1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වහන්සේ කාමණ්ඩා නම් නුවර තෝදෙය්‍ය නම් බ්‍රාහ්මණයාගේ අඹ උයනෙහි වාසය කරති. එකල්හි වෙරහච්චානි ගොත්‍ර ඇත්තාවූ බැමිණියගේ අතවැසි වූ මානවකයෙක් තෙම ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ මානවකයාට ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම දැහැමිවූ කථාවෙන් කරුණු දැක්වීය. සමාදන් කරවූයේය, තෙද ගැන්වීය, සතුටු සිත් ඇති කෙළේය.
2. ඉක්බිති ඒ මානවකතෙම ආයුෂ්මත් උදායී ස්ථවිරයන් විසින් දැහැමිවූ කථාවෙන් කරුණු දක්වන ලද්දේ, සමාදන් කරවන ලද්දේ, තෙද ගන්වන ලද්දේ, සතුටු කරවන ලද්දේ, හුනස්නෙන් නැගිට වෙරහච්චානි නම් ගොත්‍ර ඇති බැමිණිතොමෝ යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් වෙරහච්චානි ගොත්‍රයෙහිවූ බැමිණියට මෙය කීයේය. , පින්වතිය, දන්නේ්ද, උදායී ශ්‍රමණතෙම මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත් වූ, අත්‍ර්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්‍ණවූ ධර්‍මය දේශනා කරයි. පිරිසිදුවූ බ්‍රහ්මචය්‍ර්‍යාව ප්‍රකාශ කෙරේය කියායි.
3. මානවකය, එසේනම් නුඹ මාගේ වචනයෙන් උදායී ශ්‍රමණයන් වහන්සේට සෙට දවස පිණිස බතින් ආරාධනා කරව, – , එසේය, පින්වතියයි, කියා ඒ මානවකතෙම වෙරහච්චානි නම් ගොත්‍ර බැමිණියට උත්තරදී ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් ආයුෂ්මත් උදායී ස්ථවිරයන්ට මෙසේ කීයේය. Continue reading