10. යොග විසංයොග සූත්‍රය.

1. “මහණෙනි, මේ (සසරෙහි බඳින අත්‍ර්‍ථයෙන්) යෝගයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්?

2. “කාමයෝගය, භවයෝගය, දිට්ඨියෝගය, අවිජ්ජායෝගය යන සතර දෙනයි.

3. “මහණෙනි, කාමයෝගය කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැමෙක් කාමයන්ගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දොසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදනීද, කාමයන්ගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දොසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදන්නාවූ ඔහුට කාමයන්හි යම් කාමරාගයක් ඇද්ද, කාම සතුටක් ඇද්ද, කාම ස්නේහයක් ඇද්ද, කාම මූර්ඡාවක් ඇද්ද, කාම පිපාසයක් ඇද්ද, කාම දැවිල්ලක් ඇද්ද, කාමයට බැස ගැන්මක් ඇද්ද, කාම තෘෂ්ණාවක් ඇද්ද, එය උපදී. මහණෙනි, මේ කාමයොගයයි කියනු ලැබේ. කාමයොගය මෙසේයි. Continue reading