1. “මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූ මහණතෙම පිරිහීමට නුසුදුසුය. නිවන සමීපයෙහිම වේ. කවර සතරකින්ද යත්.
2. “මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම, සීලයෙන් යුක්තවේද, ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වේද, භොජනයෙහි පමණ දන්නේද, නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද,
මහණෙනි, මහණ තෙම කෙසේ සීලයෙන් යුක්ත වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම, සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරවූයේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූයේ වේද, සුලු වරදෙහිද භය දක්නා සුළු වේද, ශික්‍ෂාපද දැඩිකොට ගෙන හික්මේද, මහණෙනි, භික්‍ෂුව මෙසේ සීල සම්පන්නයෙක් වේ. Continue reading