10. වේරහච්චානි සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වහන්සේ කාමණ්ඩා නම් නුවර තෝදෙය්‍ය නම් බ්‍රාහ්මණයාගේ අඹ උයනෙහි වාසය කරති. එකල්හි වෙරහච්චානි ගොත්‍ර ඇත්තාවූ බැමිණියගේ අතවැසි වූ මානවකයෙක් තෙම ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ මානවකයාට ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම දැහැමිවූ කථාවෙන් කරුණු දැක්වීය. සමාදන් කරවූයේය, තෙද ගැන්වීය, සතුටු සිත් ඇති කෙළේය.

2. ඉක්බිති ඒ මානවකතෙම ආයුෂ්මත් උදායී ස්ථවිරයන් විසින් දැහැමිවූ කථාවෙන් කරුණු දක්වන ලද්දේ, සමාදන් කරවන ලද්දේ, තෙද ගන්වන ලද්දේ, සතුටු කරවන ලද්දේ, හුනස්නෙන් නැගිට වෙරහච්චානි නම් ගොත්‍ර ඇති බැමිණිතොමෝ යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් වෙරහච්චානි ගොත්‍රයෙහිවූ බැමිණියට මෙය කීයේය. , පින්වතිය, දන්නේ්ද, උදායී ශ්‍රමණතෙම මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත් වූ, අත්‍ර්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්‍ණවූ ධර්‍මය දේශනා කරයි. පිරිසිදුවූ බ්‍රහ්මචය්‍ර්‍යාව ප්‍රකාශ කෙරේය කියායි.

3. මානවකය, එසේනම් නුඹ මාගේ වචනයෙන් උදායී ශ්‍රමණයන් වහන්සේට සෙට දවස පිණිස බතින් ආරාධනා කරව, – , එසේය, පින්වතියයි, කියා ඒ මානවකතෙම වෙරහච්චානි නම් ගොත්‍ර බැමිණියට උත්තරදී ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් ආයුෂ්මත් උදායී ස්ථවිරයන්ට මෙසේ කීයේය. Continue reading

9. ලෝහිච්ච සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිර තෙම අවන්තී රට මක්කරකට නම් නගරයෙහි ආරණ්‍යයෙහි වූ කුටියෙක්හි වාසය කරති. එකල්හි වනාහි ලෝහිච්ච නම් බ්‍රාහ්මණයාගේ බොහෝ වූ දර ගෙනෙන්නාවූ මානවකයෝ ආයුෂ්මත් මහා කාත්‍යායන සථවිරයන් වහන්සේ ආරණ්‍යයෙහි වූ කුටිය යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ කුටිය හාත්පසින් සිට , මේ මුඩු ශ්‍රමණයෝ වනාහි හීන ගෘහපතියෝය. කිළුටු වූවෝය. බ්‍රහ්මයාගේ පිටිපතුලෙන් උපන්නෝය. මේ රට වැසියන් විසින් සත්කාර කරණ ලද්දාහු, ගෞරව කරණ ලද්දාහු, බුහුමන් කරණ ලද්දාහු, පුදන ලද්දාහු, සැලකිළි කරණ ලද්දාහු වෙත්යයි’ උස් හඬින් මහත් හඬින් කියමින් කුටිය වටේ සක්මන් කරත්, ඔබමොබ හැසිරෙත්. Continue reading

8. නකුලපිතු සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගුරට සුංසුමාරගිරි නම් නුවර මිගදාය නම්වූ භෙසකලා වනයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි නකුල පිතු නම් ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක උන්නේය. එකත් පසෙක උන්නාවූ නකුල පිතු නම් ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. Continue reading

11. (බාහිර) හේතු සූත්‍රය. (3)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. Continue reading

7. භාලිද්දක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂ්මත් මහා කත්‍යායන සථවිර තෙම අවන්තී රට කුරරඝරයෙහි පවතත නම් පර්‍වතයෙහි වාසය කරයි. හකල්හි වනාහි භාලිද්දකානි නම් ගෘහපති තෙම ආයුෂ්මත් මහා කත්‍යායන සථවිර තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ මහා කත්‍යායන සථවිරයන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටු වියයුතු සිහිකටයුතුවූ කථා කොට නිමවා එක් පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ භාලිද්දකානි නම් ගෘහපති තෙම ආයුෂ්මත් මහා කත්‍යායන සථවිරයන්ට මෙය සැල කෙළේය. Continue reading

10. (බාහිර) හේතු සූත්‍රය. (2)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. Continue reading

6. ඝෝසිත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්‍ද සථවිරයන් වහන්සේ කොසඹෑනුවර ඝෝසිතාරාමයෙහි වාසය කරති. එකල්හි වනාහි ඝෝසිත නම් ගෘහපති තෙම ආයුෂ්මත් ආනන්‍ද සථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආනන්‍ද සථවිරයන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටුවියයුතුවූ සිහිකටයුතුවූ කථාකොට නිමවා එක්පසෙක උන්නේය. එක්පසෙක උන්නාවූ ඝෝසිත නම් ගෘහපති තෙම ආයුෂ්මත් ආනන්‍ද සථවිරයන් වහන්සේට මෙය සැල කෙළේය. Continue reading

9. (බාහිර) හේතු සූත්‍රය. (1)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. Continue reading

5. සොණ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි සෝණ නම් ගෘහපති පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ සෝණ නම් ගෘහපති පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. Continue reading

8. (අධ්‍යාත්මික) හේතු සූත්‍රය.