින් යුක්තවිය ඇත්තේ වේද, උදව් උපකාර ඇත්තේ වේද,´´ (යන මේ තුනෙනි.)
Category Archives: 02 රථකාර වර්ගය
19. පාපනික සූත්‍රය.
1. ´´මහණෙනි, කරුණු තුනකින් යුක්තවූ වෙළඳ තෙම නොලැබූ ධන ලැබීමට හෝ, ලැබූ ධනය දියුණු කිරීමට හෝ සුදුසු නොවේ. කවර තුනකින්ද? මහණෙනි, මේ ලෝකයෙහි වෙළඳ තෙම උදය කාලයෙහි මනාව කටයුතු නොකරයිද, දවල් කාලයෙහි මනාව කටයුතු නොකරයිද, සවස් කාලයෙහි මනාව කටයුතු නොකරයිද, මහණෙනි, මේ අංග තුනෙන් යුත් වෙළඳ තෙම නොලැබූ ධන ලැබීමට හෝ, ලැබූ ධනය දියුණු කිරීමට හෝ සුදුසු නොවේ.´´
18. දෙවලොකුප්පත්ති සූත්‍රය.
1. ´´මහණෙනි, ඉදින් වනාහි අන්‍යතීත්‍ර්‍ථක පරිබ්‍රාජකයෝ, ´ඇවැත්නි, දෙව්ලොව ඉපදීම පිණිස ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්නහුදැයි අසන්නාහු නම්, මෙසේ අසන ලද්දාවූ තෙපි හැකිලෙන්නාහු නොවෙත්ද, ලජ්ජාවන්නාහු නොවෙත්ද, පිළිකුල් කරන්නාහු නොවෙත්ද. ´´ස්වාමීනි, එසේය´´. මහණෙනි, මෙසේ වනාහි තෙපි දිව්‍ය ආයුෂට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, දිව්‍ය වර්‍ණයට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, දිව්‍ය සැපට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, දිව්‍ය යසසට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, දිව්‍ය අධිපති බවට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, මහණෙනි, පළමුකොට වනාහි තොප විසින් කාය දුෂ්චරිතයට හැකිලිය යුතුයි. ලජ්ජා විය යුතුයි. පිළිකුල් කටයුතුයි. වාක් දුශ්චරිතයට හැකිලිය යුතුයි. ලජ්ජා විය යුතුයි. පිළිකුල් කටයුතුයි. මනො දුශ්චරිතයට හැකිලිය යුතුයි. ලජ්ජා විය යුතුයි. පිළිකුල් කටයුතුයි.´´
17. ව්‍යාබාධ සංවත්තන සූත්‍රය.
1. ´´මහණෙනි, මේ ධර්මයෝ තුන්දෙනෙක් තමහට දුක් පිණිසද පවතිත්. අනුන්හට දුක් පිණිසද පවතිත්. තමන් අනුන් යන දෙදෙනාටම දුක් පිණිසද පවතිත්. කවර තුන් දෙනෙක්ද යත්. කාය දුෂ්චරිතය, වාක් දුශ්චරිතය, මනො දුශ්චරිතය යන මොහුයි. මහණෙනි, මේ ධර්මයෝ තුන් දෙන තමාට දුක් පිණිසද, අනුන්ට දුක් පිණිසද, දෙදෙනාටම දුක් පිණිසද පවතිත්.´´
16. අපණ්ණක පටිපදා සූත්‍රය.
1. ´´මහණෙනි, ධර්ම තුනකින් යුක්තවූ මහණ තෙමේ ඒකාන්ත ප්‍රතිපදාවට පිළිපන්නේ වේ. ඔහු විසින් ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස පවත්තා හේතුවද පටන් ගන්නා ලද්දේ වෙයි. කවර තුනකින්ද?´´
15. පචෙතන සූත්‍රය.
1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර මිගදායෙහි ඉසිපතනාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ´´මහණෙනි,´´ යි අඬගා වදාළ සේක. ඒ භික්‍ෂූහු ´´ස්වාමීනි´´ යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.
13. නිරාස සූත්‍රය.
1. ´´මහණෙනි, ලෝකයෙහි පුද්ගලයෝ තුන්දෙනෙක් ඇත්තාහු වෙත්. විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක්ද?´´
12. යාවජීව සරණීය සූත්‍රය.
1. ´´මහණෙනි, ඔටුණු පැළැන්දුවාවූ ක්‍ෂත්‍රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු කරුණු තුනක් වෙත්. කවර තුනක්ද?´´
14. අරාජක චක්ක සූත්‍රය.
1. ´´මහණෙනි, ධර්‍මයෙන් යුක්තවු, ධර්‍මයෙන් රජ කරන්නාවූ, යම් සක්විති රජෙක් වේද, හෙතෙම රජකු නැතිව අණසක නොපවත්නේයයි වදාළේය.´´
11. ඤාතභික්ඛු සූත්‍රය.
1. ´´මහණෙනි, ධර්ම තුනකින් යුත් ප්‍රසිද්ධ භික්‍ෂුව බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනත්‍ර්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වෙයි. කවර තුනකින්ද?´´