1. “මහණෙනි, මේ වීය්‍ර්‍ය සතරෙකි. කවර සතරක්ද යත්?
2.. “සංවර ප්‍රධානය, ප්‍රහාණ ප්‍රධානය, භාවනා ප්‍රධානය, අනුරක්‍ෂණ ප්‍රධානය යන සතරයි.
3. “මහණෙනි, සංවර ප්‍රධානය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපයක් දැක,
4. “නිමිති නොගන්නේ වේද, අනුව්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් චක්‍ෂුරින්‍ද්‍රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්‍යා, ව්‍යාපාද සංඛ්‍යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී.
5. “චක්‍ෂුරින්‍ද්‍රියය රකී. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
6. “කණින් ශබ්දයක් අසා නිමිති නොගන්නේ වේද, අනුව්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් සොතෙන්‍ද්‍රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්‍යා, ව්‍යාපාද සංඛ්‍යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී. සොතෙන්‍ද්‍රියය රකී. සොතෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. Continue reading