16. අනිච්චානුපස්සි සූත්‍රය

1. ´´මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
2. ´´කවර සත් දෙනෙක්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දකිමින් වාසය කරයි. මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීය්‍ර්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීය්‍ර්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. හෙතෙම ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් අනාශ්‍රවවූයේ, චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මෙලෙව්හිදීම තෙමේ උසස් ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
3. ´´මහණෙනි, නැවතද ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධ කරගත් සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥා ඇත්තේ අනිත්‍යය විඳින්නේ අනිත්‍යය දකිමින් වාසය කරයි. ඔහුට පෙරපසු නොව එකවිටම ආශ්‍රවයන්ගේ නැතිවිමද, ජීවිතය නැතිවීමද (සිදුවෙයි.)මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන )ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
4. ´´නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අන්තරා පරිනිබ්බායීවේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
5. ´´නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් උපහච්ච පරිනිබ්බායී වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
6. ´´නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අසංස්කාර පරිනිබ්බායී වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
7. ´´නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් සසංස්කාර පරිනිබ්බායී වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
8. ´´නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අකනිට්ඨගාමී උද්ධංසොත නම් වූයේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

15. උදකූපම පුග්ගල සූත්‍රය

 
1. ´´මහණෙනි, ජලයට බඳු උපමා ඇති පුද්ගලයෝ සත් දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙති. 
 
2. ´´ඒ සත් දෙන කවරහුද? මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් එක් වරක් (ජලයෙහි) ගිලුනේ ගිලුනේමය. මහණෙනි, ඇතැම් පුද්ගලයෙත් ගිලී මතුවෙයි. මහණෙනි, මෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් ගිලී සිටියේ වෙයි. මහණෙනි, මෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් මතුවී විශෙෂයෙන් බලයි. අවලෝකනය කෙරෙයි. මහණෙනි, මෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් මතුවී පිහිනයි. මහණෙනි, මෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් මතුවී ගැඹුරට පිවිසියේ වෙයි. මහණෙනි, මෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් මතුවී එතරවූයේ පරතීරගතවූ ඒ බ්‍රාහ්මණතෙම ගොඩ සිටියේ වෙයි.
 
3. ´´මහණෙනි, කෙසේනම් පුද්ගලතෙම වරක් ගිලුනේ ගිලුනේම වේද? මහණෙනි, මෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් ඒකාන්ත කාලක (කලු) වූ අකුසල ධර්මයන්ගෙන් යුක්තවේද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම වරක් ගිලුනේ ගිලුනේම වෙයි. 
 
4. ´´මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ගිලී මතුවේද? මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීය්‍ර්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීය්‍ර්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. )සසස´ මහණෙනි, මෙසේ මේ පුද්ගල තෙම ගිලී මතුවෙයි. 
 
5. ´´මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ගිලී සිටියේ වේද? මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීය්‍ර්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීය්‍ර්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. 
 
6. ´´මහණෙනි, කෙසේ නම් පුද්ගලතෙම මතුවී විශෙෂයෙන් බලාද, අවලෝකනය කෙරේද? මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීය්‍ර්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීය්‍ර්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. හෙතෙම සංයෝජන තුනකගේ ක්‍ෂයකිරීමෙන් නිරයගාමිනී නොවූ, සම්බෝධිපරායනවූ සෝවාන්වූයේ වෙයි. මෙසේ මේ පුද්ගල තෙම මතුවී විශෙෂයෙන් බලයි. 
 
7. ´´මහණෙනි, කෙසේනම් පුද්ගලතෙම මතුවී පිහිනයිද? මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීය්‍ර්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීය්‍ර්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. හෙතෙම සංයෝජන තුනකගේ ක්‍ෂවීමෙන් රාග, ෙව්ෂ, මෝහයන්ගේ තුනීවීමෙන් සකෘදාගාමී වේද, වරක් මේ ලෝකයට අවුත් දුක් කළෙවර කෙරේද, මහණෙනි, එසේ වනාහි පුද්ගලතෙම මතුවී පිහිනයි. 
 
8. ´´මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම මතුවී ඈත දියඹට ගියේ වේද, මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීය්‍ර්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීය්‍ර්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. හෙතෙම පංචඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් ඔපපාතික වේද, ඒ ලෝකයෙන් වෙනස් නොවන්නේ පිරිනිවණට යේද, මහණෙනි, එසේ වනාහි පුද්ගලතෙම ඈත දියඹට යෙයි.
 
9. ´´මහණෙනි, කෙසේනම් පුද්ගලතෙම මතුවී පරතෙරට ගියේ වේද? පරතෙරට ගිය බ්‍රාහ්මණතෙම ගොඩ සිටියේ වේද, මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීය්‍ර්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීය්‍ර්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. හෙතෙම ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් අනාශ්‍රවවූයේ, චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මෙලෙව්හිදීම තෙමේ උසස් ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේ පුද්ගලතෙම මතුවී එතරවූයේ වෙයි. පරතෙරට ගිය බ්‍රාහ්මණතෙම ගොඩ සිටියේ වෙයි. මහණෙනි, ජලයට බඳු උපමා ඇති පුද්ගලයෝ සත් දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙති. 

14. සත්තාහුණෙය්‍ය සූත්‍රය

1. ´´මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
2. ´´කවර සත් දෙනෙක්ද යත්? උභතො භාගයෙන් මිදුන තැනැත්තේය, ප්‍රඥාවෙන් මිදුන තැනැත්තේ හෙවත් ශුෂ්ක විදර්‍ශක රහතුන් වහන්සේය, නාම කායයෙන් ධ්‍යාන ස්පර්‍ශය කොට පසුව නිවන් පසක්කොට සිටි තැනැත්තේය, ශ්‍රද්ධාවෙන් මිදුන තැනැත්තේය, ප්‍රථම මාර්‍ග ප්‍රඥාවයයි කියන ලද ධර්‍මය සිහි කරණ තැනැත්තේය, ප්‍රථම මාර්‍ග සංඛ්‍යාත ශ්‍රද්ධාව සිහි කරණ තැනැත්තේය යන සත්දෙනය. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

13. කුලුපගමනඞ්ග සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු සතකින් යුත් ගෙදරකට ගියේ පෙර නොගියේ නම් යන්නට නුසුදුසුය. ගියේද, හිඳගැනීමට නුසුදුසුය.
2. ´´කවර සතකින්ද? ප්‍රිය මනාපයෙන් හුනස්නෙන් නොනැගිටීද, ප්‍රිය මනාපයෙන් වැඳීම නොකෙරේද, ප්‍රිය මනාපයෙන් ආසනය නොදේද, ඕහට ඇති දෙය සඟවාද, බොහෝ ඇතත් ටිකක් දේද, ප්‍රණීත දේ ඇතත් රූක්‍ෂ දෙයක් දේද, සකස්කොට නොව නොසකස් කොට දේද මහණෙනි, කරුණු සතකින් යුත් ගෙදරකට ගියේ පෙර නොගියේ නම් යන්නට නුසුදුසුය. ගියේද, හිඳගැනීමට නුසුදුසුය.
3. ´´ මහණෙනි, කරුණු සතකින් යුක්තවූ ගෙදරකට නොගියේ නම් යන්නට සුදුසුය. ගියේ නම්, හිඳගන්නටද සුදුසුය.
4. ´´කවර කරුණු සතකින්ද? ප්‍රිය මනාපයෙන් හුනස්නෙන් නැගිටීද, ප්‍රිය මනාපයෙන් අභිවාදනය කෙරේද, ප්‍රිය මනාපයෙන් අසුන් දේද, ඕහට ඇති දේ නොසඟවාද, බොහෝ ඇතිකල්හි බොහෝ දේද, ප්‍රණීත දෙය ඇති කල්හි පුණීත දෙය දේද, සකස්කොට දේද නොසකස් කොට නොදේද, මහණෙනි, කරුණු සතකින් යුක්තවූ ගෙදරකට නොගියේ නම් යන්නට සුදුසුය. ගියේ නම්, හිඳගන්නටද සුදුසුය.

12. අනුසයප්පහාණ සූත්‍රය

1. ´´මහණෙනි, සප්ත අනුසයන්ගේ ප්‍රහාණය පිණිස, සිඳීම පිණිස, බඹසර හැසිරෙයි.
2. ´´කවර සතකගේද? අනූනය අනුසයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. පටිඝ අනුසයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. දිට්ඨි අනුසයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. විචිකිච්ඡා අනුසයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. මාන අනුසයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. භවරාග අනුසයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි. අවිජ්ජා අනුසයාගේ ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි.
3. ´´ මහණෙනි, සප්ත අනුසයන්ගේ ප්‍රහාණය පිණිස, සිඳීම පිණිස, බඹසර හැසිරෙයි.
4. ´´මහණෙනි, යම් හෙයකින් භික්‍ෂුවගේ අනූනය අනුසයාද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, පටිඝ අනුසයාද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, දිට්ඨි අනුසයාද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, විචිකිච්ඡා අනුසයාද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, මාන අනුසයාද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, භවරාග අනුසයාද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, අවිජ්ජා අනුසයාද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, මෙයින් භික්‍ෂුව තෘෂ්ණාව සින්දේය. සංයෝජනයන් දුරුකොට දුක් කෙළවර කළේය.

11. සත්තානුසය සූත්‍රය

1. ´´මහණෙනි, මේ අනුසය සතක් වෙති.
2. ´´කවර සතක්ද යත්? කාමානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය, යන මේ සත අනුසය නම් වෙති.