28. (මහා) අරියවංශ සූත්‍රය.

1. “මහණෙනි, මේ ආය්‍ර්‍යවංස සතර අග්‍රයයි දත යුත්තාහ. බොහෝ පැරණියයි දත යුත්තාහ. වංශය (පරපුර) යයි දත යුත්තාහ. අථත් දෙයක් නොවේයයි දත යුත්තාහ. බැහැර නොකරණ ලද්දාහ. පෙර බුදුවරයන් විසිනුදු අත් නොහරින ලදහ. දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් අත්නොහරින්නාහ. ශ්‍රමණයන් විසිනුදු, බ්‍රහ්මණයන් විසිනුදු, නුවණැත්තන් විසිනුදු ගර්‍හා නොකරණ ලද්දාහ. කවර සතර දෙනෙක්ද යත්? Continue reading

9. තණ්හුප්පාද සූත්‍රය.

9. තණ්හුප්පාද සූත්‍රය.

1. “මහණෙනි, භික්‍ෂුවට තණ්හාව උපදිනුයේ යම් තැනෙක්හි උපදීද, මේ තෘෂ්ණාව උපදින කරුණු සතරකි. කිනම් කරුණු සතරක්ද යත්?

2. “මහණෙනි, භික්‍ෂුවට තෘෂ්ණාව උපදිනුයේ චීවර හේතුකොටගෙන හෝ උපදී. මහණෙනි, භික්‍ෂුවට තෘෂ්ණාව උපදිනුයේ පිණ්ඩපාතය හේතුකොටගෙන හෝ උපදී. මහණෙනි, භික්‍ෂුවට තෘෂ්ණාව උපදිනුයේ සේනාසන හේතුකොටගෙන හෝ උපදී. මහණෙනි, භික්‍ෂුවට තෘෂ්ණාව උපදිනුයේ ගිලන්පස හේතුකොටගෙන හෝ උපදී.

3. “මහණෙනි, භික්‍ෂුවට තෘෂ්ණාව උපදිනුයේ යම් තැනෙක්හි උපදීද, මේ තෘෂ්ණාව උපදවන කරුණු සතරයි.

4. “තෘෂ්ණාව දෙවෙනිකොට ඇති පුරුෂතෙම දීර්‍ඝ කාලයක් මුළුල්ලෙහි සැරිසරන්නේ, සංසාරය මේ ආත්මභාවයට හෝ අනාගතතාත්මභාවය යන සංසාරය නොඉක්මවත්. තෘෂ්ණාව දුක්ඛයාගේ හේතුවයයි මේ ආදීනවය දැක මහණතෙම පහවූ තෘෂ්ණා ඇත්තේ, තණ්හාවෙන් නොගන්නේ, සිහි ඇත්තේ පිරිනිවෙන්නේය.”